අසැබි ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට බිය ගන්වා කාන්තාවන්ගෙන් මුදල් සෙවූ පුද්ගලයෙක්.

ෆේස්බුක් සමාජ ජාලය බොහොම සීරුවට හැසිරිය යුතු මාධ්‍යයක්.ඉන් යහපත් ප්‍රයෝජන ලබා ගනිමින් තමන්ගේ ව්‍යාපාර වලට පාර කපා ගන්නියන්, තමන්ගේ දක්ෂතා වලට පාර හොයා ගන්නියන් අප අතර ඕනතරම්.නමුත් ෆේස්බුක් හරහා අනියම් සම්බන්ධතා ගොඩ නගා ගනිමින් ජීවිතය අපායක් කර ගන්නා ගැහැනු අප අතර ඉන්නවා.

සිතාරා කියන්නේ මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ සේවාදායිකාවක්.ඉතා අසීරු මට්ටමකදී උපදේශනයට යොමු වූ සිතාරාගේ කතාව අද අපි ඔබට කියන්න හිතුවා.

සිතාරා තිස් හැවිරිදි තරුණ කාන්තාවක්.ඇය ගෙදර ඉන්නේ තනියම.සැමියා රැකියාව කරන්නේ විදේශ රටක.කිසිම අඟහිඟයක් නැති සිතාරාට තවම දරුවන් ඇත්තේත් නෑ.පාළු ජීවිතයක් ගෙවද්දී ඇයට අකිල මුණ ගැහෙනවා.අකිලට විවාහයට පෙම්වතියක් සිටියදී පවා ඔහු සිතාරා එක්ක සම්බන්ධතාවයක් පටන් ගන්නවා.මෙය ලිංගික සම්බන්ධතා දක්වා දුරදිග යනවා.නමුත් අකිලට සිතාරා විවාහ කරගන්නට උවමනා නෑ.ඔහු තමන් කරන්නේ වරදක් බව තේරුම් ගිය මුල්ම අවස්ථාවේ සිතාරා සමඟ සම්බන්ධතා නවතා දමනවා.

සිතාරා දැඩි ලෙස මානසික ඇද වැටෙනවා.ෆේස්බුක් මත විවිධ විරහ පෝස්ට් ඇය ශෙයාර් කරද්දී හිතවතුන් සිතන්නේ ඇය සැමියා ළඟ නැතිකම නිසා දුකින් බව.ඒත් ඇගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටිය ශෙහාන් ඇයගෙන් ඒ ගැන විමසන්නට පටන්ගන්නවා.කිසිදා දැක නැති, මිතුරුකමක් නැති ශෙහාන්ට සිතාරා ඉතා අනුවණ ලෙස අකිල ගැන සියලුම දේ කියනවා.වෙන එකක් තබා ඔහු රැකියාව කරන තැන, අකිලගේ සහ ඇගේ ඡායාරූප පවා යවනවා.

එක්තරා රාත්‍රියක දී ශෙහාන් සිතාරාට එවන්නේ අමුතු පණිවිඩයක්.

“සිතාරා මට ඔයාගේ naked photo එකක් ඕන”

සිතාරා එය ප්‍රතික්ෂේප කර ශෙහාන්ට බැන වදිනවා.

“තමුසෙ දන්නවද? මං ගාව අකිලගෙ ඔක්කොම විස්තර තියනවා.මං ඒවා තමුසෙගෙ මිනිහට යවන්න කලින් මං කිව්ව දේ කරනවා..”

ඉතා ජුගුප්සාජනක ලිංගික හැසිරීම් වල සිතාරාට නිරත වන්නට වන කාලය ඇරඹෙනවා.හැම රාත්‍රියකම සෙක්ස් චැට් කරන්නට වීම, කැමරාව ඉදිරියේ තම සිරුර පෙන්වමින් ශෙහාන්ට ස්වයං වින්දනය කරන්නට දීම,ඔහු විදේශීය අසභ්‍ය වීඩියෝ එවූ පසු ඒ ආකාරයෙන් හැසිරීම ඇයට කරන්නට වෙනවා.

නමුත් ශෙහාන් ඇය දකින්නට එන්නේවත් ඔහුගේ මුහුණ සහිත නිරුවත් ඡායාරූප එවන්නේවත් නෑ. අනිත් කාරණාව ඔහු ඇගෙන් ඇති තරම් මුදල් ගසා කනවා.සිතාරාට ජීවිතය කළකිරෙන්නට පටන් ගන්නේ ඉන්පසුවයි.ඇය ජීවත් වෙන්නෙ කොයිමොහොතක හෝ ඇගේ ඡායාරූප අසභ්‍ය වෙබ් අඩවිවල පළ වේයැයි බියෙන්.ඇයට ඇය ගැන පිළිකුල ඇති වීම නිසා සියදිවි නසා ගන්නට සිතෙනවා.

සියදිවි නසා ගන්නට ඕනෑ වුවත් එය නොකර සිතාරා රත්නා මහත්මිය සොයා එනවා.දැඩි මානසික පීඩාවන්ට ප්‍රතිකාර ගන්නා අතර ඇය රත්නා මහත්මියගේ උපදෙස් පරිදි නීතිය ඉදිරියට ගොස් ශෙහාන් නීතියේ රැහැනට අසු කර දෙනවා.

ඉතින් අපට ඔබට කියන්නට ඇත්තේ මෙපමණයි.

ෆේස්බුක් අවකාශය සුන්දර ලෙස හැසිරිය හැකි තැනක්.එහි පිසාචයන්ගේ ගොදුරු වෙන්නට එපා.කවුරුන් හෝ ඔබ බ්ලැක් මේල් කරනවනම් බිය නොවී නීතිය ඉදිරියට යන්න. නිරුවත් ඡායාරූප ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ලිංගික හිංසනය යටතේ ඔබට ක්‍රියාත්මක වෙන්න පුලුවන්.

සැමියා ලඟ නැති නිසා ඔබ පාලුවෙන් ඉන්නවා නම් ඔහු හා ඒගැන කතා කරන්න.ඔහු වෙතට යාම,සැමියා ගෙන්වාගෙන ව්‍යාපාරයක් ඇරඹීම වගේම ඔබ කිසිවක් නොකර ගෙදරට වී ෆේස්බුක් නොයා රැකියාවක් කිරීම,ස්වයං රැකියාවක් කිරීම ඇත්තටම හොඳ දෙයක්.කාර්යබහුල වු පසු එක් එක් අයගේ උගුල්වල වැටෙන්නට ඔබට වෙලාවක් නෑ.

ඒ නිසා නිතරම ඔබ ඔබ ගැන සැලකිලිමත් වෙන්න.ඔබ අතින් ඔබට වරදක් වෙන්නට ඉඩ තබන්න එපා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ උපදේශන සේවය ඔබට අවශ්‍ය නම් 0714113457 / 0740650012 යන Whatsapp අංක ඔස්සේ පනිවිඩයක් යවා ඇගේ වෘත්තීයමය සේවය ලබාගන්නා ආකාරය දැනගත හැකියි.

Related Articles

Don't Miss


Latest Articles