සහකරුට ඔබේ ආදරය පෙන්වන සාර්ථක ක්‍රමයක්

ආදරය කරද්දී “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි” කියන එක එච්චර ප්‍රායෝගික නෑ.ලිංගිකත්වය කියන දේ ආදරය රස ගන්වන්නක්.
දෙදෙනා අතර බැඳීම ඔප් නංවන්නක්.

ඒත්,සමහර හේතු නිසා ලිංගික සම්බන්ධතාවයක් තබා ගන්න සමහර යුවළවල් පැකිලීමට පත් වෙනවා.සමහර රෝගයන් නිසා ලිංගික ආශාව හීන වීම, දුරස් වී ජීවත් වීම විතරක් නෙවෙයි අපේ රටේනම් “මැරි කරන්න කලින් සෙක්ස් කරන එක එච්චර හොඳ නැති බව”හිතන ජෝඩු ඉන්න පුලුවන්.

කමක් නෑ!! අපි හැමෝටම හැමදෙයකමට මොකක්ම හෝ හේතුවක් තියෙනවා.

ඒත්, එහෙම ලිංගිකත්වයේ සතුට නොවිඳින ඔබට ආදරයේ ඉමිහිරි බව විඳින්න ක්‍රමයක් තියෙනවා.අද අපි කියන්නේ ඒ ගැන.

ඒ “ශාරීරික ස්පර්ශය”.

මොනවද ශාරීරික ස්පර්ශය කියලා හඳුන්වන්න පුලුවන්?

වැලඳගෙන සිටීම,සිප ගැනීම, පිටට පිට තබා හිඳගෙන සිටීම,උරහිස් සම්බාහනය, අතින් අල්ලාගෙන හිඳීම වගේම පොඩි තට්ටුවක් දැමීම පවා ආදරය අලුත් කරන දෙයක්.

ආචාර්ය ගැරී චැප්මන්ගේ ආදර භාෂා පහට අනුව භෞතික ස්පර්ශය ආදර භාෂා පහෙන් එකක් පමණයි.අනිත්වා වෙන්නේ අගය කිරීම,උදව් කිරීම,Quality Time එකක් පවත්වා ගැනීම,තෑගි ලබා දීම වගේ දේවල්.මේ කාරණා පහම හරිම වැදගත්.ඒ නිසා ඔබේ සහකරු වැඩියෙන්ම කැමති දේ ගැන විමසන්නත් ඔබට පුලුවන්.ඇත්තටම ඔබට ලිංගිකත්වයම ආදරය පවත්වාගෙන යන්න අවශ්‍ය නැහැ.අසීරු දවසක ඔහුට උදව් කරන මාර්ගයක් සොයා ගැනීම,ඔහුගේ විශේෂ දිනවල දී තෑගි ලබා දීම වගේ දේවල් කරන්නත් පුලුවන්.මේ හැමදෙයක්ම අතරේ ශාරීරික ස්පර්ශය කියන්නේ හරි වටිනා දෙයක්.

ශාරීරික ස්පර්ශය, විශේෂයෙන් තුරුළු කර ගැනීමෙන් ඔක්සිටොසින් මුදා හරිනවා අතර එය ඔබ තුළ.ආරක්ෂාව හැඟෙන හැඟීමක් ඇති කරන හෝමෝනයක් ”යැයි චර්‍යා විද්‍යාඥ සහ සබඳතා පුහුණුකරු ක්ලැරීසා සිල්වා පවසනවා “යුවළක් අතර ඇති බැඳීම වැඩි වීමය අමතරව, එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට ද උපකාරී වෙනවා කියලයි ක්ලැරීසා පවසන්නේ

ශාරීරික ස්පර්ශයන් තුළින් ආදරය පෙන්විය හැකි විවිධ ක්‍රම

සිප ගැනීම

ආදරය පෙන්වන්න සිප ගැනීම තරම් මැජික් එකක් තවත් නැහැ. තොල්,මුහුණ,ගෙල , අත සිප ගෙන ඔහුට ඇති ආදරය පවසන්න ඔබට පුලුවන්.
හාදුවක් කියන්නේ ආදරයේ රස වැඩි කරන දෙයක් කියලා අපි ඔබට අමුතුවෙන් කිව යුතුත් නැහැ.

අතින් අල්ලා ගැනීම

තමන්ගේ සහකාරියගේ අතකින් සහකරු අල්ලා ගත්තාම ඇයට ආරක්ෂිත හැඟීමක් සහ ආදරයක් ඇති වෙන බව පර්යේෂකයන් අතර ප්‍රකට මතයක්.
ඇත්තටම ඉතින් අතේ එල්ලිලා යන්න වයස් සීමාවක් නැහැ.ආදරය සහ එකිනෙකා අතර ගරුත්වය පෙන්වන්න මෙය හොඳම දෙයක්.

