කාන්තා ඔබේ පෞරුෂයට හානි කරන පුරුදු

අන්‍යයන් අතර කැපී පෙනෙන,දිදුලන චරිතයක් බවට පත්වීමට අපි හරිම ආසයි.එහෙම නේද ?නමුත් මෙය සිතන තරම් පහසු ද ? නැහැ.ඒ අප නොදැනුවත්වම අපේ පෞරුෂයට හානි කරන සමහර පුරුදු නිසා  අපව ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ වැඩිවීම නිසාවෙන්.

ඉතාමත් ඉහළ පෞරුෂයකින් පිරුණු කාන්තාවක් කියන්නේ හිරු තරම්ම රැස් විහිදුවන්න පුළුවන් කෙනෙක් කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ,යන යන තැන්වල පිරිමි විතරක් නෙවෙයි කාන්තා ඔබත් එවැනි කාන්තාවන්ට ආසක්ත  වනවා නේද ?හිතේ ඇතිවෙන පුංචි ඉරිසියාවක් එක්ක (එහෙම නොවෙන්නත් පුළුවන් )අනේ මටත් මේ විදියට වෙන්න පුළුවන් නම් හොඳයි නේද කියන සිතුවිල්ල බොහෝ දෙනෙකුට එනවා.

ඉතින් කණගාටු වෙන්න දෙයක් නැහැ.පෞරුෂයෙන් පිරුණූ දිදුලන කාන්තාවක් වෙන්න ඔයාටත් අනිවාර්යෙන්ම පුළුවන්.ඒ සඳහා මෙන්න මේ පුරුදු වලින් ඈත් වෙන්න.

1.කෙලින් කතා නොකිරීම


සමහර කාන්තාවන් සිටිනවා කිවයුතු දේ කෙලින් කියාගන්නට හෝ  පැහැදිලිව ප්‍රකාශ කිරීමට තරම්වත් ශක්තියක් නැහැ.එහෙත් මේ අය හොරෙන් ඕපදූප කියන්න වගේම අනුන්ගේ අඩුපාඩු ගැන හොයන්නත් රුසියෝ.ඉතින් මුලින්ම ඔබ අවධානය යොමු කළ යුතු දේ තමා කිසිවෙක් සම්බන්ධව ,කිසියම් කාර්යයක් සම්බන්ධව ඔබ අදාළ පුද්ගලයන් සමග නිවැරැදිව සන්නිවේදනය කරනවාද යන්න.
සන්නිවේදනයේ දී වැදගත්ම දෙයක් වන්නේ පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීම වගේම ඔබ කතා කරන පුද්ගලයාගේ ඇස් දෙක දෙස බලාගෙන කතා කළ යුතු වීමයි .
අහක බලමින්,පොළොවේ ඉරි අඳිමින් ,ෆයිල් කවර කොනහමින්,කොණ්ඩය හදමින්,වචන වරද්දමින් කතා කිරීම ඉක්මනින් ම නතර කිරීමත් හරිම වැදගත්.

2.කාට හරි ඕන විදිහට ජීවත් වීම


ඔබ හොඳින් බලන්න!දුර්වල පෞරුෂයකින් යුතු කාන්තාවන් නිතරම ජීවත් වන්නේ අනුන්ට ඕනෑ විදියටයි.ඒ ඔවුන් සමාජයට ඉතාමත් භය වීම නිසායි.මේ නිසා ඔවුනට තමන්ගේ මතයක් නැතිම තරම්.
ඉතින් ,මේ මොහොතේ මා ඔබට කියන්නේ ,ඔබ ඔබෙන්ම විමසා ගන්න,ඔබ ගේ පාලනය තිබෙන්නේ කිහිප දෙනෙකු අතර විය හැකියි.ඉතින් මේ නූල් ටික කපලා  දාන්න දැන් කාලය හරි.

