ඔබ දෙදෙනාගේ ලිංගික එක්වීම සුන්දර සහ රසවත් මොහොතක් කරන රහස් 6ක්.

විවාහයක් පවත්වාගෙන යන්න ආදරය, සහයෝගය,තේරුම් ගැනීම වගේම ලිංගික සම්බන්ධතා ද ලොකු කාර්යභාරයක් එකතු කරනවා.ලිංගික සතුට ලැබීමේ දී දෙදෙනාම තෘප්තිමත් වෙන ආකාරයෙන් ඒ බැඳීම පවත්වා ගන්නවා නම් ඔබේ ආදරය සහ පවුල් ජීවිතයේ පැවැත්මට ඉන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්.

දෙදෙනාම සතුටු වෙන අන්දමට ලිංගික එක්වීමක් පවත්වාගන්න වැදගත් වන ඉරියව් අපි දවසක් කතා කළා

ඒත් ඉරියව් සහ ලිංගික ක්‍රියාවලිය පමණක් අපේ මානසික සහනයට හේතු වෙන්නේ නෑ.බැඳීම රසවත් කරන්නේත් නෑ. එය සුන්දරම මොහොතක් කර ගන්න අපිට විව්ධ සුන්දර ක්‍රම අත්හදා බලන්න පුලුවන්.

සරාගී නිදන ඇඳුම්

සරාගී නිදන ඇඳුමක් කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය ඔප් නංවන්නට සමත් වෙනවා. ඔබට දැන් අන්තර්ජාලය ඔස්සේ වුවත් මේ වගේ ඇඳුම් ඕඩර් කරන්න පුලුවන්.මේ ඇඳුමකින් සැරසී සැමියාට මුහුණ දී බලන්න.ආයෙම මධු සමයට ගියා වගේ ඔබට හිතෙයි.

කාමරය සරසන්න.

ඔබ දෙදෙනා වඩා ප්‍රිය කරන මල් සුවඳ සහිත air freshner එකක් කාමරයේ තැබීම, විදුලි පහන් නිවා දමා ඉටිපන්දම් දැල්වීම,දැන් වඩා සුන්දර කාමර අලංකරණයක් ලෙස ප්‍රචලිත fairy lights වලින් කාමරය ආලෝකමත් කිරීම වගේම දවස් ගණනක් පැරණි ඇතිරිලි ඉවත දා අලුත් ඇඳ ඇතිරිලි වලින් ඇඳ සැරසීම, ඔබේ සම්බන්ධතාවය වර්ණවත් නොකර ඉඳිවී ද?

නිදන කාමරයම ඕනෑද?

ඇත්තටම ගෙදර ඉන්නේ ඔබ දෙදෙනා විතරනම් ලිංගික එක්වීමට කාමරයම අවශ්‍ය නෑ.නාන කාමරයේ වතුර මල යට, පිටතට නිරාවණය නොවන බැල්කනිය මත, ඔබේ ලයිබ්‍රි කාමරයේ බීන් බෑග් එකක් මත ආදරයෙන් වෙලී බලන්න.වෙනදාට වඩා ඔබ තෘප්තිමත් නේද? මුළුතැන්ගෙයට වෙලා සහයෝගයෙන් ආදරෙන් කෑමක් හදා ගෙන පිරිසුදු වෙලා ආහාර අරගෙන ඔබේ ලිංගික කටයුතු පටන් ගන්න.ඒ කියන්නේ ඔබේ fore play එක තරමක් දිගු සරාගික එකක් වෙනවා කියන එකයි.

පුංචි මත් වීමක්

මෙය සාපේක්ෂ කාරණාවක්.රෙඩ් වයින් එකකට වගේ ඔබේ ලිංගික සම්බන්ධතාවය බොහොම සුන්දර එකක් කිරීමට ලොකු හැකියාවක් තියනවා.ඔබ ඇල්කොහොල් භාවිතයට අකමැති නම් කෝපි කෝප්පයක් ඔබේ සම්බන්ධතාවය වඩා සුන්දර එකක් කරයි.ඒ මොනවත් නැත්නම් රසවත් චොකලට් එකක් වුණත් ඔබේ සරාගී සම්බන්ධතාවය පටන් ගන්න උදව් කරයි.

සංගීතය

සංගීත නාදයකට ඔබට නැවුම් හැඟීම්, ප්‍රේමණීය හැඟීම් ඇති කරන්න පුලුවන්. ඔබ ලිංගිකව එක් වෙන තැන ඔබ දෙදෙනා වඩා ප්‍රිය කරන සංගීත නාදයක් වාදනය වෙන්න හරින්න.ඔබ දෙදෙනා මුහුදු රළ හඬට, වැස්සේ හඬට කැමති නම් ඒවාගේ නාදයක් වුණත් වාදනය වෙන්න ඉඩ හරින්න ඔබට පුලුවන්

ලුබ්‍රිකන්ට් පාවිච්චියට ගන්න.

සමහර වෙලාවට ඔබට ලිංගික එකතු වීම් රිදීම් ඇති කරන්න පුලුවන්.වඩා පහසුවෙන් තෘප්තිමත් වෙන්න ඔබට ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චියට ගන්න පුලුවන්.ඔබ අසීරුවෙන් ඉන්න එකෙන් වෙන්නේ දෙදෙනාටම තෘප්තිය අහිමි වී යාමක්.

ආදරය උතුරා යන ලිංගික සම්බන්ධතාවයක් මේ විදියට සැලසුම් කර ගත්තාම ඔබ දෙදෙනාම උපරිම සතුටට පැමිණෙන එක ඒකාන්තයි නේද? ජීවිතය සුන්දරව විඳිමින් ආදරෙන් ඉන්න ඔබට හැකි වේවා!

Related Articles

Don't Miss


Latest Articles