වැලන්ටයින් දිනය දා හැරී-මේගන් යුවළ ලබා දුන් අපූරු ආරංචිය

හැරී කුමරු සහ මේගන් කුමරිය සෑම විටම පුවත් මවන්නට සමත් යුවළක්.2023 වැලන්ටයින් දිනය දවසේ ඔවුන් මේගන් කුමරිය තුන්වැනි වරට ගර්භනී වී ඇති බව නිවේදනය කර තිබෙනවා.

2018 වසරේදි විවාහ දිවියට එළඹි හැරී කුමරු සහ මේගන් මර්කල් දෙමව්පියන් බවට පත්වන්නේ 2019 වසරේදි. ඉන්පසු 2020 පෙබරවාරි 14 වැනිදා ඔවුන් දෙවැනි දරුවා ගැන නිවේදනය කළා.ආදරවන්තයන්ගෙ දිනයකදීම මේ සුවිශේෂී නිවේදනය කිරීම ගැන බොහෝ සුන්දර අතීත කතාවක් ද තිබෙනවා.1984 වසරේදි  ආදරවන්තයන්ගේ දිනයේදී ඩයනා කුමරිය විසින් හැරී කුමරුගේ උපත බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කළා .හැරී හා මේගන් යුවළ ගර්භනී බව නිවේදනය කිරීමට ආදරවන්තයන්ගේ දිනයම යොදා ගන්නට හේතුව එයයි.

හැරී කුමරු සහ මේගන්ගේ පළමු හමුවීම Blind Date එකක්. මේ හමුවීම සූදානම් කරන්නේ ඔවුන්ගේ පොදු හිතවතෙක් විසින්. සාමාන්‍යයෙන් blind date සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා අඩුයි. එහෙත් මේ හමුවීම සුවිශේෂයි. ඇය දුටු විගසම ඇය තමයි ගැළපෙනම කෙනා ලෙස සිතුණු බව හැරී කුමරු පවසනවා. ඒ ආදර කතාව එසේ ඇරඹී ඔවුන් ඇවිද ආවේ මල් මාවතක නම් නෙවෙයි.

2018 මැයි මාසයේදී ඔවුන් විවාහ වෙනවා. එහෙත් ඒ විවාහයට සහ එතැනින් එහා ජීවිතයට රජ පවුල දැක්වූ අකමැත්ත සහ ඔවුන්ගේ රහස් කූඨ උපක්‍රම මේගන්ගේ සහ හැරීගේ ජීවිතය පහසු කළේ නම් නෑ.

“හතර දෙනෙකුගෙන් යුත් පවුලක් වීම සිහිනයක් සැබෑ වීමක්, නමුත් මෙම මිශ්‍රණයට තවත් එක් අයෙකු එකතු වීම ඊටත් වඩා අපූරු වනු ඇත,”

හතර දෙනෙකු පස් දෙනෙකු වීම ගැන හැරී සහ මේගන් එවැනි අදහසක් දරනවා.

Spare නම් කෘතිය හරහා හැරී කුමරු රජ පවුලේ අප්‍රමාණ අසාධාරණකම් වලට ලක් වූ බව තහවුරු වුණා. එලිසබෙත් රැජින මෙන්ම විලියම් කුමරු ද චාල්ස් රජු ද ඔවුන් දෙදෙනාට සැබෑ ආශිර්වාදයක් වී නැහැ. දැන් ඔවුන් රජ පවුලේ වගකීම්වලින්ද ඉවත්ව සිටිනවා. නමුත් ඔවුන් ප්‍රේමයෙන් ජීවත් වන බවත් දරුවන් ඇතිදැඩි කරමින් පවුලක් ලෙස ජීවත් වන්නට කැමති බවත් මේ නව දරුවෙකුගේ බලාපොරොත්තුව නිසා කාටත් පැහැදිලි වන්නක්.

ඩයනා කුමරියගේ අභාවය සිදු වද්දී හැරී කුමරු නව යෞවනයෙක්. අම්මා සහ පවුල යන සංකල්පය ඔහුට ඉතා තදින් මඟ හැරෙන්නට ඇති. ඒ හන්දාම ඔහු පවුල යන සංකල්පයට රජකමට සහ රජ සැපට වඩා ඇලුම් කරනවා වන්නට පුලුවන්.ප්‍රේමය පවතින්නේ භෞතික සාධක මත නෙවෙයි. තමන්ගේ බව හැඟෙන අය අතරයි. තමන්ගේ කියා ඇති පවුල තවත් පුළුල් වන බවට නිවේදනය කරමින් හැරී සහ මේගන් මේ ලබා දෙන්නේ එක්තරා ආකාරයක ප්‍රේමයේ පණිවිඩයක්.

Related Articles

Don't Miss


Latest Articles