කටට රසට නැතිවම බැරි දෙහි

ලොව සැමට එදිනෙදා දිවියට නැතිවම බැරි ජනප්‍රිය අගනා පලතුරු විශේෂයක්‌ ලෙස දෙහි හැඳින්විය හැකිය. දෙහි පවුල කූඬලු දෙහි,  නාරං ලෙමන්, හීන් නාරං, කොණ්ඩ නාරං ලෙස විවිධත්වයක් ගනියි. දෙහි මොණරාගල , අම්පාර , බිබිල ආදී ප්‍රෙද්ශවල වැඩි වශයෙන් ව්‍යප්තව ඇත. රස වගේම දෙහි ඔබේ දිවිය සෞඛ්‍ය සම්පන්න කරවයි

අධික රුධිර පීඩනය වර්ධනය වීමෙන් හටගන්නා හදිසි හෘදයාබාධවලට දෙයි යුෂ පානය වඩාත් ගුණදායකයි. රුධිර වාහිනී අභ්‍යන්තරයේ මේදය තැන්පත් වීමෙන් සෑදෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගැනීමට ද දෙහිවලට පුළුවන්. එපමණක් නොව හෘදය ආශ්‍රිතව සෑදෙන අනෙකුත් රෝගවලට දෙහි පානය වඩාත් හොඳ ඖෂධයක්. එමෙන්ම, හෘදවාහිනී ආශ්‍රිත රෝගවලට ද මේවා ඉතාමත්ම ගුණදායකයි. දෙහිවලින් නිපදවන ආම්ලික තෙල් සාරය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට වඩාත් හිතකරයි. පැඟිරි තෙල් වැනි දෑ මඟින් මදුරුවන් දෂ්ඨ කිරීම පාලනය කිරීමට ද හැකියාව තිබෙනවා.

දෙහි යනු ආම්ලික පලතුරු වර්ගගීකරණය කිරීමේදී ප්‍රමුඛත්වයේලා ගිනිය හැකි පලතුරු වර්ගයක් මෙහි ඇති සිට්‌රික්‌ අම්ලය නිසා ඇඹුල් ගතිය අධිකය. මෙහි ඔක්‌සිකාර සීනි ප්‍රමාණය සියයට පහකි (5%) . අමෙරිකානු දියවැඩියා සංගමයේ පරීක්ෂකවරුන් පවසන්නේ, දෙහි මඟින් රුධිරයේ අන්තර්ගත සීනි ප්‍රමාණය මනාව පාලනය කිරීමට පුළුවන් බවයි. ශරීරයේ නිපදවෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉක්මනින් අවශෝෂණය කිරීමේ හැකියාව දෙහිවල අඩංගුයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීමට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දෙහි තුළ අඩංගු විටමින් සංඝටකය නිසා පාලනය කර ගැනීමට පුළුවන්. පැගිරි සහිත පලතුරක් වන දෙහිවල විටමින් A අන්තර්ගතයි. එය සිරුර අභ්‍යන්තරයේ අම්ල සමග ප‍්‍රතික‍්‍රියා කරමින් ප‍්‍රතිශක්තිකරණය ලබා දෙයි. දෙහි යුෂ වල ඇති සී විටමින් නිසා රෝග ප්‍රතියෝදන ශක්‌තිය වැඩි කරයි. දත් සම ඇස්‌ ආදියට හිතකරයි තරබාරුකම අඩුකිරීමේ හැකියාව ඇත.

උදෑසනම දෙහි යුෂ පානයක් වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබට වාසිදායක ප‍්‍රතිඵල රැසක්ම හිමිවේ. කෑම හදනකොට සම්බෝල , ලුණුමිරිස්, හොදි ආදියට දෙහි යුෂ එක් කිරීමෙන් රසවගේම ගුණයත් යහමින් ගෙනදෙයි. නිරෝගී දිවියකට අනිවාර්යයෙන්ම දෙහි එදිනෙදා ආහාරවලට එකතුකරගන්නට අමතක කරන්න එපා.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles