Exercise Machine නැතිව ගෙදර දී ඉක්මනින් Fat Burn කරන ව්‍යායාම

ශරීරයේ බර වැඩි වීම නිසා බොහෝ කාන්තාවන් අද ශාරීරිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්වනවා. බර වැඩි වෙනකොට ශරීරයේ හැඩයත් ඉබේටම වගේ වෙනස් වෙනවා. පුරුෂ පාර්ශවයට වඩා කාන්තාවන් ශරීරයේ හැඩය ගැන වැඩිපුර හිතනවනේ. ඒ වගේම ඔවුන් අන්‍යයන් සමඟ තමාව සංසන්දනය කරන්නත් හරි දක්ෂයි. ඉතින් ඒ නිසා මේ ගැටළුව කාන්තාවන්ට මානසිකවත් බලපානවා ඉතිං අපි හිතුවා ඔබේ සිරුර ලස්සනට හැඩට තියාගන්න පුළුවන් වෙන විදිහේ සරල Cardio Exercise කිහිපයක් අද කියලා දෙන්න.

මොනවද මේ Cardio Exercise කියන්නේ ?

සරලවම කිවොත් අඩු වෙලාවකින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරගෙන ලස්සන හැඩති සිරුරක් පවත්වාගෙන යන්න උපකාරී වන Exercise විශේෂයක් Cardio Exercise කියලා හඳුන්වන්න පුළුවන්.

Cardio Exerciseවල ප්‍රයෝජන

මේදය සහ කැලරි දහනය කිරීම නිසා ඉක්මනින් බර අඩු කර ගැනීමට හැකි වීම

පෙනහළුවල ක්‍රියාකාරිත්වය වැඩි කිරීම

අස්ථි ගණත්වය වැඩි වීම

හෘදයාබාධ, අධික කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ සමහර පිළිකා වල අවදානම අඩු කිරීම

හැඩති සිරුරක් ලැබීම.

අපි දැන් බලමු කොහොමද Cardio Exercise කිහිපයක් කරන්නේ කොහොමද කියලා

මුලින්ම worm up excercise කර ශරීරය ලිහිල් කර ගත යුතුයි. පසුව පහත දක්වා තිබෙන Cardio Exercise කළ හැකියි

Jumping Jacks

පළමුව අත් දෙක දෙපසින් තබා ගෙන සෘජුව සිට ගැනීම

ඉන්පසුව දෙපා මදක් ඈත් කර උඩ පැනීම

එයට සමානව ඇත දෙක ඉහළට එසවීම හා පහත දැමීම කළ යුතුයි

මෙම ව්‍යායාමය මුලින්ම ඉතා හෙමින් සිදු කර ක්‍රමයෙන් වේගවත් කළ යුතුයි.

කකුල්වල ඇගිලි පමණක් භාවිතා කළ යුතුයි.මුලු යටිපතුලම මේ සඳහා භාවිතා නොකරන්න.

මෙය මුලින්ම 10 වතාව බැගින් sets 3ක් කරන්න.පසුව ක්‍රමයෙන් වැඩි කළ හැකියි

Split Squat Jump

සෘජුව ශරීරය තබා ගැනීම
දෙවනුව මදක් උඩ පැන එක පදයක දණහිස පොළොවේ ගෑවෙන ලෙස පතිත වීම

මෙය පාද මාරු කර කළ යුතුයි.

මෙය සිදු කිරීමේදී ශරීරයෙ කද කොටස සෘජුව තබා ගැනීම ඉතා වැදගත්.

මෙය 10 වතාව බැගින් sets 3ක් කරන්න.

Burpees exercise

මුලින්ම සැහැල්ලුවෙන් උඩ පැනීම

බිමට පතිත වීමත් සමග සෘජුව දිගා වීම

පසුව අත් සහ පාද භාවිතයෙන් මදක් ඉස්සීම

මෙම පියවර තුන නොකඩවා 10 වතාවක් කළ යුතුයි

එමෙන්ම මෙය සිදු කිරීමේ දී අත් දෙක කෙලින් තබා ගත යුතුයි.

කකුල්වල සංධි නැමීම නොකළ යුතුය.

Mountain Climbers

මුලින්ම බිම දිගා වීම.

පසුව පහත රූපයේ ආකාරයට සිදු කරන්න

මෙහිදී ශරීරය පුළුවන් තරම් කෙලින් තබා ගත යුතුයි.

එක දිගට 20 වතාවක් බැගින් sets 3ක් කළ යුතුයි.

Shoulder taps

Mountain Climbs ව්‍යායාමය මෙන්ම මෙහිදී ද ශරීරය කෙලින් තබා ගත යුතුයි.

10 වතාව බැගින් sets 3ක් කිරීම ප්‍රමාණවත් වනවා.

පොදුවේ සැලකිලිමත් වියයුතු කරුණු

මෙම cardio excercise සාමාන්‍යයෙන් ඔබ දිනපතා සිදු ව්‍යායාමවලට ප්‍රථමයෙන් කිරීම ඉතා හොඳයි.

මෙය හෝ වෙනත් ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. ව්‍යායාම කිරීම ඔබට ආරක්ෂිතව සිදු කිරීමට වග බලා ගන්න. එසේම, ඔබේ ශරීරයට සවන් දෙන්න. ඔබ ඕනෑවට වඩා කරන බව එය ඔබට පවසන්නේ නම්, ඔබේ ව්‍යායාම කරන ප්‍රමාණය අඩු කරන්න.

ඔබ කුමක් කළත් ඔබේ හෘද ව්‍යායාම සරලව තබා ගැනීමට මතක තබා ගන්න. කොහේ හරි පටන් ගෙන විනාඩි 5 ක ඇවිදීමක් වුවත් දිනපතා යමක් කිරීම ඉලක්කයක් කර ගන්න. ඔබ පුහුණු වන තරමට මෙය සිදු කිරීම පහසු වේ .

Related Articles

Don't Miss


Latest Articles