(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක ගෙන් මගේ අම්මත් තාත්තත් මාව වෙන් කළේ සැපවත් ජීවිතයක් ලබා දෙන්නයි.නමුත් එයාලගෙ තේරීම වුණු මට වඩා අවුරුදු දොළහක් විතර වැඩිමල් රටේ නම ගිය ව්‍යාපාරිකයා ඒ වෙද්දී හිටියේ දවසින් දවස බංකොලොත්භාවයට පත් වෙමින්.

“අර රත්තරන් බඩු ටික ආයෙ කවදද අක්කට ලැබුණේ..”

කෙල්ලෝ රත්තරන් වලට දක්වන ආසාව හින්දමද මන්දා කතාව කියාගෙන යනකොට මට එහෙම ප්‍රශ්නයක් යොමු වුණා.

“මං ආයෙ කවදාවත් ඒ රත්තරන් බඩු ඇහැටවත් දැක්කෙ නැහැ..”

Smartlady කණ්ඩායමේ නංගිට විතරක් නෙමෙයි,මගෙන් ඒ ප්‍රශ්නය මෙතුවක් කාලෙකට අහපු හැම කෙනෙකුටම හංගන්න නැතුව මට කියන්න තිබුණේ ඒ උත්තරේ.Homecoming එක දවසේ අසංකට දීපු රත්තරන් බඩු එයා ආයේ කවදාවත් මට ගෙනල්ල දුන්නෙ නෑ.ඒ දේවල් ඒ වෙලාවෙ අසංකට මහමෙරක් වුණා කියලා දන්න නිසාම මටත් ආයෙ ඒ ගැන විමසන්න උවමනා වුණේ නැහැ.රත්තරන් සහ මිල මුදල් උපයා ගන්න පුළුවන්.හිතේ සතුට එහෙම ගන්න පුළුවන්ද?

මගේ අම්මත් තාත්තාත් රජයේ සේවකයන් විදියට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට ලබාගත් රැකියා කරපු මිනිස්සු.ඒ වැටුප් සහ අපට තිබුණු යම් යම් දේවල් නිසා මම කවදාවත් අගහිඟකම විඳපු කෙල්ලෙක් නෙවෙයි.හොඳ සල්ලි කාරයෙක්ගේ අත් දෙක උඩින් මගේ ජීවිතය තිබ්බහම මට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මගේ අම්මලාට අහිංසක බලාපොරොත්තුවක් තියෙන්න ඇති.

ඒත් සිද්ධ වුණේ වෙන දෙයක්!

“මට මෙන්න මේ ගාන දෙන්න පුලුවන්ද අම්මේ?”

අම්මගෙන් තාත්තගෙන් මුදල් ඉල්ලන්න සිද්ධ වුණු අවස්ථා අනන්ත අප්‍රමාණයි.දරුවෙක් අසරණ වුණු වෙලාවට දෙමව්පියො මිසක් කවුරුත් නැති නිසාම මට එයාලගෙන් සල්ලි ඉල්ලන්න නැතුව ඉන්න බැරි වුණා.මම එහෙම ඉල්ලීම් කරපු කිසිම වෙලාවක මගේ අම්මා තාත්තා මට පිටුපෑවේ නැහැ.

“එයාලම කරලා දුන්නු කසාදෙනෙ.ඔයා දුක් විඳිනකොට එයාල වෙන මොනව කරන්නද?”

ඔයාලට එහෙම කියන්න හිතේවි.ඒත් මම හිතනවා මම සුදාරක කසාද බැඳල හිටියත් කසාද ඇතුළේ මෙහෙම දුක් විඳිමින් ඉන්න සිද්ධ වුණත් අම්මා තාත්තා පිටුපාන එකක් නැහැ.එකම දුව ගැන දෙමවුපියන්ගේ ආදරය කියන්නේ තේරුම් ගන්න අමාරු හැඟීමකට.අතීතය වර්තමානය සහ අනාගතය ගැන හිතද්දී එකම දියණිය ගැන අම්මා තාත්තාගේ හිතේ ඇතිවන ආදරය මට හොඳින්ම තේරුම් ගන්න පුළුවන්.ඒක මොනතරම්ද කියලා මම ඉස්සරහටත් කියන්නම්.

“අසංකගේ බිස්නස් වැටුණේ එයා නරකට ඇබ්බැහි වුණු මනුස්සයෙක්ද?”

කොයි මොහොතේ හරි ඔයාලා අහන්න හිතන් ඉන්න ප්‍රශ්නේ ඒක කියලා මම දන්නවා.නැහැ! උත්තරේ වෙන්නෙ නෑ කියන එකයි.අසංක බංකොලොත් වෙන්න හේතුව සුරාව, සූදුව ,රට වටේ ගෑනු හිටපු එක,බොරු නාස්තිය එකක් වත් ම නෙමෙයි.

“හිත හොඳකම!”

යමක් කමක් තියෙන සහෝදරයෙකුගෙන් තමන්ටම කියල දේවල් උපයා ගත්තු සහෝදරයෙකුගෙන් කඩා වඩා ගන්න එක ජීවිතය ආදායම් මාර්ගය කරගත්තු සහෝදර සහෝදරියන් ඉන්නකොට අසංක ඔය තරමින්වත් ඔලුව බේරගත්ත ඇති කියලා දැන් මට හිතෙනවා.ඇත්තටම ජීවිතයේ ඉන්න අති සමීපතමයෝ අපේ ජීවිත සහමුලින්ම වෙනස් කරන බවත් ජීවිතේ කණපිට හරවන දාන බවත් මම තේරුම් ගත්තේ අසංකගෙ ජීවිතෙන්.එයාට ද වුණු දේවල් වලින්.අනිත් කාරණාව අසංක තමන්ගේ අම්මටත් තාත්තටත් ඉතාම ඉහළින් සලකපු දරුවෙක්.

“ඒක ප්‍රශ්නයක් කරගන්න ඔයා සාම්ප්‍රදායික ලේලියක් වුණා නේද?”

අන්න ඒ ප්‍රශ්නේ හිතට ආවා නේද? මං ඒකට හෙට උත්තර දෙන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles