ගෙදර ගිනි පිටට නොදී දෙන්නා දෙමහල්ලන්ගෙ ප්‍රශ්න විසඳා ගන්න අපූරු ක්‍රමය.

” ගෙදර ගිනි පිටට දෙන්නෙපා ” කියලා කතාවක් ඔබ අහලා ඇති. නමුත් බොහෝ යුවලවල් ගොඩක් වෙලාවට කරන්නෙම ඒක. ඒ සදහා බලපාන ප්‍රදාන හේතුව ලෙස දෙදෙනා අතර ඇතිවන ගැටලුවක් ඔබ දෙදෙනා අතරෙදි විසදගන්න බොහෝ දෙනෙක් නොදැන සිටීම දක්වන්න පුලුවන් . ඉතින් මේ ගැනයි අද අපේ සාකච්ඡාව.

ඇත්තටම කාන්තාවකට විවාපත් වෙනකොට ඇගේ අලුත් ජීවිතය ඇතුලේ ඇතිවන ගැටලු විසඳගන්නෙ කොහොමද කියන එක ගැන හරි හැටි අවබෝධයක් නොතිබෙන්නට පුලුවන්.

නමුත් ඔබ අවබෝධ කරගන්නම ඕන දෙයක් තමයි ඔබ දෙදෙනාගෙ ගැටලු ඔබෙ දෙදෙනාගෙන් එහාට ගිය විට සිදුවන්නෙ ගැටලු උඩ දිවීම පමණක් බව .

ඇත්තටම ඔබ දෙදෙනාගෙන් බාහිර පුද්ගලයනෙගෙන් උදව් උපකාර නොගෙන ඔබේ ගැටලු විසද ගන්න බැරිද ?
අපි අද ඒ ගැන කතා කරන්න හිතුව. මේ පියවරයන් වගේම උපක්‍රම තුලින් ඔබේ ගැටලු උඩුදුවන්න පෙරෙ විසද ගන්න හැකි වේවී

කෝප ගෙන කෑගසන්න පෙර සාකච්ඡා කරන්න

මෙය ඉතාම වැදගත් දෙයක්. මෙමගින් බොහෝ ආරවුල් දුර දිග නොයා විසඳගන්න පුලුවන් . නමුත් මෙයට ඔබගේ ඉවසීම ඉතාම වැදගත් වෙනවා.ඔබේ සහකරු සමග කෝප නොගෙන , සුදුසු වෙලාවක් බලා අදාල ගැටලුව ගැන ඔහු හා සාකච්ඡා කරන්න.ඔහුගේ මතයන් විමසා බලන්න.ඔබ ඔහු හා තර්ක කරන්නට පෙළඹෙන්න පෙර ඔහුගෙ අදහස් පවසන්න ඔහුට ඉඩ දෙන්න අමතක කරන්න එපා.හැබැයි ඒ කිසිම විටකත් ඔබ තුල ක්ශණික කෝපයක් ඇති වන්නට ඉඩ දෙන්න එපා

වැරදි පිළිගන්න

ඔහු ඔහුගේ අදහස් පවසන විට ඔබට ඔබේත් වරදක් ඇති බව හැඟෙනවා නම් නොපමාව එය පිළිගන්න.ඔබේ අත වරදක් ඇති බව දැනෙද්දිත් ඔබ එය මග හැර වෙනත් කරුණු ඉදිරිපත් කරනවා නම් ඇත්තටම ඔබ දෙදෙනා සාකච්ඡා කිරීමෙනුත් පලක් නෑ.ඒ නිසා ඔහු ඔබේ වරදක් පෙන්වා දෙනවා නම් එය නිහතමානීව පිළිගන්න

දොස් පවරන්න එපා

ඔබ දෙදෙනා අතර මොන ගැටලු ඇතිවුනත් ඔහුට කිසිම විටක දොස් පවරන්න එපා.දොස් පැවරීම වෙනුවට ඉතා ඉවසීමෙන් ඔහුට දේවල් පහදා දෙන්න ඔබට පුලුවන්.ඒ වගේම ” ඔබට මෙහෙම නොකර ඉන්න තිබුනා , ඔබ මෙහෙම නොකලා නම් හොඳයි නේද ” වැනි දේවල් කියමින් ඔහුගෙ හිත නොරිදෙනා ආකාරයට ඔහුගේ අඩුපාඩුවක් ඇත්නම් ඔහුට එය පෙන්වා දෙන්න ඔබට පුලුවන්

