fbpx

සඳක් කළ සක්මන් – 14

ඇතැම් දේවල් එක් ජීවිත කාලයකට එක් වරක් විඳ ගත්තා ම ප්‍රමාණවත් ය. බොහෝ දෙනෙකුට ප්‍රේමය එවන් දෙයක් නොවේ කියා මම දන්නෙමි. ඔවුන් යළි යළිත් ප්‍රේම කතා වල පැටලෙන්නේ එබැවිනි.

මෙතෙක් මට ප්‍රේමයක අවශ්‍යතාවයක් නොවූ වග පුන පුනා කිව යුතු නැත. කිහිප වතාවක දී ම මම ප්‍රේමය කියා ඔවුන් කියූ දේ ප්‍රතික්ෂේප කොට පැමිණියෙමි. නමුත් දැන් මගේ හදවත යමක් බදා වැළඳ ගන්නට හදයි!

මට දැනෙන මේ සංකීර්ණ හැඟීම් ජාලය ප්‍රේමය කියා මම සිතමි. සැබවින් එය මට වටහා ගත නො හැකි තරම් සංකීර්ණ ය. එනයින් ම දෝ මේ හැඟීම් පොදිය තවත් වතාවක් මේ ජීවිතයේ දී ස්පර්ශ කොට බලන්නට මට උවමනා නැත. මා එසේ කියන්නේත් සිතන්නේත් වගකීමෙන් බව මම සිතමි. 

ප්‍රේමය වූ කලී මහ කන්දක් සේ ආත්මයෙහි කිඳා බස්නා හැඟීමකැයි දැන් මම දන්නෙමි. දිනෙක ආකාශ් මගේ සිත අල්ලා ගත්තේ ය. මම නො දැක්කා සේ සිටියෙමි. අද ඔහු මගේ අතින් ඇල්ලුවේ ය. මේ ආත්මයෙහි දී මගේ හදින් මට ඒ අත අත් හළ නො හැකි ය. දිනෙක ඔහු ඉතා සියුම් ලෙස මගේ සිත සිඹිනවා මම බලා සිටියෙමි. නො හැඟුණා සේ ඉන්නට මට හැකි විය. අද ඔහු මගේ වත සිප ගත්තේ ය. ආත්ම හතකටවත් ඒ සංස්පර්ශය අමතක කරන්නට මට හැකි වනු ඇත්දැයි මා දන්නේ නැත.

ප්‍රේමය මහ පුදුම හැඟීමකි. ආකාශ් විසින් මට එය දනවන්නට උත්සාහ කළ බොහෝ වාර වල නොතේරුම් දරුවෙකු සේ මම ඒ මගහැර ගියෙමි. නමුත් දැන් එය මටත් හොරෙන් මා තුළ කිඳා බැස තිබේ. ප්‍රේමය මගහැර යන්නට අපට කිසි දා නුපුළුවන. සංසාරය සේ එය අපට ම නියමිත ව තිබේ. සංසාරය නිමා කරන තෙක් ප්‍රේමය ද නිමා කළ නො හැකි ය. ප්‍රේමයෙන් අත්මිදිය නො හැකි ය. 

ආකාශ් ව හිමි කර ගන්නට මට හැකි වෙතැයි සිහිනයකිනිදු මම නො සිතමි. නමුත් දැන් මට ප්‍රේමයක් හිමි වී තිබේ! එය හරියට තාත්තා කෙනෙකු නොමැති ව ස්ත්‍රියකට දරුවෙකු හිමි වීම වාගේ දෙයකි. සමහර ගැහැනුන්ට දරුවන් උවමනා ඔවුන් ගේ පියවරුන් ද සමග ම ය. නමුත් සමහර ගැහැනු පියවරු නො පතා ළෙහි හොවා ගෙන දරුවන් තනති.

මගේ අතැඟිලි අතරේ දැවටී තිබූ ආකාශ් ගේ අත මම වඩාත් තද කොට ගතිමි. හිර කොට ගතිමි. මෙයින් මතු මේ උණුහුම විඳ ගැනීමේ එක් අවස්ථාවක් හෝ නො ලැබෙන්නට ඉඩ තිබේ. ජීවිත කාලයකට එක් වතාවකි!

