ඉන්දීය දේශපාලනයේ අම්මා ලෙස නම් ලද ජයලලිතා ජයරාම්

තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනියක් වන ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව ඇසුරෙන්  නිපදවූ චිත්‍රපටයක් තමයි Thalaivi.

2021 සැප්තැම්බර් මාසේ ප්‍රදර්ශනය ඇරඹූ මේ චිත්‍රපටිය ජයලලිතාගේ ජීවිතයේ සම්පූර්ණ සිදුවීම් අළලා නිපදවූවක් නම් නොවන වග තමයි caraka in පවසන්නේ.ජයලලිතා කියන්නේ සම්පූර්ණයෙන්ම සුදු චරිතයක් නෙවෙයි.ලෝකයේ ඕනෑම දේශපාලනඥයෙක් මෙන් ඇයත් යහපත සහ අයහපත මිශ්‍ර චරිතයක්.නමුත් මේ චිත්‍රපටිය ජයලලිතාගේ ජීවිතයේ හොඳ පැත්ත පමණක් පෙන්වීම ගැන විචාරකයන් නොසතුටු වුණා.

මේ චිත්‍රපටය ජයලලිතාගේ චරිතය රඟපාන්නේ ජනප්‍රිය නිළි kangana විසින්.

“ජයලලිතා කියන්නේ තරුවක්.ගේ චරිතය රඟපෑම මට අභියෝගයක් වුණා”

කංගනා ඒ ගැන එසේ පවසා තිබුණා.

යොවුන් දැරියක් සිනමා කර්මාන්තයට පිවිස ඉන්පසු ඉන්දීය දේශපාලන ප්‍රබලතම ගැහැනියක වීම දක්වා සිදුවීම් මාලාවක් පැය තුනකට ගොනු කිරීම අභියෝගයක්.ඇගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ අවුරුදු 16 දී.ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හෙබවූයේ M.G රාමචන්ද්‍රන්.ඔහුව MGR ලෙස හැඳින්වූවා.ජයලලිතාට වඩා බොහෝ වයස්ගත ඔහු සමග ජයලලිතා පැවැත්වූ සමීපතම සම්බන්ධතාවය චිත්‍රපටියෙ මනාව දැක්වෙනවා.ජයලලිතාගේ දේශපාලන ගමනට වගේම සිනමා ජීවිතයටත් අතදුන් මේ MGR සමග සම්බන්ධතාවය ලෝක සම්මතයට විරුද්ධ දෙයක්.ජයලලිතා ඔහුට ආදරය කරන්නේ  ගේ පවුල් ජීවිතයට කිසිසේත්ම බාධාවක් හෝ තුන්වැනි ය කු නොවෙන ගමන්.ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඇය බොහෝ පරාර්ථකාමීව කැපවෙනවා.කටකතා සහ මඩ තවම ඉන්දියාවේ ඉතිරිව තිබුණත් ජයලලිතාගේ මේ ආදරය සැබෑවටම පරාර්ථකාමී එකක්.කන්ගනා සහ අරවින්ද ස්වාමි ඒ ආදර කතාවට චිත්‍රපටිය තුළ  සාධාරණයක් ඉෂ්ඨ කර තිබුණා.

ජයලලිතා සිනමා තාරකාවක්.ඉතා හොඳින් අධ්‍යාපනය ලැබූ ඇය නීතිවේදිනියක වීමට සිහින දුටුවත් පවුලේ දුෂ්කරතා නිසා සිනමාවට පිවිසි ගැහැනියක්.එහි ද ඉතා සාර්ථකත්වයට පත් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටි වල ප්‍රධාන නිළිය වූ චරිතයක්.දමිළ,තෙළිඟු ,මලයාලම්,කන්නඩ, ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපට එකසිය ගණනක ඇය චරිත නිරූපණය කර තිබෙනවා.ඒ වගේම ඇය ඒ භාෂා සියල්ලම චතුර ලෙස හසුරවන්නියක්.නර්තනය ඉතා හොඳින් පුහුණු කළ කාන්තාවක්.

MGR නිසා ජයලලිතා දේශපාලනයට පිවිසෙන්නේ 1982 වර්ෂයේදී.ඔහුගේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරිය ලෙස කටයුතු කළ ඇය චතුර කථිකත්වය නිසා ඉන්දිරා ගාන්ධි මහත්මියගේ ජනතාවට පවා ලක් වූ කෙනෙක්.MGR අසනීපයෙන් පසුවූ නිසා ඇය ඔහුගේ දේශපාලන ව්‍යාපාර හැසිරවූවා.එතැනින් පසු දේශපාලන ලෝකය ඇයට පහසු එකක් වූයේ නැහැ.මේ චිත්‍රපටය ඇය ඒ මඩ ගොහොරුවේ විඳි අනේක විධ දුක්ඛ දෝමනස්සයන් ගැන රැගෙන එනවා.

ලෝකය සහ දේශපාලනය ජයලලිතා කෙබඳු ගැහැනියක් ලෙස හැඳින්වූවත් ඇය  තමිල්නාඩුවේ අම්මා.ගැහැනියක සතු ධෛර්යය සහ තමන් ගැන ඇති ආත්ම විශ්වාසය මනාව පැහැදිලි කරන මේ චිත්‍රපටිය ඔබ නැරඹිය යුතුම එකක්. දේශපාලනය හෝ ඉන්දීය සිනමාව ඔබ ප්‍රිය නොකරන්නට පුළුවන්.නමුත් ගැහැනියක සතු ආත්ම විශ්වාසයත් දරා ගැනීමේ හැකියාවත් ගැන තේරුම් ගන්නට මේ චිත්‍රපටිය බොහෝ උදව් වෙනවා.

මේ යකඩ ගැහැණිය ගැහැණිය කගේ ජීවිත කතාව නිර්මාණය A.L.Vijay නම් අධ්‍යක්ෂකවරයා විසින්.Thalavii නමින් Ajayan Bala ලියූ කෘතිය මේ චිත්‍රපටයට පදනම් කර ගැනුණා.

දේශපාලන මඩ ගොහොරුවේ ගිලුණු ඉන්දීය සිනමා තාරකාවකගේ ජීවිත කතාවේ සිනහවද කඳුලද මග නොහැර නරඹන්න.

Related Articles

Don't Miss


Latest Articles