සිරුරේ බර අඩු කරගන්න කැමති ඔබට උදෑසනට සුදුසු High Protein Smoothy එකක්

උදෑසන ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර එකතු කර ගැනීම , සිරුරේ බර අඩු කර ගැනීමට මෙන්ම ඔබට පවත්වාගෙන යා යුතු සිරුරේ අවශ්‍ය බර ප්‍රමාණය ක්‍රමවත්ව පවත්වාගෙන යාමටත් උදව් වෙනවා.

ඇත්ත වශයෙන්ම, ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් වැඩිපුර එකතු කිරීම බර අඩු කර ගැනීමට ඇති පහසුම සහ වඩාත්ම ඵලදායී ක්‍රමය විදිහට හදුන්වන්න පුළුවන්

ඒ වගේමයි අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා ප්‍රෝටීන් මඟින් ඔබේ ආහාර රුචිය පාලනය කරන අතර ඔබව අනවශ්‍ය අධික කෑම ප්‍රමාණයක් ගැනීමෙන් වළකවන බව.

එමෙන්ම ඔබේ උදරයේ තැන්පත් අනවශ්‍ය මේදය අවම කර ගැනීමටද ප්‍රෝටීන් බහුල ආහාර උපකාරී වනවා

එම නිසා ප්‍රෝටීන් බහුල උදෑසන ආහාරයක් සමඟ ඔබේ දවස ආරම්භ කිරීම බර අඩු කර ගැනීම සඳහා ඔබ තබන වඩාත් ඵලදායි පියවරක් වනවා.

ප්‍රෝටීන් ඔබට බර අඩු කර ගැනීමට උපකාරී වන්නේ කොහොමද?

බර අඩු කර ගැනීමට උත්සහ කරන ඕනෑම පුදගලයෙක් තමාගේ ආහාර වේල තුල ලබා ගන්නා කාබෝහයිඩ්‍රේට් හා මේද ප්‍රමාණයට වඩා වැඩි කොටසක් ප්‍රෝටීනමය ආහාර වලින් සපුරා ගත යුතුයි. විශේෂයෙන්ම උදෑසන ආහාර වේල සඳහා ලබා ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් එක් කර ගැනීම ඉතාම වැදගත් . ඒ තුලින් ඔබේ සිරුරේ බර අඩු වීම වේගවත්ව සිදු වේවි.

එයට හේතුව මේදය හෝ කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්‍ෂව ප්‍රෝටීන් පරිවෘත්තීය සඳහා ශරීරය වැඩි කැලරි ප්‍රමාණයක් භාවිතා කිරීමයි.

දැන් අපි බලමු ඔබට උදෑසන ආහාරය සදහා එක් කර ගත හැකි එවැනි අධි ප්‍රෝටීන ඕට්ස් ස්මූති එක්ක සකසා ගන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඕට්ස් මේස හැදි 3ක්
ජලය අවශ්‍ය තරම්
රට කජු 50g
Flaxseed 50g
සව් 50g
කුරුදු කැබලි 1/කුරුදු කුඩු තේ හැදි 2
රට ඉදි 2ක්
හොදින් ඉදුණු කෙසෙල් ගෙඩි 1

සාදා ගන්නා ආකාරය
පළමුව ඕට්ස් විනාඩි 15ක් වතුරේ පෙගෙන්න තබා ගතයුතුයි

දෙවනුව වතුර හොදින් ඉවත් කර ගත් ඕට්ස් බ්ලෙන්ඩරයට දමා අනෙක් සියලු ද්‍රව්‍ය ඊට එක් කර හොදින් බ්ලෙන්ඩ් කර ගත යුතුයි

ඒ අයුරින් පහසුවෙන් මෙම ඕට්ස් අධි ප්‍රෝටීන ස්මූති එක ඔබට සකසා ගන්න පුළුවන්.

ප්‍රෝටීන් බහුල ප්‍රථිලාබ රැසක් තිබෙන මෙම ස්මූති එක ඔබත් ඔබේ උදෑසන ආහාරවේලට අදම එක් කරන්න. නිසි ව්‍යායාම හා ආහාර පාලනය තුලින් සුන්දර නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමට කැමති ඔබට මේ High Protein smoothy එක වැදගත් වේවී

Related Articles

Don't Miss


Latest Articles