fbpx

සෝබනකාරි.

“අනේ ඔයාලා බබාගෙ බර්ත්ඩේ එකට කරපු වැඩේ නියමයි චන්දි..මං මේ ඊයේ දවසම කරේ ඒ ෆොටෝස් බලපු එක..”

නිපුනි කාර්යාල කාමරයට ඇතුළු වුණේ චන්දිමාට එහෙම කියන ගමන්.ඊටත් පස්සෙ කාටහරි ඇනුම්පදයක් කියන්න කැමති නිපුනිට තව දෙයක් කියන්න හිතුණා.

“ළමයින්ගෙ උපන්දිනවලට ෆොටෝ ෂූට් කර කර පාටීස් දම දම නටන මිනිස්සුන්ට අමතකම වෙන දෙයක් තමයි චන්දි ඔය ළමා නිවාසවල ඉන්න අසරණ ළමයි..අනේ ඔයාලනම් අදහන්න වටිනව..”

නිපුනි එහෙම කිව්වේ සචිනි දිහා ඇස් කොනින් බලන ගමන්.සචිනිගේ දුවගේ තුන්වෙනි උපන්දිනය වෙනුවෙන් කරපු ලස්සනම ලස්සන ඡායාරූප වගේම මොආනා ෆිල්ම් එකේ තීම් එකට ගත්තු උපන්දින සාදයත් චන්දිමාට සිහියට ආවා.

“දරුවන්ට සැප දීලා විතරක් වැඩක් නෑ අනේ.හොඳ නරකත් උගන්නන්න ඕන..”

චන්දිමා එහෙම කිව්වේ සචිනිට ඇහෙන්න.සචිනි නෑහුණ ගාණට හිටියත් හිත හොඳටම රිදෙන්න ඇති කියලා හිතෙනකොට චන්දිමාට මතු වෙන්නේ හිනාවක්.

දුවගේ උපන්දිනයට ළමා නිවාසයකට දානයක් දෙන අදහස දර්ශනට කිව්වේ චන්දිමා.දර්ශනට නම් ඕනෑ වුණේ පොඩියට කේක් එකක් හදලා දූට ඒක කපන්න දෙන්න.ඒත් මතක හිටින දෙයක් කරන්න චන්දිමාට ඕනෑ වුණා.දුව ළමා නිවාසේ පොඩි අය වටකරගෙන උපන්දින කේක් එක කපනකොට ඒ ළමයි “Happy birthday to you” ගීතය ගයපු හැටි චන්දිමාට තාමත් ඇහෙනවා වගේ.

“මෙන්න අපේ චන්දි ජාත්‍යන්තරගත වෙලා..”

දවල් වෙනකොට ටෙහානි ෆේස්බුක් අප්ඩේට් එකක් හැමෝටම පෙන්නන්න පටන් ගත්තා.ළමා නිවාසයේ දරුවෝ වටකරගෙන තෑගි බෙදන චන්දිමාට ෆේස්බුක් කවිකාරියක් කවියක් ලියලා.ඒක වේගයෙන් ෂෙයාර් වෙන්න අරන්.

“සෝබන වැඩවලට තරම් ඕවට ලයික්ස් නෑ අනේ..”

නිපුනි ආයෙම ඇනුම්පදයක් කිව්වා.සචිනිගේ දූ මොආනාට ඇඳපු ඡායාරූප ශ්‍රී ලංකන් මොආනා කියලා ජනප්‍රිය වුණු හැටි කාටත් මතක් වුණේ ඒ වෙලාවේ.

“නිපූ..අපි ඊයේ ගිය ළමා නිවාසේ පැත්තෙන් යංද? මට භාජන වගයක් ගන්න තියනව..”

