fbpx

හේමන්ත සන්ධ්‍යා -34

ගොඩනැගිල්ලෙහි මතු මහලේ විසල් වීදුරු බිත්තියෙන් පෙනෙන නගරය සහ වීදිය, සංචලනය වන චිත්‍රයක් මෙනි. මිනිස්සු කුහුඹුවන් මෙන් කඩිනමෙන් ඒ මේ අත යති. ඔවුන් ගේ හිත් ඇතුළේ කවරාකාර සිතිවිලි හා බලාපොරොත්තු කුළු ගැන් වී ඇත් දැයි කාට නම් කිව හැකි ද? පිටතින් බැලූ කල ඒ සෑම මිනිසෙකු ම එක හා සමාන ය. සමාන අවයව හා පද්ධතීන් ගෙන් සමන්විත වෙති. නමුත් ආත්මය කිසි සේත් වෙනකෙකු හට සමාන නැත.  

නිකිනි ඔවුන් දෙස නෙතු රඳවා ගෙන සිටියේ විදත් ගේ ප්‍රශ්නය හිත ඇතුළේ හොල්මන් කරත් දී ය.

“ම්…එනවද මාත් එක්ක  යන්න”

නිකිනි විදත් ගේ දෙනෙතු මත සිය දෑස් තබා විකසිත කළා ය.

“ඔයා ඉන්න ඕන තැනක් මට දිව්‍ය ලෝකයක් වගේ දැනෙයි…ඒත්…”

විදත් තිගැස්සී ගියේ ය.

“ඇයි ඒත් කිව්වෙ….”

“ඒත් මං කොහොම එහෙම යන්නද…”

ඇය වචන ගලපා ගත්තේ අසීරුවෙනි. විදත් ටික වෙලාවක් මුණිවතින් කල්පනා කරමින් සිටියේ ය. ඔහු වෙත වූයේ මහත් වියවුල් සහගත බවකි. නිකිනි ට රට හැර යමු කියා බලපෑම් කරන්න ට කොහෙත් ම ඔහු ට නුපුළුවන.

“මට තේරෙනව”

වැවී ගෙන එන තැන් තැන් හි සුදු වූ රැවුල් කොට සහිත නිකට පිරිමදිමින් විදත් ඇහෙන නෑහෙන ගානට මිමිණුවේ ය.

“ජීවිතේ කඩා ගෙන ම වැටුණ වෙලාවේ ඔයා අමාරුවෙන් ගොඩ නගා ගන්න ගිය ලෝකෙ…මේ දේවල් අතෑරල මාත් එක්ක යන්න ඔයාට හිත හදා ගන්න බැරුව ඇති”

“අහස සක්වල හරි අත්ඇරල එන්න මට පුළුවන්. ඔයා ඉන්න අපායකට හරි…ඒක දිව්‍ය ලෝකයක් කියල හිතං එන්න මට පුළුවන්…මේ බුක් ශොප් එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ…”

“එහෙනං…”

ඇගේ ඇස් වල දිළිසෙන කඳුළක් ඔහු ට දැකිය හැකි වූයේ ය. එකඳුළ එක නිමේශයකදී ඇස් වලට බර වැඩි වී කම්මුල් තලා දිගේ පහළට රූටා එන්නට වූයේ ය. මේසය මතට ‘ටක්’ හඬින් කඳුළු බිඳු දෙක පතිත විය. ඒ අසල වූ අලුත් පොත බේරුණා යි ඒ අව් අස්සේ ම නිකිනි ට සිතිණි.

“නිකිනි…ඇයි මැණික…”

විදත් සිය රෝස පැහැති දිගු ඇඟිලි වලින් ඇගේ දෙ කොපුල් අල්ලා ගනිමින්, මහපට ඇඟිලි දෙකෙන් ඇස් වල තෙත පිස දා හැරියේ ය. ඈ සිය කම්මුලක් උරහිස දෙසට බර කොට විදත් ගේ වමත උරහිස ත් කම්මුල ත් අතරේ තද කොට ගත්තා ය.

“ග්‍රැනීයි පප්පයි…”

ඕ තද කොට යටි තොල් පට සපා ගත්තා ය. ආයේමත් වැහි වලාකුළු සේ ඇස් බර වී ගෙන ආවේ ය.

“ඒ දෙන්නව කවුද බලන්නෙ…”

“ඇයි කෙල්ලෙ…”

විදත් යෞවන ප්‍රභාවකින් සිනහ සුණේ ය.