“මට තේරෙනව ඔයාට දැනෙන බය”

ආකාශ් මුදු ව තෙපළේ ය. ඔහු ගේ මුණිවර හඬ හැමදාමත් මා නිව්වේ ය. ඒ හඬට මම හිතින් පෙම් කළෙමි. දවසක ඔහු ව ළඟ තියාගෙන ඒ හඬින් වික්ටර් රත්නායකයන් ගේ ගීයක් කියවා ගත යුතු යයි පැතුමක් මගේ සිතේ වේ. ඔහු ට ගී ගැයිය හැකි දැයි මා දන්නේ නැත. නමුත් ඔහු ඒ හඬින් මගේ හදවතේ වික්ටර් රත්නායකයන් ගේ ගී මුමුණයි.

“මං බය නෑ”

මම සිනා සී ගෙන හිස නගා ඔහු දෙස බැලීමි. ඔහු මට වඩා කෙතරම් උස දැයි දැනෙන්නේ මෙතරම් ළං වූ කල ය. මා වූ කලී දං ඇට දෙකක උස ඇති කෙල්ලකි. එක අතකට අපේ හැම දේ ම පවත්නේ දෙ අන්තයක ය. සමාන වූයේ උසස් පෙළ ට ජීව විද්‍යා විෂය ධාරාව හැදෑරීම පමණකි. එතැන දීත් මා කළේ වරදකි. මට නො ගැලපෙන දෙයකි. එවන් විෂය ධාරාවක් තෝරා ගත යුත්තේ එවන් තත්වයක් ඇති කෙනෙකි. නමුත් පොඩි කාලේ සිට ම මට ඕනා වූයේ මා සිටිනා තැනට වඩා ඉහළ තැනක මා තබන්නට ය. මාව උස්සා තබන්නට ය. 

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු -19

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -20

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 3

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -අවසන් කොටස

සුළං සීනු

සුළං සීනු – 24

Mini Stories

රැකියාවට එහා ගිය ගුරුවරියක්ගේ මව්වත්කම

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 3

ඉඳුදුන්න

ඉඳුදුන්න – 30

Mini Stories

කපුටු හිත්.

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -29

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු – 15

අහංකාර නගරේ

අහංකාර නගරේ – 43

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 8

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -35

අහංකාර නගරේ

අහංකාර නගරේ -අවසන් කොටස

Mini Stories

ලොවටම පිළිවෙල කියාදෙන ජපන් කාන්තාව මාරි කොන්ඩෝ

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -16

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක-26

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -24

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් -37

“බය නැති බව පේනව”

මගේ පපුවෙහි මහ බරක් මට දැනිණ. ඒත් එක්ක ම සැහැල්ලුවක් ද දැනිණ. එය කෙබඳු හැඟීම් සමුදායක් දැයි ආකාශ් ට වුව පහදන්නට කිසි දා මා සමත් නොවනු ඇත.

“වෙන්න තියෙන දෙයක් වෙයි. වෙන්න තියෙන දේවල් ගැන හිත හිතා ඒව ගැන බය වෙවී හිටියොත් කිසිම මිනිහෙක්ට මේ ජීවිතේ විඳින්න වෙන්නෙ නෑ”

ගීයක සරින් ඔහු මුමුණයි. මගේ ගැහැනු ආආශාව යළිදු හිස එසෙව්වේ ය.

“සින්දුවක් කියනවද…වික්ටර් රත්නායකගෙ….”

ආකාශ් හඬ නගා හිනැහුණේ ය. මම මාරුවෙන් මාරුවට ඔහු දෙසත් ඔබ මොබ සක්මන් කරන අය දෙසත් බැලුවෙමි.