කාර්යාල කටයුතු ඉවර වෙලා ගෙදර යන්න පිටත් වෙලා ටැක්සියට නගිනකොට චන්දිමා නිපුනිට මතක් කළා.ළමා නිවාසයට යනකම්ම දෙන්නා කළේ අම්මා තාත්තා නැති අසරණ ළමයි ගැන විස්සෝප වෙන එක.ඒ ළමයින්ට එක දවසක සතුටක් දෙන එකේ තියන වටිනාකම කතාබහ කරන එක.

“ඒයි මේ..අන්න වැඩක්..”

ළමා නිවාසයේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම නිපුනි පුදුමයට පත් වුණා.මිදුලේ තියෙන කාර් එක සචිනිගේ.සචිනි ආපහු යන්න පිටත් වුණේ චන්දිමාත් නිපුනිත් බහින්න කලින්.

“අපි ගහපු හින්ට් වලින් හොඳටම රිදුණු පාටයි..අදම ඇවිල්ලා දානයක් බාර අරන්..”

මිතුරියෝ කැකිරි පලන්න පටන් ගත්තා.බොරු සන්දර්ශන කරන සචිනිට එහෙම හරි රිදවන්න පුලුවන් වීම ගැන නිපුනිටනම් දැනුණේ පුදුම සතුටක්.

“අර රතු කාර් එකකින් ආව ලේඩි.එයා දානයක් බාර ගත්තද මිස්?”

ආපහු එන්න පිටත් වෙනකොට ළමා නිවාස පාලිකාවගෙන් එහෙම අහන්න චන්දිමාට හිතුණා.ඕපාදූපය හරියට හොයාගන්න එපැයි!

“ඒ අපේ සචිනි මැඩම්නෙ.”

ළමා නිවාස පාලිකාවට ආවේ ලස්සන හිනාවක්.

“මෙහෙ කෙලි පැටවුන්ගෙ වැඩිබර දරන්නේ සචිනි මැඩමුයි එයාලගෙ පවුලෙ අයයි තමයි මැඩම්..ඔය අද ආවෙත් අපේ ලොකු කෙල්ලො ටිකට මේ මාසෙට ඕන සැනිටරි නැප්කින්ස් අරන්.මං කිව්වේ අපේ එක දුවෙක් ඒ ලෙවල්වලට බයෝ සයන්ස් කරනව කියල.සචිනි මැඩම්ලා ඒ දුවට විෂයන් තුනටම ටියුෂන් කරන්න මිස්ලා තුන්දෙනෙක් එවනව මෙහෙට.දරුවව කොහොමහරි මෙඩිකල් කොලේජ් යවන්න ඕන කියල හරියට මහන්සි වෙනව..”

නිපුනිත් චන්දිමාත් මුහුණට මුහුණ බලා ගත්තේ මේ කතා අදහන්න බැරි ගාණට.

“සචිනි අපේ ඔෆිස් එකේනෙ.එයා මෙහෙම වැඩ කරනව කියල අපි දන්නෙවත් නෑ..”

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

උපන්දින සාදවල ඡායාරූප තිබුණට දානයක ඡායාරූපයක් කවදාවත් නොවැටෙන සචිනිගේ ෆේස්බුක් ගිණුම සිහි කරන ගමන් නිපුනි කිව්වේ සිතුවිල්ලෙන්.

“අපි ඊයේ ළමා නිවාසෙ ගාවදි ඔයාව දැක්කා සචී..කතා කරන්න කලින් ඔයා ගියා.මේට්‍රන් ඔයා ගැන මාර විස්තරයක් කිව්වනෙ..”

පහුවදා චන්දිමා සචිනිට කිව්වේ අගමුල ලෙහා ගන්න කාරණා කීපයක් ගැන හිතන ගමන්.

“ඊයේ ගියා, කෙල්ලන්ට ඕන බඩුමුට්ටු වගයක් දීලා එන්න.”

සචිනි කියන්නේ බොහොම සාමාන්‍ය හඬකින්.

“ඇයි ඔයා ඔච්චර දේවල් කරාට බබාගෙ බර්ත්ඩේ එක එහෙ සෙලිබ්‍රේට් කරන් නැත්තෙ.”