“මිත්‍රල පාලිකා අක්කල ඉන්නෙ. ඔයිගෙ තාත්තත් ඉන්නවනෙ”

“ඉන්නවනං තමයි”

ඇය පොඩි දැරියක සේ නාසය සීරුවා ය. නාසයත් කම්මුලුත් රතු වී ඇති සැටි දුටු විදත් තුළ ඈ කෙරේ ස්නේහය තවත් දැඩි වෙනවා සේ දැනිණි.

“හිටියට පප්පට තෙල් බෙහෙත් සාත්තුව කරන්නවත් කෙනෙක් නෑනෙ. මිත්‍ර බාප්පව අල්ලගෙන යන්තං තෙල් ටික ගාවෝ ගන්නව. ඔහොම ඉඳල ග්‍රැනී ත් ලෙඩ වුණොත් එහෙම…පාලිකා නැන්දිට කිසි ගාණක් නෑ එයාගෙ අම්ම තාත්ත ගැන. අපේ තාත්තා යළට මහට ගෙදර එන්නෙ. මිත්‍ර බාප්ප මේ ලෝකෙ ප්‍රායෝගික ජීවිතයක් ගත කරන මනුස්සයෙක් නෙවෙයි. සහස් විතරයි වචනයක් කතා කරන්න හරි ඉන්නෙ. ඒත් ඒ කොල්ලා ගෙදරට වෙලා ඉන්න එකක්යැ…”

“හරි හරි. අපි ඕව ගැන පස්සෙ කතා කරමුකො. ම්…”

සිය ජීවිතයෙහි ඛේදනීය බව ගැන වදනකුදු නො දොඩන නිකිනි, තමන් ගේ අය ගැන සියල් බර හිස මත පටවා ගෙන ඇති සැටි විදත් ඒ මොහොතෙන් ප්‍රත්‍යක්ෂ කර ගත්තේ ය. මිනිසුන් එන්න එන්න ම නරක් වෙන බව දැනට පවතින මතයයි. ඔවුහු ආත්මාර්ථකාමී වෙති. අනිත් අය ගැන අබ මල් රේණුවක තරම් දෙයක් නො සිතන්නට තරම් ඔවුහු තමන් ගැන ම සිතන්නට පුරුදු වී සිටිති.

“මංජුල ඩිවෝස් එක දෙන්නෑ කියල තර්ජනේ කරනව එහෙං. ඔයා එහෙට වෙලා නිදහසේ ඉන්නැතුව මෙහෙ ආවෙ අපරාදෙ”

“මං කරේ තියං ලුණු ඔප්පු ගෙනිච්ච චූටි කෙල්ල කාලෙ ඉඳං මාත් ඔයාට ආදරේ කළා නිකිනි. ඒක පිරිමියෙක් කසාද බඳින්න හරි ඒ වගේ සම්බන්ධයකට හරි ඈඳගෙන ගෑනු ළමයෙක් ගැන හිතන විදිහෙ ආදරයක් නෙවෙයි. හැබැයි මේ ගෙදර අනිත් හැම ළමයෙක්ටම වඩා මං ඔයාට වැඩියෙං ළෙංගතු වුණා. ඔයාටනං දැං මතකද මන්දා…ඉස්සර මං මිත්‍ර ව මීට් වෙන්න එහෙ ගෙදරට එන්නෙ නිකී ගර්ල් කෝ කියාගෙන. ඔයා කොහේ හිටියත් දුන ගෙන ඇවිත් මගෙ ඇඟේ එල්ලෙනව. සමහර විට මං දිගටම ලංකාවෙම හිටියනං…අපි ආදරේ කරල බඳින්න තිබුණා. ඒත් ඉතිං දේවල් සිද්ද වෙන්නෙ වෙන්න තියෙන විදිහට නිකිනි”

විදත් දිග කතාවක් කියා ගෙන ගියේ ය. ඇස් ගසන බෝනික්කියක සේ ඔහු දෙස බලාන අසා උන් නිකිනි යන්තම් හඩ අවදි කළා ය. ඈ දෙස ම බලා උන් නිසා ඔහු ඒ තේරුම් ගත්තා මිස, උගුරෙන් වචන පිට නොවූ නිසා නිකිනි කී දේ පැහැදිලි ව ඇසුණේ නැත.