“ස්කූල් සෝං එකවත් තාලෙට කියා ගන්න බැරි වෙච්ච මං…නැෂනල් ඇන්තම් එකවත් තාමත් තනියම කියන්න බැරි මං…වික්ටර් රත්නායක ගෙ සින්දු කියන්නෙ කොහොමද ළමයො…”

වරින් වර ඔහු කිහිප වරක් ම සිනා සුණේ ය. මම මගේ සිතට ම සිනා සෙන්නට වීමි. ආදරය එහෙම ය. ආදරය කිසි සේත් සර්ව සම්පූර්ණ නැත. සර්ව සම්පූර්ණ ප්‍රේමයක් හිමි කර ගන්නට තරම් අප ද සර්ව සම්පූර්ණ මිනිසුන් නොවේ!

“හැබැයි මං මේ චැලේන්ජ් එක අත් අරින්නෑ. කොහොම හරි ට්‍රයි කරල ඔයාට වික්ටර් රත්නායකගෙ සින්දුවක් කියනව. මං දන්නව…ඔයාගෙ හිතේ ඉන්නෙ එහෙම කොල්ලෙක්. වික්ටර් රත්නායකගෙ ඩීප් වොයිස් එකෙං පපුවෙ හැප්පෙන්න සිං කරන්න පුළුවන් කොල්ලෙක්…මං ලේසියෙං පැරදෙන කොල්ලෙක්නං නෙවෙයි පූජා”

අපට එතරම් කාලයක් නො වන බව මට සිතිණ. නමුත් මා ඔහු ට එවන් දෙයක් කියන්නට ගියේ නැත. ඔහු ගේ ආශා හා බලාපොරොත්තු බිඳ දමන්නට මට ඕනෑ වූයේ නැත.

ආකාශ් ගේ අතැඟිලි උණුහුම් වූයේ ය. එතරම් ම මගේ හිතත් උණුහුම් ව තිබිණි.   මම එක වතාවකට යයි සිතා ඒ අත් ගොබයක මගේ කම්මුලක් තෙරපා ගෙන අඩි කිහිපයක දුර ගියෙමි. ඔහු සිය නිහස් අතින් මගේ අනිත් කොපුල ස්පර්ශ කළේ ය.

“මේ පිරිමි ළමයෙක් මගෙ අතිං අල්ලපු පළවෙනි වතාව අයියෙ. පිරිමි ළමයෙක් මගෙ මූණ ඉඹපු පළවෙනි වතාව. කොටිංම මං පිරිමි ළමයෙක් ට මෙච්චර ලං වෙච්ච පළවෙනි වතාව. සමහර විට….ආයෙ කවදාවත් මේ හැඟීමෙන් පිරිමියෙක්ට ලං වෙන්න මට පුළුවන් වෙන එකක් නෑ. ඒක නිසා ජීවිත කාලෙටම මේ මතකය මං ළඟ තියෙයි. ඉස්සරහ ගැන අනාවැකි කියන්න බෑනෙ. සමහර විට මටත් කාව හරි මනුස්සයෙක්ව බඳින්න වෙයි. ඒත්…මං ආදරේ කරන එකම පිරිමියා ඔයා වෙයි. මැරෙනකල් ම මගෙ හිතේ තියාගෙන ආදරේ කරන පිරිමියා ඔයා වෙයි”

“එහෙම වෙන්නෑ”

ආකාශ් කොඳුරා කීවේ ය. ඒ වචන දෙකේ තිබූ බර මට හොඳින් දැනිණ. ඔහු ගේ උගුර ඒ වදන් දෙක පිට කර ගත්තේ ත් අසීරුවෙන් සේ ය. මට හීල්ලිණි.

“මං ඔයාව වෙන කාටවත් අයිති වෙන්න ඇරල බලං ඉන්නෑ”

‘ඒත් මට කලිං ඔයා වෙන කාගෙවත් වෙයි’ 

මගේ හිත එහෙම කෙඳිරුවේ ය. නමුත් මම එය ඔහු ට නො කියා උන්නෙමි.

“අපි මේව කතා කරන්නද මෙහෙම ආවෙ ආ…”

ඉනික්බිති ඔහු මට සැර කළේ ය. 