3.තැනට ගැලපෙන ඇදුම් ගැන සැලකිලිමත් නොවීම


ඔහේ ඕනෑවට එපාවට වගේම කිසිම ගැලපීමක් නැති වර්ණ,යල්පැනගිය ආභරණ භාවිතා කිරීමත් ඔබේ පෙනුමට පෞරුෂයට විශාල හානියක් ගෙන දෙනවා.
නිරන්තරයෙන්ම වෙනස්වන ආභරණ ආදිය නිතරම තෝරා ගැනීම ඔබට කරදරයක් විය හැකියි.එහෙනම්  සිහින් රන් මාලයක් හෝ ඔබ කැමති රිදී අබරණ වලට නම් රිදී ජුවලරි කිහිපයක් තබා ගැනීමෙන් වැදගත් පෙනුමක් ලබාගන්නට පුලුවනි.
ඇදුම් වලට පවා මෙය අදාලයි.හොඳ පෞරුෂවත් කාන්තාවන් කිහිප දෙනෙක් ගේ ඇඳුම් පැළඳුම් විලාසිතා අධ්‍යනය කිරීම ත්,එයම අනුගමනය නොකර ඔබට ගැලපෙන ලෙස සකසා ගැනීමත් වැදගත් .මෙහිදී අවංකව ප්‍රතිචාර දක්වන මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ගෙන් අදහස් විමසන්නටත් පුළුවන්.ඒ වගේම අද කාලයේ ගූගල් කළාම ඕනෑම දෙයක් හොයාගන්න පුළුවන් බවත් ඔබ දන්නවා.

4.අපිළිවෙල


ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි ,යන එන,කන බොන විදිය,ඒ වගේම නිවැරදි  ඉරියව්  පවත්වාගැනීම පවා මේ සදහා ඇතුලත් වෙනවා.ඉතින් අප මේ කතා කරන්නේ මගේ පිලිවෙල ගැන නිසා මේ මොහොතේ ඔබේ ඇවතුම් පැවතුම් ස්කෑන් කර බැලීම හරිම වැදගත්.

5.චිත්තවේග කළමනාකරණය  කරනොගැනීම


හරිම ඉක්මනින් හඬා වැලපීම වගේම කේන්ති ගැනීමත් දුර්වල පෞරුෂයකින් යුතු කාන්තාවන් අතර හරිම සුලබයි .ඉතින් ඔබට අවශ්‍ය ඉහළ පෞරුෂත්වයෙන් යුතු තැනැත්තියක් වීම නම් ඔබට ඔබේ  හැඟීම් සමග ගණුදෙනුව පිලිබද ඉතාමත් ඉහළ ඉහල සැලකිල්ලක් දැක්වීමට සිදු වෙනවා.

6.කුසලතා වැඩි දියුණු කර නොගැනීම

තමන්ගේ වැඩ අනුන්ට කියා කරගන්නට වගේම,තමන් ෆේල් වෙද්දි අනුන්ට චෝදනා කිරීමත් මෙවැනි පුද්ගලයින්ගේ සුලභ ලක්ෂණයක්.
ඉතින් තමන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමෙන් එය අවම කරගන්නට වගේම නැති කරගන්නට පුළුවන්.ඊට පස්සේ අපට කියන්න පුළුවන් ඔබ පෞරුෂයෙන් පිරුණු කාන්තාවක් බව.
මෙහිදී ඔබ සංවර්ධනය කරගන්නා කුසලතා අතරට කාල කළමනාකරණය කර ගැනීම,නිර්මාණශීලී බව ,ගැටුම් විසඳා ගැනීම ,සන්නිවේදන හැකියාවන්,සවන්දීමේ කුසලතා,මෘදු හැසිරීම් ,කාරුණික බව ,ජීවන කුසලතා ආදිය පිළිබඳ සැලකිලිමත් වීම හරිම වැදගත්.

ශේන්‍යා

Related Articles

Don't Miss


Latest Articles