“මං කැමතියි”

“මොනාටද…”

“මෙහෙම වුණාට”

“ඇයි…”

මේ වයසේ දී සිය හඬ මේ තරම් ප්‍රේමණීය වන්නේ කෙසේ ද කියා විදත් ට ම සිතුණ තරමි.

“ඒ නිසා තමයි ඔයා මට කොච්චර වටිනවද කියල මං තේරුං ගත්තෙ. ලේසියෙං ලැබුණනං…මේ වටිනකම නො දැනෙන්න තියන ඉඩ වැඩියි”

“වටිනව තමයි. අර පොඩි එකාවත් මට ඇත්ත නොකිව්වනං…”

“මල්ලා මොනාද කිව්වෙ…”

“නෑ නෑ මුකුත් නෑ”

විදත් වහා අසුනෙන් නැගිට මේසය වටෙන් ගොස් ඇගේ කොපුලක් මත රිදුම් දෙන හාදුවක් තැබුවේ ය. වැවී ගෙන එන රැවුල් කොට ඇනී ඇය මිහිරි රිදුමක් වින්දා ය. සැලෙන හදින් නිකිනි අඩවන් දෑස් බිමට හරවා ගත්තා ය. ඒ හාදුවෙහි දැඩි මිහිර තව හෝරා ගණනක් යන තෙක් ඇගේ කොපුල් මත ඉතිරි වී තිබුණේ ය. සිය මරණ මංචකය තෙක් ම ඇගේ හදවතෙහි ඒ කටු තුඩු රිදුමේ මිහිරියාව නො නැසී පවතිනු ඇතැයි ඇය සිතුවා ය.

“දැං මං මොකද්ද කරන්න ඕනෙ…ම්…මංඩුලව මීට් වෙන්නද…”

“මීට් වෙලා….”

“ඉක්මන්ට ඩිවෝස් එක දියං කියනව. මට ඔයාව මැරි කරන්න ඕනෙ කියනව…”

“දෙයි දෙයි. එතකොටනං පැනපු ගමං ඩිවෝස් එක දෙයි”

නිකිනි කිකිනි හඬින් හිනැහුණා ය. ඔහු ටික වෙලාවක් නෙතු පිය නො සලා ඇදෙස බලා ගෙන ම සිටියේ ය.

“දුන්නැත්තං මරාගෙන මැරෙන්න හරි බලා ගෙන තමයි නිකිනි මං ආවෙ”

සමස්ත ඔහු වෙතින් විද්‍යමාන වූ ප්‍රේමයේ ඉසියුම් ප්‍රකාශනයන් කෙරේ ඇය අත්‍යන්තයෙන් ම වසඟ වෙමින් සිටියා ය. ළමා වියේ ප්‍රේමයක්, හදවතේ මේ තරම්  ගැඹුරු පත්ලක සදාතනිකත්වයට පත් වේවියි කිසිවෙකුට සිතිය නො හැකි වන්නට පුළුවන. ළපටි ගසක් වටා දමන්නා වූ ටයරයක් එසේ ම පැවතිය දී ගස උසින් මහතින් වැඩී යන්නා සේ, ජීවිතය කෙබඳු විපර්යාසයන්ට භාජනය වුව ද ප්‍රේමය එසේ ම පැවත තිබේ!

“හයියෝ…මෙච්චර ලොකු ටවුන් එකක් වෙලත් කන්න සෙට් දෙයක් හොයා ගන්න පැය ගාණක් ඇවිදින්න වුණා අප්පා”

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

කියා ගෙන සහස් ආවේ ය. ඔහු පසු පස ගුවනි හති දමමින් ආවා ය.

“අනේ මන්නං ආයෙ මෙයා එක්ක යන්නෑ කොහෙවත්”

ඇය හති දමමින් ම නෝක්කාඩු කීවා ය.

“මං එනවද නැද්ද කියලවත් වගක් නෑ එයා දුවනව. පසසෙං දුවල මට හති”

“මාත් එක්ක යද්දි මගෙ වේගෙට යන්න පුළුවන් වෙන්න ඕනෙ. එහෙම බැරි එක මගෙ ප්‍රශ්නයක් නෙවෙයිනෙ”

සහස් ඇඟට පතට නො දැනී කීවේ ය.  නිකිනි ඔහු ට ආදරණීය රැවුමකින් දමා ගැසුවා ය.