තුරුළු කර ගැනීම

චිත්‍රපටියක් බලද්දී එකිනෙකාට තුරුළු වීම, රාත්‍රියේ බැල්කනියට වී තුරුළු වෙමින් තරු පිරි අහස දිහා බලා සිටීම ඔබේ ආදරයට හොඳ ඔසුවක්.ඔබේ සහකරුව වැළඳ ගන්න මේ වගේ මොහොතක අමතක වෙනවා නම් අදම පටන් ගන්න.

ස්පර්ශය

ස්පර්ශය ලිංගික ක්‍රියාවට උත්තේජනයක් බව අපි දන්නා දෙයක්.ඒත් ඔහුගේ හිසකෙස් ස්පර්ශ කිරීම,අතක් ස්පර්ශය,බෙල්ලේ හෝ පිටේ ඇඟිලි තුඩු ඇඳීම ආදිය ලිංගික ආරාධනාවක් නැතිව ආදරය පෙන්වීමක්.

තට්ටුවක් දැමීම

ඔහු කුමක් හෝ තදබල රාජකාරියක හිරවෙලා අසීරුවෙන් ඉන්න වෙලාවක උරහිස් මසාජ් කිරීම වගේම ඔහු ළඟින් යන ගමන් පසුපසට තට්ටුවක් දැමීම කියන්නේ ආදරය වැඩි කරන දේවල්.ඔහුව සිප ගැනීමට හෝ වැලඳ ගැනීමට අසීරු පොදු ස්ථානයකදී ඔහුගේ අතට තට්ටු කරලා “සේරම හරි කියන්නත් ඔබට පුලුවන්.

සමීපව අසුන් ගැනීම

උත්සවයකදී හෝ පොදු ස්ථානයකදී ආදරය පෙන්වන්න හොඳ ක්‍රමයක් තමයි එකිනෙකාට සමීපව අසුන් ගැනීම.වෛද්‍ය සායනයක් වගේ තැනකදී නම් ඔහුට ධෛර්යය දෙන්න එය ලොකු හේතුවක් වෙයි

කිති කැවීම

මේක හැමෝම කැමති දෙයක් නම් නෙවෙයි.ඒත් එකිනෙකාට තියන ආදරය පෙන්වන්න මෙහෙම පොඩි පොඩි දඟකාර වැඩ උවමනා වෙන බව මතකයේ තබා ගන්න.

Long Distance Relationship එකකදී ආදරය පවත්වා ගන්නේ කොහොමද?

මේ වගේ සබඳතා තුළ අපි කැමති වුණත් ලිංගිකව හැසිරෙන්න, සිපගන්න, වැලඳ ගන්න ඉඩක් නැහැ.අන්න ඒ වෙලාවට තාක්ෂණයේ උදව් ගන්න.

වීඩියෝ චැට් කිරීම

සන්සුන් වෙලාවක ඔබ දෙදෙනා අතර සමීප සබඳතාවයක් වර්ධනය වෙන ආකාරයෙන් වීඩියෝ චැට් කිරීම ආදරය ඔප් නංවා ගන්න හේතුවක්.ඇස් දිහා ආදරෙන් බලන්න,ආදරෙන් කතා කරන්න නම් අමතක කරන්න එපා.ළඟ ඉන්නවා වගේ දැනෙන තරමට ආදරයෙන් ඒ ඇමතුම අරන් යන්න.

අමුතු තෑගි

උපන්දිනයකට,සංවත්සරයකට යවන මිලාධික තෑගි ගැන නෙවෙයි මේ කියන්නේ.විදේශයක ඉන්න ඔබේ පෙම්වතා ඔහු නිතරම අඳින ටී ෂර්ට් එක ඔහුගේ සුවඳ එක්ක ඔබට එව්වොත් ඔහු ළඟ ඉන්නවා වගේ හැඟීමක් ඔබට ඇති වෙයි නේද? ඔබටත් පුලුවන් ඔබේ සුවඳ විලවුන් ආලේප කරපු ටෙඩියෙක්,ඔබේ ඇඳුමක් ඔහුට යවන්න.

ඒව ආදරය තවතවත් වර්ධනය කරන පුංචි පුංචි මැජික් කියලා හොඳින් හිතේ තබා ගන්න.

ආදරේ කරද්දී වගේම විවාහයක් පවත්වාගෙන යද්දී ලිංගික සම්බන්ධතා පැවැත්වීමට නොහැකි හේතු තිබුණු පමණින් ආදරය අවසන් වෙන්නේ නැහැ.
ඔබට සාධාරණ හේතු තිබේ නම් ලිංගිකත්වය නැති කාල පරිච්ඡේදයක් ගත කරන්න සිදු විය හැකියි.

ඒත් මේ දේවල් නම් ඔබේ සබඳතාවය තුළ අත නොහැර පවත්වාගෙන යන්න.ඒ ඔබේ ආදරය වඩාත් සුන්දර කරන මැජික් එකක් බව අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles