අද අපි කතා කරන්නේ අපේ ලාංකීය කාන්තාවන් බොහෝ දෙනෙක් නොදන්නා නමුත් බහුතරයක් අතර දක්නට ලැබෙන රෝගී තත්වයක් ගැනයි.. එනම් හිමොග්ලොබින් මට්ටම අඩුවීම හෙවත් නිරක්තිය ගැනයි අපි කතා කරන්නෙ. සාමාන්‍ය ව්‍යවහාරයේදි ඇගේ ලේ අඩු වීම කියල හදුන්වන මේ තත්වය කාන්තාවන් ලෙස අපි අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි.
මොකක්ද මේ ඇගේ ලේ අඩු වීම කියන්නෙ?
මේ රෝගයෙන් වෙන්නෙ රුධිර (ලේ) තරලය තුළින් ශරීරයේ සියලු අවයව වෙත ඔක්සිජන් ගෙනයන හිමොග්ලොබීන් සහිත රතු රුධිර සෛල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩුවීම.
සාමාන්‍ය නීරෝගී පුද්ගලයෙකුගේ 100ml ප්‍රමාණයක 12g ලෙස හිමොග්ලොබින් අඩංගු විය යුතුයි. නමුත් මේ ප්‍රමාණය මීට වඩා අඩු නම් නිරක්ති තත්වයක් ලෙස හැදින්වෙනවා, එමෙන්ම ගර්භනී මවකගේ 11ට වඩා හිමොක්ලොබින් අඩුවීම ගර්භණී නිරක්තිය ලෙස සලකනවා.
රෝගය වැළදෙන්න බලපාන හේතු?
සමහර ලේ අඩුවීමේ හේතු පරම්පරාවෙන් නැතිනම් ජානමය වශයෙන් ඇති වෙනවා.
එහෙත් වැඩිහිටි අය තුළ මතුවන නීරක්තියට බලපාන හේතු රැසක් තිබෙනවා. ඒ අතරින් කාන්තාවන් බහුලව මුහුණ දෙන මේ නිරක්තියට හේතුව තමයි යකඩ ඌණතාව. සමබල ආහාර වේලක් නොගැනීම තුල මේ තත්වය ඇතිවෙනව.
යකඩ ඌණතා නීරක්තිය …
ලොව පුරා කාන්තාවන් වැඩි දෙනෙක් පෙළන නීරක්තිය තත්ත්වයට හේතුව වන්නේ ශරීරයේ යකඩ අඩු වීමයි.
තමන් ගන්නා ආහාර තුළ යකඩ පෝෂකය අඩංගු ආහාර නොතිබීම, එම ආහාර තුළ අඩංගු යකඩ පෝෂකය උරාගැනීමට නොහැකිවීම මෙන්ම ඒවා උරාගැනීමට බාධා කිරීම් ඇතිවීම් නිසා මෙම ගැටලුව ඇති වනවා.
ඔබට නීරක්තිය තිබේදැයි හදුනා ගන්නේ කෙසේ ද?
අසාමාන්‍ය ලෙස නිදිමත ගතියක් දැනීම
අධික මහන්සියි
ශරීරය කෙට්ටු වීම
නිතර නිතර ලෙඩ වලට ගොදුරු වීම
ශරීරය කහ පැහැයක් හෝ සුදුමැලි වීම
දිවෙ පවතින සාමාන්‍ය වර්ණය වෙනස් වී සුදුමැලි පැහැයක් ගැනීම
ඇස් පිහාටු යට සුදු පැහැයක් ගැනීම
දෙතොල් සුදුමැලි පැහැයක් ගැනීම
නීරක්තිය ඇතිකිරීමට තුඩුදෙන එකම හේතුව අප ගන්නා ආහාර තුළ යකඩ නම් මූල ද්‍රව්‍යමය පෝෂකය විරල වීම බව පොදු මතයයි.
එහි සැලකිය යුතු සත්‍යතාවයක් පැවතිය ද ලේ අඩුවීමට බලපාන තවත් හේතු ගණනාවක් තිබෙන බව දැනසිටිම අපට ප්‍රයෝජනවත්
විටමින් B ඌණතාවය
folic acid ඌණතාවය
වකුගඩුවල දුර්වලතාවයන්
උදරයේ තුවාල ඇතිවීම
මාස් ශුද්ධියේ දී විවිධ රෝගී තත්ත්වය නිසා
වැඩිපුර රුධිර වහනය වීම
ශල්‍යකර්ම
ඇටමිදුළුවල රෝග
වළක්වා ගන්නේ කොහොමද ?
මස් (පීකුදු ඇතුළුව) සහ මාළු වැඩිපුරම යකඩ අඩංගු ආහාරයට එක් කර ගැනීම
පළාවර්ග, පළතුරු, බිත්තර ආදී ආහාර මඟින්
එළවළුවලට විටමින් සී හා අම්ල (දෙහි, සියඹලා, බිලිං) ආදිය එක්කර ආහාරයට ගැනීම
යකඩ මිශ්‍රණ හා පෙති ලබා ගැනීම
(විශේෂයෙනගර්භණී මවුවරුන්, කිරිදෙන මවුවරුන්, යොවුන් දියණියන් හා වැඩිහිටියන් හට යකඩ අඩංගු පෙති ලබාදීම)
ඒ වගේම නීරක්තිය තියෙන කෙනෙක් විශේෂයෙන් අමතක නොකළ යුතු කරුණක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන ආහාර වේලක් ලබා ගත් විගසම කිසිම වෙලාවක තේ කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර, පාන වර්ග ලබා නොගැනීම.
ආහාර ගත් විගස තේ කෝපි වැනි පානයන් ලබාගැනීම නිසා යකඩ අවශෝෂණය පමා වෙනවා. ඒ නිසා මේ කියන කරුණු ගැන අනිවාර්යෙන් වැඩි අවධානයක් දුන්නොත් නීරක්තිය ඇති වීම අවම කරගන්න හැම කාන්තාවකටම පුළුවන්.
ඉතින් මේ කියන තත්ත්වයන් අවම කර ගන්න හැම කාන්තාවක්ම උත්සාහ කරනවා නම් නීරක්තිය එහෙම නැත්නම් හිමොග්ලොබින් අඩුවීම අවමකරගන්න පුළුවන්. ඒ වගේම යොවුන් දියණියන් සිටින මව්වරුන් නම් ඔබත් ඔබේ දියණියට සමබල ආහාර වේලක් ලබා දීමට අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ අනාගතයේ යකඩ ඌනතාවයක් ඇතිවීමේ හැකියාව වැලැක්වීම පිණිසයි. මන්ද ගර්භණී සමයේ ඇතිවන ගර්භණී නිරක්තිය ආසියානු රටවල කාන්තාවන් අතර සුලබ වීමට ප්‍රධාන හේතුවක් ලෙස දියණියකගේ පෝශනය ගැන බොහෝ දෙමාපියන් දක්වන නොසැලිකිලිමත් බව හේතුවක් ලෙස හදුනා ගැනෙන නිසා.