දවස් පහෙන් කිලෝ 5 ක් බර අඩු කරන Diet Plan එකක්

බර අඩු කර ගැනීම සඳහා විවිධ වූ ඩයට් ක්‍රම ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා. අද අපි ඔබට කියන්න යන්නේත් එවැනි ඩයට් ක්‍රමයක් ගැනයි. Pineapple diet plan නමින් හඳුන්වන මෙමගින් දින පහක් තුළ දී ඔබේ බර කිලෝ පහකින් අඩු කර ගත හැකි බව ඇතැම් පෝෂණවේදීන් පෙන්වා දෙනවා

Pineapple diet plan එක බර අඩු කරගන්න උපකාරී වෙන්නේ කොහොමද ?

ආහාර ජීරණය වීම වැඩි දියුණු කරයි

අන්නාසි වල විවිධ එන්සයිම වර්ග අඩංගු වනවා.ඒවා මගින් ඔබ ගන්නා ආහාර ජීරණය කිරීම වඩාත් ක්‍රමවත් කරවනවා.

ආහාර රුචිය අඩු කරයි

අන්නාසිවල ජලය ,ආහාරමය තන්තු සහ බ්‍රෝමලේන් අඩංගු වනවා.ඒවා පෝෂ්‍යපදාර්ථ අවශෝෂණයට සහ බඩවැල් චලනය මන්දගාමී කිරීමට උපකාරී වන නිසා එමගින් ඔබට ඇතිවන ආහාර රුචිය අවම කරයි. ඒ වගේම අන්නාසි යනු හොඳ තන්තු ප්‍රභවයක් නිසා ආමාශය ආශ්‍රිත රෝග වැළඳීමද අවම වනවා.

කැලරි ප්‍රමාණය අඩු අතර පෝශ්‍යදායි වේ

අන්නාසි විටමින්, ඛනිජ ලවණ සහ ආහාරමය තන්තු වලින් පොහොසත් වේ.අන්නාසි කෝප්පයක කැලරි අසූ දෙකක් ඇති අතර අන්නාසි වල ජල ප්‍රමාණයත් වැඩි නිසා ඔබට දිගු වේලාවක් කුසගින්න දැනෙන්නේ නැත

ක්‍රියාශීලිව සහ ජව සම්පන්නව සිටීමට උපකාරී වේ

අන්නාසි විටමින් බී වලින් පොහොසත් බැවින් ක්‍රියාශීලීව සහ ජව සම්පන්නව දවස ගත කිරීමට ඔබට උපකාරී වනවා .ඔබ ක්‍රියාශීලීව සිටින විට ඔබේ ශරීරයේ විෂ අඩු ප්‍රමාණයක් එකතු වන අතර ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු වේ. මෙයද බර අඩු වීමට හේතුවක් වේ

මොකක්ද මේ දවස් පහේ pineapple diet plan එක ?

පලවන දිනය

උදෑසන පානය – උණු වතුර කෝප්ප එකක් සමග ඇපල් සයිඩර් විනාකිරි සහ මී පැණි

උදෑසන ආහාරය – අන්නාසි සමග ඕට්ස් කෝප්ප එකක්

දහවල් ආහාරය – ග්‍රිල් කළ ටූනා සමග අන්නාසි කෝප්ප එකක්

සවස පානය – නැවුම් අන්නාසි යුෂ කෝප්ප එකක්

රාත්‍රි ආහාරය – බේක් කළ කුකුල් මස් ,තක්කාලි සහ අන්නාසි වලින් සකස් කළ සලාදයක්

මෙහි ප්‍රතිඵල මොනවද ?