නිපුනි ඇහුවේ හිතට ආපු ලොකුම ගැටලුව.

“ඒ අම්මා තාත්තා නැති දරුවෝ නිපූ.අපි ගිහින් අපේ ළමයා වඩාගෙන ඉඹින ගමන් එයා ලව්වා කේක් කප්පනකොට ඒ දරුවන්ට මොන සංකාවක් දැනෙනව ඇද්ද..අපි එයාලට නැති දේවල් මතක් කරලා මොකටද ඒ ළමයින්ව රිද්දන්නෙ..මං දූගේ බර්ත්ඩේ කේක් එක කපන්නෙ ගෙදර.හැබැයි මං ඔය ළමා නිවාසේ දූලා තිස් දෙනාගෙම බර්ත්ඩේස්වලට කේක් එකක් හදවලා යවනවා..එයාලා මේට්‍රන් එක්ක ඒක කපනවා.”

කවදාවත් නොහිතුණු දෙයක් ගැන හිතෙන්න පටන් ගත්තාම චන්දිමාට දැනුණේ මහ වරදකාරී හැඟීමක්.

“මං ආයේ දානයක් දුන්නොත් මිසක් කේක් නම් කපන් නෑ..”

ඇය කිව්වේ දුක්බර හඬකින්.

“ඒ ළමයි අසරණයි කියල දානයක් දීලා අපේ නිවන ඉක්මන් කරගන්න හදන්න එපා චන්දි.ඒත් අපේ ගෙවල්වල ඉන්නව වගේම දරුවොනෙ.ඇයි අපිට බැරි එයාලට ලන්ච් එකක් ඩිනර් එකක් දෙනව කියන්න.පාටියක් දෙනව කියන්න.මං එයාලට කනබොන දේවල් දෙන්නෙ විශේෂ හේතු හිතලා නෙවේ.හිතුණාම ඒ පැත්තෙන් යන ගමන් කිඹුලා බනිස් පාර්සලයක් ගිහින් දෙන දවසුත් තියනවා. එයාලා මතක් වුණාම පීසා ඕඩර් කරලා යවන දවසුත් තියනවා..ඒ එකක්වත් දාන නෙවෙයි..”

සචිනි කියන දේවල් අහන් ඉන්නකොට තමන් මොනතරම් පටු අදහස් දරන්නියක් ද කියලා චන්දිමාට හිතෙන්න ගත්තා.

“ඔය දරුවෝ දවසක සමාජගත වෙනව.හොඳ රස්සා කරනව.හොඳ කොල්ලන්ව කසාද බඳිනව..ඒ නිසයි මං එයාලගෙ එක ෆොටෝ එකක්වත් සෝෂල් මීඩියා නොදාන්නේ.ළමා නිවාසෙක හිටියා කියල ලේබල් වදින්න හිස්තැන් ඉතුරු කරන්නෙ මොකටද?”

සචිනි තවත් කතාවක් කිව්වා.දූගේ උපන් දිනයට ඡායාරූප ශිල්පියෙක් ගෙන්වලා ළමා නිවාසයේ ඡායාරූප ගන්න නුවුමනා වග දර්ශන මගින් මගට කිව්ව හැටි චන්දිමාට මතක් වුණේ ඒ වෙලාවෙ.

“අනේ දර්ශන,අර ෆොටෝ මල්ලිට කියන්නකො දූගෙ බර්ත්ඩේ ඇල්බම් එක ෆේස්බුක් එකෙන් රිමූ කරන්න කියලා..”

චන්දිමා දර්ශනට ඒ මොහොතෙම කෙටි පණිවිඩයක් යැව්වේ ඒ නිසා.

සචිනි හරි.දකුණත දෙන දේ වමතවත් දැනගන්න ඕනෑ නෑ.චන්දිමා හිතුවේ කල්පනාවට වැටෙන ගමන්.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x