ශබ්ද නගා කතා කරන්න එපා

ගොඩක් දෙනා කරන වරදක් තමයි මේක.ඔබ දෙදෙනා ගැටලුවක් ගැන සාකච්ඡා කරන විට ඔබේ හඬ ගැන ,ඔබ යමක් පවසන විලාසය ගැන බොහොම සැලකිලිමත් වෙන්න.ඔබේ හඬෙහි උස් ස්වභාවයක් තිබුනොත් එය ඔහු කෝපයට පත් වෙන්න හේතුවක් වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ ප්‍රකාශ කරන දේවල් වල යම් කෝපයක් තැවරි තියනවා කියලා ඔහුට දැනුනොත් ප්‍රශ්නය උග්‍ර අතට හැරෙන්නත් පුලුවන් . ඒ නිසා ඔබේ හඬෙහි ස්වභාවය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න

ගැටලුව උග්‍ර වන හැසිරීම් සහ කතා

ඔබ දෙදෙනා යම් ගැටලුවක් ගැන සාකච්ඡා කරනකොට ඔබ අනෙකා දෙසට ඇඟිලි දික් කරන්න ගියොත් , අනෙකාට පහර දෙන්නට හෝ සූදානම් බවක් පෙන්නුවොත් අනෙකා තව තව කෝපයට පත් වෙන්නට පුලුවන්.ඒ විතරක් නෙමෙයි ඔබේ සහකරු කෝපයට පත් වෙන ආකාරයෙ දේවල් කියන්න ඉක්මන් වෙන්නත් එපා.ඔහුව අත හැර දමන්නට සිතෙන බව , ඔහුට පහර දෙන්නට සිතෙන බව , ගෙදරින් යන්න හිතෙන බව , ඔහුව තෝරාගත්තේ මෝඩකමට බව, වැනි දේවල් කියන්න ගියොත් නම් ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙන්න පුලුවන්

ගැටලුව හඳුනාගන්න

ඇත්තටම ගැටලුවක් තියෙනවද ? මෙය ඔබ කලබල විය යුතු දෙයක්ද කියලා හැම විටම හිතන්න.ඔබ කලබල වන්නේ ඇත්තටම ගැටලුවක් වන දෙයක් සඳහාද කියලා කල්පනා කරන්න.සියල්ලටම කලින් ගැටලුවේ ඇතිවුනේ ඇයි , වැරදුනේ කොතනද යනුවෙන් ගැටලුවේ මූලය කුමක් දැයි හඳුනාගන්න.එවිට ඔබට අදාල ගැටලුව සමථයකට පත් කරගන්න පුලුවන් වගේම නිස්කාරනේ ඔබ දෙදෙනාගේ කාලය නාස්ති වීමක් වගේම හිත් අමනාපකම් ඇති වන්නේත් නෑ.

සම්මුතියකට එළඹෙන්න

ඕනෑම ගැටලුවකදි ඔබ දෙදෙනාගේම හිත නොරිදෙන ආකාරයේ සම්මුතියකට එළඹෙන්නට ඔබ දෙදෙනාට පුලුවන්.දෙදෙනාටම හොඳ යැයි හැඟෙන , වඩාත් සුදුසු තීරණයකට පැමිණීමට එහිදි ඔබ දෙදෙනාට පුලුවන් .

සමාව ගන්න / සමාව දෙන්න

සියල්ල අවසානයේ ඔබ දෙදෙනාම මෙය කරනවා නම් ඔබ අතර ඇති ආදරය වැඩි වන්න එය හේතුවක් වනවා. සමාව ගැනීමට කිසිම වෙලාවක පසුබට වන්නට එපා.අනෙකා ඔබෙන් සමාව නොගත්තත් ඔබ සමාව ඉල්ලන්න.ඒ වගේම අනෙකා ඔබෙන් සමාව ඉල්ලනවා නම් සමාව දෙන බව නොපමාව පවසන්න.

පවුලක් තුල යම් යම් ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ ගැටලු ගැන පිටස්තර පුද්ගලයන් ඉදිරියේ පැවසීම යනු ඔබ ඔබේම පවුල් ජීවිතය සහ ඔබේම සහකරුව හෑල්ලුවට ලක් කිරීමක්.ඒ නිසා කිසිම වෙලාවක ඒ වරද කරන්න එපා.ඉතින් මේ පියවරයන් අනුගමනය කරලා ඔබේ ගෙදර ඇතිවෙන ගැටලු විසඳගන්න උත්සහ කරන්න කියලා අපි ඔබට යෝජනා කරනවා

Related Articles

Don't Miss


Latest Articles