ඇපල් සයිඩර් විනාකිරි සහ මී පැණි සමඟ දවස ආරම්භ කිරීම ඔබේ ශරීරයේ විෂබීජහරණය කරන අතර පරිවෘත්තීය වේගයද වැඩි කරයි. ඕට්ස් වල තන්තු බහුල බැවින් ශරීරයට මේදය අවශෝෂණය වීම අවම කරයි. ටූනා යනු හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් සහ සෞඛ්‍ය සම්පන්න මේද ප්‍රභවයකි. ඒ වගේම කුකුල් මස් ද ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයකි

භාවිතා කළ හැකි ආදේශක

ඇපල් සයිඩර් විනාකිරි වෙනුවට ලෙමන්

ඕට්ස් වෙනුවට රටකජු බටර් සමග දුඹුරු පාන්

ටූනා වෙනුවට මැකරල් හෝ ග්‍රිල් කළ ටෝෆු

කුකුල් මස් වෙනුවට ග්‍රිල් කල හතු

දෙවන දිනය

උදෑසන පානය – පොඟවාගත් මහදුරු කෝප්ප එකක්

උදෑසන ආහාරය – පොඟවා ගත් ආමන්ඩ් ඇට , තැම්බූ බිත්තර දෙකක් ,අන්නාසි කෝප්ප එකක්

දහවල් ආහාරය – අන්නාසි සහ ලෙමන් යොදා සකස් කළ කුකුල් මස් සලාදයක්

හවස පානය – ලෙමන් යුෂ සහ මින්ට් කොල යෙදූ අන්නාසි සහ කොමඩු යුෂ

රාත්‍රී ආහාරය – ග්‍රිල් කල සැමන් සමග තම්බාගත් එළවළු සහ අන්නාසි කෝප්ප එකක්

මෙහි ප්‍රතිඵල මොනවද ?

එක රැයක් පොඟවා ගත් මහදුරු ජලය පරිවෘත්තීය වේගය වැඩි කරයි. ආමන්ඩ් යනු සෞඛ්‍ය සම්පන්න මේද ප්‍රභවයක් වන අතර බිත්තර සහ කුකුල් මස් යනු හොඳ ප්‍රෝටීන් ප්‍රභවයන් ය.නැවුම් අන්නාසි සහ කොමඩු යුෂ ශරීරයේ විෂ ඉවත් කර තෙතමනය රඳා පවත්වයි . පෝෂ්‍යදායි සහ සැහැල්ලු රාත්‍රී ආහාරය සඳහා එළවළු සහ සැමන් සුදුසු වේ.

භාවිතා කළ හැකි ආදේශක

ආමන්ඩ් වෙනුවට wallnuts

තැම්බූ බිත්තර වෙනුවට සෝයා කිරි හෝ මේද රහිත කිරි

කුකුළු මස් වෙනුවට හතු

කොමඩු වෙනුවට දෙළුම්

ලෙමන් වෙනුවට ඇපල් සයිඩර් විනාකිරි

මින්ට් කොළ වෙනුවට කොත්තමල්ලි කොළ

තෙවන දිනය

උදෑසන පානය – දෙහි යුෂ ස්වල්පයක් සමග ග්‍රීන් ටී

උදෑසන ආහාරය – නැවුම් අන්නාසි යුෂ කෝප්පයක් සමග ඔම්ලට් එකක් හෝ තැම්බූ බිත්තරයක්

දහවල් ආහාරය – ටූනා සලාද සමඟ අන්නාසි කෝප්ප එකක්

සවස – ගම්මිරිස් ස්වල්පයක් සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කළ අන්නාසි කෝප්ප එකක්

රාත්‍රී ආහාරය – තැම්බූ එළවලු සමග කුකුළු මස් හෝ බිම් මල් සහ අන්නාසි කෝප්ප එකක්

මෙහි ප්‍රතිඵල මොනවද ?

ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර එමඟින් ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමට උපකාරී වේ.දෙහි වල අඩංගු විටමින් සී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වන අතර බිත්තර සහ ටූනා යනු හොඳ ප්‍රෝටීන් ප්‍රභවයන් ය. ගම්මිරිස් වල අඩංගු පයිපරීන් බර අඩු කර ගැනීමට හේතු වන අතර එළවළු වල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ,තන්තු ,විටමින් සහ ඛනිජලවණ අඩංගු වන අතර ඒවා මගින් ආහාර ජීරණය වැඩිදියුණු කළ හැකිය .

