දහනව හැවිරිදි පෙම්වතාගේ ආදරය දිනා ගත් 76 හැවිරිදි පෙම්වතිය

ආදරය හට ගන්නේ කිසිම හේතුවකින් තොරව බව අපි හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. ආදරයට බාහිර සාධක කිසිවක්ම අදාළ වන්නේ නෑ.

19 හැවිරිදි Giuseppe D’Anna,නම් යෞවනයා 76 හැවිරිදි තම පෙම්වතියට තම විවාහ  යෝජනාව කරන වීඩියෝවක් TikTok වෙත පළ කිරීමෙන් පසු එය අන්තර්ජාල කුණාටුවක් බවට පත් ව තිබුණා.

ඇය “ඔහුගේ මිත්තණිය වීමට තරම් වයසයි” යනුවෙන් විචාරකයින් පවසනවා.

ටික්ටොක් අවකාශයේ ෆලොවර්ස්ලා 191,000 කට වඩා සිටින තරුණයා එහි පින්තූර එකතුවක් පළ කර ඇති අතර, ඔහු තම පෙම්වතිය ඉදිරිපිට දණ ගසන ආකාරය පෙන්වන ඡායාරූපය වැඩිපුර ජනප්‍රිය වුණා.ඔහු හදවතක හැඩයෙන් යුත් දැවැන්ත බැලූන් දුසිමකට වඩා අතැතිව තම පෙම්වතියසිප ගනිමින් සිටින අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.

138,500 වාරයකට වඩා නරඹා ඇති වීඩියෝවේ සිරස්තලය “La nostra promessa”.”අපගේ පොරොන්දුව” ලෙස එය පරිවර්තනය කළහැකියි.

ඉතාලි ජාතිකයෙක් වන මේ තරුණයාගේ ආදර කතාව අනුමත කරන්නන් ඒ රටේ පවා ඇත්තේ ම නැති තරම්. ඔහු ඇගේ මිත්තණිය හා සමාන වන බව තමයි හැම කෙනෙක්ම වගේ පවසන්නේ. කාන්තාව ඉතා ධනවත් කතක් වන අතර ඔහු මේ ආදරේ කරන්නේ ඇයගේ මුදල්වලට බව ප්‍රකට කාරණාවක්

එක් වතාවක් මේ කාන්තාව ගැබ් ගෙන ඇති බවට තරුණයා සමාජ මාධ්‍ය වල විශාල ප්‍රචාරයක් රැගෙන ගියා.ඇගේ වයස සමග ඒ සිදුවිය නොහැක්කක් නිසා ඉතා විශාල ප්‍රතිචාරයක් ලැබුණු පසු එය ඔවුන් ජනප්‍රිය වීම උදෙසා කරන ලද උපක්‍රමයක් බවට හෙළිදරව් වුණා. මෙවැනි කාරණා නිසා මේ යුවළට ලැබෙන්නේ හොද ප්‍රතිචාර නම් නොවේ.

සාමාන්‍යයෙන් යුරෝපා රටවල ආදරය සම්බන්ධයෙන් ඉතා ඉහළ දැක්මක් සහ විවෘත මානසිකත්වයක් තිබුනත් තරුණයා ජනප්‍රිය වීම සහ මුදල් වෙනුවෙන් මේ මහලු කාන්තාව යොදා ගන්නා බවට තමයි බොහෝ විචාරකයින් පවසන්නේ.

නමුත් මේ තමන්ගේ සැබෑ ආදරය බවත් ඇය තමන් දකින රූමත්ම කාන්තාව බවත් ඔහු තරයේම ප්‍රකාශ කර සිටිනවා.එනිසා මේ ආදර කතාවට ආශිර්වාද කරන්නන්ද බිහි වෙමින් පවතින අතර ප්‍රේමවන්තිය වයස නොපෙනෙන සුන්දර කාන්තාවක් බවට පවසන අය දැන් ඔහුගේ වීඩියෝවලට මත පළ කරන්නට පටන්ගෙන තිබෙනවා.

ඔවුන්ගේ ආදෙ ආදරය විවාහයකින් කෙළවර වේ දැයි කියන්නට බැහැ.නමුත් මේ ජනප්‍රියත්වය උදෙසා කරන්නක් බවට අපිට විනිශ්චය කරන්නටත් බැහැ. ඇතැම්විට ආදරය සම්බන්ධයෙන් කිසිම බාහිර සාධකයක් අදාළ වන්නේ නැහැ. ජීවිතයේ තනි වූ මේ ගැහැනියට සැබෑවටම ආදරය කරන්නට දහනම හැවිදිරි තරුණයාට සිදු නොවන්නටත් බැරි නැහැ.

සැබෑ ප්‍රේමය සදාකල් පවතීවා!

Related Articles

Don't Miss


Latest Articles