පහසුවෙන් ජීවිතය වෙනස් කරගන්න Smart Plan එකක්

සුපිපි හරිම සතුටින්. සුපිපිගේ ගෙවත්ත වසන්තය පිළිගන්න මල් වලින් සැරසිලා. නැවුම් සුවඳකින් ගෙවත්තම පිරී ඉතිරී ගිහින්. සුපිපිත් අලුත් උද්‍යෝගයකින් සැරසිලා. අලුත් අවුරුද්ද නිසා පරිසරය කොපමණ හැඩ වෙනවද ? අලුත් වෙනවද ?ඉතින් අපිත් ඒ එක්කම අලුත් වුණොත්, සුව දායක විදියට වෙනස් වුණොත් නේද හොඳ ?

සුපිපි කල්පනා කළා. පරිසරය වගේම මමත් වෙනස් වෙනවා. අලුත් වෙනවා. අනිත් අයටත් මේ ගැන කියලා දෙනවා. එයා එහෙම හිතුවා. ඉතින් සුපිපි තමන් ගැන හිතන්න පටන් ගත්තා. කොලයක් පෑනක් ලඟට ගත්තා. ඉතින් ඔබටත් අලුත් අවුරුද්දේ අලුත් සිතුවිළි සමඟ අවදි වෙන්න ඕනා කියලා අප දන්නවා.

මොනවද මගේ වෙනස් විය යුතු දේවල් ?

  • මට කේන්ති එනවා.
  • එහා ගෙදර කාන්ති එක්ක මම තරහයි.
  • මම ටිකක් අපිළිවෙලයි.
  • රැකියාවට යන විට, වෙන වැඩ කටයුතු වලදී ප්‍රමාද වෙනවා.
  • මගේ කිසිම ඉතුරුවක් නෑ.
  • අවුරුද්දට මේ සැරේ නම් මගේ අතින්ම කැවිලි හදනවා.
  • අවුරුද්දේ ඉතිරි මාස ටික සැලසුමක් ඇතිව ගත කරනවා. දැනටමත් මාස 4 නාස්ති වෙලා ඉවරයි.

මේ සුපිපිගේ සැලසුම. ඉතින් මේ ඇය තමන් ගේ දැකපු අඩුපාඩු ටික පමණයි. ඉතින් දැක්කට විතරක් මදිනේ. මේවට යොදන පිළියම් ගැන හිතන්නත් වෙන්නේ තමන්ටම තමා. මොකද අනුන්ගේ විසඳුම් තමන්ට ආදේශ කරගන්න අමාරු නිසා. ඉතින් ඔන්න මේ ටික අප මෙහෙම වගු ගත කරමු. එතකොට වඩාත්ම පහසුයි. කාර්යක්ෂමයි.

ඔන්න ගෙවල් දොරවල් අස් පස් කරලා, ඇඳුම් පැළඳුම් මිලදීගෙන කැවිලි පෙවිළි හදාලා, නෑ ගම් ගිහින් වෙනදා ඉවර වෙන අවුරුද්ද මේ සැරේ ඔබේ ජිවිතයට එකතු වන අලුත් වෙනස සමඟම වසර පුරාම ගලා යන ප්‍රීතියෙන් සහ සාර්ථකත්වයෙන් පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් කරගන්න ලැබේවා කියලා ස්මාට් ලේඩි සුබ පැතුම් එක්‌ කරනවා.

– චම්මි –

Related Articles

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...