“ඒක වැරදි කතාවක් කොල්ලො. එක ගමනක් යන්න ඕනනං දෙන්නගෙම වේගෙ එකට සමපාත වෙන්න ඕනෙ. එහෙම නොවුණොත් වෙන්නෙ මගදි එක්කෙනෙක් හැලෙන එක. අපි ඒව අත්දැකීම් වලින් ඉගෙන ගත්ත කොල්ලො හරී..”

ඒ කතාව ඔවුන් හා සසැඳෙන්නේ නැතැයි ගුවනි සිතුවා ය. නමුත් ඇය කිසිත් කියන්නට නො ගොස්, එහි යටි අරුත් නො තේරුණා සේ සිටියා ය.

“කමු කමු. ඩ්‍රිංක්ස් ගෙනාවෙ නෑ හරිද…මේ ගුවනි තේ හදනව කිව්ව”

“මට නිකිනි ගෙ කෝපි එක ඕනෙ”

“ආ…..”

විදත් ගේ කතාවට ‘ආ..’ කීවේ සහස් හා ගුවනි දෙදෙනා ම ය. නිකිනි රතු වූ වතින් බිම බලා ගත්තා ය. විදත් ආදරයේ පරිසමාප්තිය රැඳුණු බැල්මකින් ඇදෙස බලා සිටියේ ය.

“කොහොමද ඒක…”

ජීවිතය කියන්නේ කොයි තරම් සතුට තැවරිය හැකි මන්තරයක් වන්නේ ද? එය ඉන්ද්‍රජාලයක් ද කියා හිතෙන තරමට විටෙක මන් මත් කරන්නේ ය. නිකිනි හැදු කෝපි වල සුවඳ හාත්පස ඉහිර ගියේ ය. 

“යකෝ මේ අපේ අක්කද ආ…මේකි කවදාවත් අපිට මෙහෙම කෝපි එකක් හදල දීල නෑනෙ”

සහස් ගතු කීවේ ය. නිකිනි ඔහු ට ටොක්කක් ඇන්නා ය.

“බොරු කියන්නෙපා හරිද…”

“මන්නං මිස් හදපු රස ම රස ෆිෂ් බන් කාල තියෙනව…බටර් කේක් කාල තියෙනව. වෙරළු ජූස් බීල තියෙනව”

“අනේ වාසනාවන්”

සහස් දොහොත් මුදුන් දුන්නේ ය.

“විදත් අයියට කැෆේ එකක් වගේ දැනෙයි ගෙදර”

සිනා කතා අතරේ හෝරා ගෙවී ගියේ අසරු වේගයෙනි. එදා ගුවනි විශ්ව විද්‍යාලයේ දේශන පවා මගහැර ගත්තා ය. මංජුල කිහිප වරක් ඇගේ දුරකතනය ට ඇමතුම් ගත්තේ ය. නිකිනි ඒවා නො තකා හැරියා ය. බැරි ම තැන දුරකතනය ක්‍රියා විරහිත කොට දැමුවා ය.

“අපේ අක්ක පොඩ්ඩගෙ මූඩ් එක හරියන්නත් එක්ක පොඩි ට්‍රිප් කෑල්ලක් ගියොත් මොකද විදත් අයියෙ…”

සහස් අලුත් යෝජනාවක් කළේ ය. නිකිනි වහා විරෝධය පෑවා ය.

“අනේ අනේ මේ…ඕක මගෙ මූඩ් එක වෙනුවෙං කරපු යෝජනාවක් වෙන්නනං බෑ. මං දන්නැද්ද අපේ මල්ලි පොඩ්ඩගෙ හැටි. ඕක ඇවිල්ල අර හාමුදුරුවන් ට බෙදන්න ජාතියෙ කතවක් කියලයි මට නං හිතෙන්නෙ”

විදත් හඬ නගා හිනැහුණේ ය. සහස් තරමක ලැජ්ජාශීලීතවයකට පත් වූ බවක් පෙනිණ.

“අනේ මේ..මට ඕන්නං මං යනවනෙ යාළුවො එක්ක”

විදත් ගෙන් නැවතත් සිනහවකි.

“ඔයත් මාර පොරක් විදත් අයියෙ. අන්තිමට අපි තමයි වැරදි කාරයො”

“හරි හරි කොල්ලො. එහෙනං කියපංකො අපි කොහෙද යන්නෙ කියල. මටත් නිකං එහෙම මූඩ් එකක් තියෙනව වගේ තමයි”

නිකිනි ගේ ඇස්, විදත් ගේ අක්ෂි රේඛාව හා සමපාත විය. ඇය ඇසිල්ලකින් බිම බැලුවා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x