“කෙහෙල්මලක් කියෝනවනෙ ආපු වෙලාවෙ ඉඳං. මං කිව්වනෙ වෙන්න තියෙන දෙයක් ගැන මං බලා ගන්නං කියල. ඔයාට තියෙන්නෙ මගෙ ළඟින් ඉන්න විතරයි. මං බලා ගන්නං. හරිද…”

සැර දැම්මා ට ඔහු ඒ අතැඟිලි මඳකිනුදු ලිහිල් කළේ වුව නැත. ප්‍රේමය කියන්නේ එය යයි මට සිතිණ. ප්‍රශ්න පෝලිමට ආවත් අල්ලා ගත් අත් අත නො හැරෙන තැන ප්‍රේමය නවාතැන් ගනී! බැඳුණු හිත් බිඳී නො යනා තාක් කල් ප්‍රේමය එහි නවාතැන් ගෙන හිඳී!

අප යළි පැමිණියේ ආයේ එවන් දිනක් මේ ජීවිතයට උදා නොවනු ඇතැයි මගේ හිත නගනා මිමිණුමත් සමග ය. නමුත් මට දුකක් දැනුණේ නැත. දැන් මටත් ප්‍රේමයක් තිබේ! හිමි නොවන්නට මුත් හමු වූ ප්‍රේමයක් තිබේ!

“කොහෙද ගියේ…”

නංගී සැකකාර බැල්මකින් මා විනිවිද බැලුවා ය.

“යාළුවෙක් ගෙ දිහා”

මම මතක ඇති කාලයක බොරුවක් කීවෙමි. 

“මෙච්චර වෙලා…”

ඇගේ සැකය අංශුවකිනිදු අඩු වී තිබුණේ නැත.

“හ්ම්”

මම එපමණක් කියා කාමරයට වැදුණෙමි. ගුරුගේ මැදුර දෙසින් වික්ටර් රත්නායකයන් ගේ සිහිල් සුළං රැල්ලේ ගීතය ඇසෙන්නට වූයේ ය. 

ඔබේ ආදරේ වරුසා වැහැලා

කතර දෙව් ලොවක් වේ…

කතර දෙව් ලොවක් වේ…!

“ඊයා…අර කොල්ලා අර වගේ ගොං සින්දු අහනවද…”

නංගී ගේ හඬ උස් ව නැගුණි. මගේ පපුවේ රිදීමක් ඇති විය. මවිසින් නංගී ගේ හීනයක් උදුරා ගන්නා ලද බවට හැඟීමක් මට රිදවුම් දෙන ලදී.

විභාගය අවසන් වීමෙන් පස්සේ ගෙදර මිදුලේ සීනියාස්, දහස් පෙති, අට පෙතියා හා රාජ පොහොට්ටු වැනි මලින් බර වෙන මල් බීජ හොයා ගෙන මම තවන් දැම්මෙමි. ඒ බීජ ඉක්මනින් පැල වී මල් යායක් පිපුණේ ය. උදේට ඒ මල් දෙස බලා ගෙන හිඳීම මට මහත් ශාන්තියක් දැනවී ය. සුළඟට නැලැවෙන මල් වෙත නෙක පැහැ සමනලයෝ රොනට ආහ. ආකාශ් ව පිටතදී හමු වීමෙන් පස්සේ ගුරුගේ මැදුරට යන්නට බිය වූ මා බලන්නට, මා මල් පාත්තිය අසල කැරකෙත්දී ආකාශ් සඳැල්ලට ආවේ ය.

ඔහු ගේ ඇස් වල ගෙදරට පැමිණෙන්න යන ආරාධනය විය. නමුත් මට ඒ තරම් චිත්ත ශක්තියක් වූයේ නැත. සැබවින් නෙරංජලා ගුරුගේ ට මුහුණ දීමේ බියකින් මම පෙළුණෙමි. මා ආකාශ් සමගින් දියත උයනට ගිය ගමන කවුරුන් විසින් හෝ දකිනු ලැබ නෙරංජලා ට කියා ඇතැයි හැම හුස්මක දී ම මම සිතුවෙමි. 

දිනක් මා මල් ගාලේ සිටියදී ආකාශ් සඳැල්ලෙහි සිට ‘ස්…ස්…’ ගෑවේ ය. මා ඔහු දකිත්දී ම නංගී ත් ඔහු ව දැක තිබිණි.

“අන්න මීයෙක් කතා කරනව”

ඇය එසේ කීවේ නො රිස්සුමකිනි.

“පූජා වැඩක් නැත්තං එන්නකො”

නංගී සිටිනා එක ගැන කිසිදු වගක් නැති ව ආකාශ් කීවේ ය.

“අම්ම කතා කළේ”

ඔහු තව දුරටත් එසේ කීවේ මා සිය ඇරයුම පිළි නො ගනීවීයි සිතා විය යුතු ය. නංගී මටත් ගස්සා ගෙන ගෙතුලට ගියා ය. මා ගුරුගේ මැදුර වෙත ගියේ දෙගිඩියාවට පත් සිතිනි. නමුත් ආකාශ් නිවසෙහි සිටින නිසා, හිතට දැනුණ බිය තරමක් අඩු ය.

“ආන්ටී…”

මම ප්‍රධාන දොර ළඟ සිට කතා කළෙමි.

“හම්මේ මේ ගෑනු ළමයිව දැක ගන්න තියෙන අමාරුවක්”

ඇය ඉදිරියට ආවේ ඒ නෝක්කාඩුවෙනි. මා ඇය ව මගහරිමින් සිටියේ වැරදිකාර සිතකින් බව කෙසේ නම් ඇය ට පහදා කියමිද? මම ඉක්මන් වැරදිකාර සිනහවකින් බිම බැලුවෙමි.

“මං ඒත් කල්පනා කර කර හිටියෙ අපෙන් වරදක්වත් වුණාද කියල”

“අනේ ආන්ටි…මට මොන වරදක් වෙන්නද….මේ ටිකේම ටිකක් ඔළුව කැක්කුමයි වගේ..මං ඇඳට වෙලාමයි හිටියෙ”

“ඉතින් දරුවො බෙහෙත් ටිකක් ගත්තෙ නැද්ද…”

“අඩු වෙලා යයි ආන්ටි”

“ඉඳගන්නකො”

මා අසුනකට බර වෙන කොට ම ආකාශ් ආලින්දයට ආවේ ය. මම ඔහු දෙස නො බලා ඉන්නට ප්‍රවේසම් වීමි. 

“අපි මේ ළමා නිවාසෙකට දානයක් දෙන්න කියල ලෑස්ති වුණේ පූජා. කේටරින් එකකට ඕඩර් කළා කෑමනං. තව ටිකකිං ලැබෙයි. පූජාත් එනවද අපිත් එක්ක දානෙ බෙදන්න යන්න….පොඩි තෑගි ටිකකුත් තියෙනව ළමයින්ට බෙදල දෙන්න…”

එවන් කාර්යයකට සහභාගී වන්නට හිතේ වන කැමැත්ත යටපත් කර ගෙන, මට එහි යන්නට බැරි ය යන සිතිවිල්ල ඉස්මතු වී ගෙන ආවේ ය. ආකාශ් සමගින් එවන් ගමනකට සහභාගි වෙත්දී නෙරංජලා ට වෙනසක් නො දැනී තියේවි යයි සිතන්නේ කෙසේ ද?

“මං ඉන්නං ආන්ටි. ආන්ටිල ගිහිං එන්න”

“අනේ දරුවො…ඇයි ඒ…”

මම බිම බැලුවෙමි. 

“ඉන්නකො මං ඔයාගෙ අම්මලගෙං අහන්න”

කියාගෙන ඇය නැගිට ගේට්ටුව දෙසට ගියා ය. මම බිම බලාගෙන ම සිටියෙමි.

“ඇයි මෙහෙම කරන්නෙ…ම්…”

ආකාශ් ගේ හඬ මට ඇසුණේ මේ ළඟ පාතින් නොව දුර ඈත වෙනත් ග්‍රහ ලෝකයකින් සේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x