ඇඹරැල්ලා වෙනස් රසයට රසවත්ව පිළියෙල කළ හැකි ක්‍රම.

ඇඹරැල්ලා කියන්නේ කවුරුත් කන්න කැමති ,ගොඩක් දෙනාගේ නිවෙස් වල තියන පලතුරක්. අද අපි ඔබ කියන්නේ ඇඹැරැල්ලා පිළියෙල කරගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැනයි.ඔබේ ආහාර වේලට වෙනස්ම රසයක් එකතු කරගන්න මේ රෙසිපි වලින් ඔබට පුලුවන් වේවි

ඇඹැරැල්ලා චට්නි

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ඇඹරැල්ලා 1kg
  • සීනි ග්‍රෑම් 600
  • ඉඟුරු ග්‍රෑම් 20
  • විනාකිරි කෝප්ප 1
  • සුදුළූණු බික් 6 – 7
  • එනසාල්
  • කරාබු නැටි
  • මිරිස්කුඩු තේ හැඳි 5
  • ලුණු ස්වල්පයක්
  • කුරුඳු පොතු කැබැල්ලක්

හදන්නේ මෙහෙමයි

  • මුලින්ම ඉඟුරු, සුදුළූණු, එනසාල්, කරාබු නැටි හා කුරුඳු පොතු සියල්ල විනාකිරි කෝප්ප 1/2 සමඟ හොඳින් බ්ලෙන්ඩර් කරගන්න
  • ඊලගට භාජනයක් ලිප තබා බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය එයට එකතු කර, ඉතුරු විනාකිරි ටික සහ සීනිද එකතු කරන්න
  • රස අනුව ලුණු එකතු කරන්න
  • සීනි දියවී උතුරන විට කපාගත් ඇඹරැල්ලා ටික එකතු කරන්න.ඉන්පසු මද ගින්දරේ හොඳින් හැඳි ගාගන්න.
  • ඉස්ම හිඳී නොයන සේ යන්තම් තෙත ගතිය ඉතිරි වන තෙක් හැඳිගාගෙන ලිපෙන් ඉවත් කරගන්න

ඇඹැරැල්ලා තෙම්පරාදුව

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • පෙති ලෙස කපා ගත් මදක් ඉදුණු ඇඹරැල්ලා ගෙඩි 5 – 6
  • කපා ගත් රතු ළූණු ගෙඩි 7 – 8
  • කැලි මිරිස් තේ හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1/4
  • ලුණු ස්වල්පයක්
  • කපා ගත් අමු මිරිස් කරල් 2 – 3
  • පොල් තෙල් මේස හැඳි 2
  • රම්පේ
  • කරපිංචා
  • කරඳමුංගු
  • සිනි තේ හැඳි 1
  • කපා ගත් කජු මද 25g
  • වතුර කෝප්ප 1 /4

හදන්නේ මෙහෙමයි

  • මුලින්ම ඇඹරැල්ලා සමග රතු ළූණු, අමු මිරිස්, කැලි මිරිස්, ලුණු සහ කහ සියල්ල හොඳින් මිශ්‍ර කර පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න
  • භාජනයක් ලිපේ තබා එයට තෙල් එකතු කර රත් වන විට කරඳමුංගු, රම්පේ, කරපිංචා දමා රත් වන විට කලින් සූදානම් කරගත් ඇඹරැල්ලා එකතු කර හොඳින් කවලම් කරගන්න
  • දැන් වතුර එකතු කර මද ගින්නේ පිස ගන්න.
  • ඇඹරැල්ලා තැම්බුනු පසු සිනි එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් ඉවත් කරගන්න

ඇඹරැල්ලා මාලුව

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ඇඹරැල්ලා ගෙඩි 6
  • රටළුෑණු ගෙඩි 1
  • සුදුලූණු බික් 4 – 5
  • අමුමිරිස්
  • කරපිංචා
  • රම්පේ
  • කුරැදුපොතු
  • එනසාල් ඇට
  • කරාබුනැටි
  • උම්බලකඩ කුඩු
  • මිරිස් කුඩු
  • අමුතුනපහ
  • ගම්මිරිස් කුඩු
  • කහ කුඩු
  • බැදපු තුනපහ
  • ලුණු ස්වල්පයක්
  • සීනි

හදන්නේ මෙහෙමයි

  • මුලින්ම ඇඹරැල්ලා ටික පොතු ඉවත් කර හොඳින් සෝදා කෑලි වලට කපා ගන්න
  • ඉන්පසුව එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු යොදා හොදට කලවම් කර පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න
  • දැන් කුඩාවට කපා ගත් සුදුලූණු, රටළුෑණු සහ අමුමිරිස් ඇඹරැල්ලා එකට එකතු කර නැවත හොදින් කලවම් කරන්න
  • දැන් භාජනයක් ලිප තබා එය රත් වු පසු එයට පිළිවෙලින් මිරිස් කුඩු, අමුතුනපහ කුඩු, කහ කුඩු, එනසාල්, කරාබුනැටි, කුරැදුපොතු, කරපිංචා , රම්පේ එක් කර බැද ගන්න
  • ඉන්පසු එයට ඇඹරැල්ලා එකතු කර හොදින් කලවම් කර ඇඹරැල්ලා වැසෙන පුමාණයට වතුර එකතු කරන්න
  • දැන් එය මද ගින්දරේ තැම්බෙන්නට හරින්න
  • වතුර සිඳීගෙන එන විට උකු පොල්කිරි ටිකක් එක් කර මිශ්‍ර කරන්න
  • අවසානයට ලුණු රස මදි නම් නැවත ලුණු එකතු කර, ඉන්පසුව සීනි ටිකක් ද එකතු කර මද ගින්නේ හොදින් හිදෙන්න අරින්න.

Related Articles

Don't Miss


Latest Articles