භාවිතා කළ හැකි ආදේශක

ග්‍රීන් ටී වෙනුවට කළු කෝපි

දෙහි යුෂ වෙනුවට ඇපල් සයිඩර් විනාකිරි

බිත්තර වෙනුවට මේද රහිත කිරි

කුකුළු මස් වෙනුවට සැමන්

හතරවන දිනය

උදෑසන පානය – මී පැණි සහ දෙහි යුෂ ස්වල්පයක් යෙදූ උණු වතුර කෝප්ප එකක්

උදෑසන ආහාරය – අන්නාසි කෝප්ප එකක් සමග තැම්බූ බිත්තර දෙකක්

දහවල් ආහාරය – අන්නාසි, ස්ට්‍රෝබෙරි සහ කිවි යොදා සකස් කළ සලාද කෝප්ප එකක්

හවස පානය – මේද රහිත කිරි කෝප්ප එකක්

රාත්‍රී ආහාරය – ටූනා සලාදයක් සමඟ අන්නාසි කෝප්ප එකක්

මෙහි ප්‍රතිඵල මොනවද ?

උණුසුම් ජලය සමග මී පැනි සහ දෙහි ශරීරයේ මේදය අඩු කිරීමට උපකාරී වේ .පලතුරු සලාද ඔබට අවශ්‍ය බොහෝ පෝෂපදාර්ථ ලබා දෙන අතර කිරි යනු ඉතා හොඳ කැල්සියම් ප්‍රභවයක් වේ.

භාවිතා කළ හැකි ආදේශක

දෙහි යුශ වෙනුවට ඇපල් සයිඩර් විනාකිරි

ස්ට්‍රෝබෙරි වෙනුවට blueberry

කිවි වෙනුවට කොමඩු

කිරි වෙනුවට පොල් වතුර

ටූනා වෙනුවට කුකුල් මස්

පස්වන දිනය

උදෑසන පානය – කුරුඳු සහ ඉඟුරු තේ

උදෑසන ආහාරය – තැම්බූ බිත්තර දෙකක් ,අන්නාසි යුෂ කෝප්ප එකක් සහ ආමන්ඩ්

දහවල් ආහාරය – අන්නාසි කෝප්ප එකක් සමග ග්‍රිල් කළ මැකරල්

හවස – මේද රහිත යෝගට් එකක්

රාත්‍රී ආහාරය – නිවිති සහ තක්කාලි සමග බැදපු කුකුල් මස් ,අන්නාසි කෝප්ප එකක්

මෙහි ප්‍රතිඵල මොනවද ?

කුරුඳු සහ ඉඟුරු යන දෙකම බර අඩු කර ගැනීමට සහ ආහාර ජීරණය වැඩිදියුණු කරගැනීමට උපකාරී වේ. බිත්තර යනු හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වන අතර ආමන්ඩ් වල සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු වේ.යෝගට් වල ප්‍රයෝජනවත් බැක්ටීරියා අඩංගු වන අතර ඒවා මගින් ආහාර ජීර්ණය පහසු කෙරේ.

භාවිතා කළ හැකි ආදේශක

කුරුඳු වෙනුවට කරාබු නැටි

ඉඟුරු වදර වෙනුවට ග්‍රීන් ටී

බිත්තර වෙනුවට සෝයා කිරි

මේදය රහිත යෝගට් වෙනුවට ඇපල්

කුකුල් මස් වෙනුවට සැමන්

තක්කාලි වෙනුවට අලිගැටපේර

විශේෂ කරුණු

ඔබ මෙම ඩයට් ප්ලෑන් එක අනුගමනය කරන කාලසීමාව තුළ අනිවාර්යයෙන්ම දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුය. ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන්නේ නම් ඔබට ආම්ලිකතාවය වැනි තත්වයන් ඇති විය හැකියි

මීට අමතරව නිසි පරිදි ව්‍යායාම කිරීම මගින් ද ඔබට සාර්ථක ප්‍රතිඵල ළඟා ළඟා කර ගත හැකිය. එමෙන්ම මෙම ඩයට් ක්‍රමය අනුගමනය කිරීමට පෙර වෛද්‍යවරයෙකු ලවා ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගන්නත් අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles