ගෙදරදීම පහසුවෙන් Double chin සඳහා කළ හැකි සාර්ථක ව්‍යායාම

Double chin කියන වචනෙත් එක්කම මේ කියන්නට යන්නේ කුමක් ගැනද කියා ඔබට අදහසක් එන්නට පුලුවන්. නිකටට යටින් මේද තට්ටුවක් එකතු වී තවත් නිකටක් සේ පෙනෙන තත්ත්වය තමයි double chin ලෙස හඳුන්වන්නේ. බොහෝ විට බරවැඩිවීමත් සමග මේ තත්ත්වය ඇති වෙනවා. නමුත් ශරීරයේ බර වැඩි නොවී මුහුණේ පමණක් මෙම තත්ත්වය ඇති වීමටත් හැකියාව තිබෙනවා. ඔබට නිවසේ සිට ම double chin සඳහා කළ හැකි පහසු ව්‍යායාම කිහිපයක් පහතින් දැක්වෙනවා.

මාංශ පේශි උණුසුම් කරගමු

අනෙක් සෑම ව්‍යායාමයක් කිරීමට පෙර වගේ ම, මුහුණට කරන මෙම ව්‍යායාම් කිරීමේදීත් මාංශ පේශි උණුසුම් කරගන්නට ඕනේ. ඒ සඳහා යටි හනුව ක්‍රමයෙන් හැකිතාක් ඉදිරියට ඇද නැවත පසුපසට ගන්න. මේ අයුරින් විසි වතාවක් පමණ කරන්න.

The scoop

ඔබේ මුඛය විවර කරන්න. යට තොලෙන් යට ඇන්දේ දත් වසා ගන්න. දැන් නැවත විවර කර උඩු තොලෙන් යට තොල වසා ගන්න. සෑම විටම තොලෙහි දෙකෙළවර නිදහසේ තබාගන්න. මෙය දස වරක් කරන්න.

Touch your nose

මුහුණේ මාංශ පේශි වඩාත් ශක්තිමත් කරන මේ සරල ව්‍යායාමය සිදු කරන්නේ මෙසේයි. ඔබේ දිව ඔබේ නාසයෙහි ගෑවීමට උත්සාහ කරන්න. හැකිතාක් දිව ඉහළට අදින්න. මෙය දස වරක් කිරීම ප්‍රමාණවත්.

Kiss the giraffe

ජිරාෆ් කෙනෙක් ව හෝ උස කෙනෙක් දෙස බලන සේ බෙල්ලෙන් හිස ඉහළට ඔසවන්න. තොල් දෙක සිඹින්නට සැරසෙන සේ උල් කරන්න. මෙය දස වරක් කරන්න.

Resistance

අත් දෙක මිට මොළවා නිකටට යටින් තද කර තබා ගන්න. මුහුණෙන් අත් වලට පීඩනයක් එල්ල කරන අතරේ අත්වලින් මුහුණට පීඩනයක් ලබා දෙන්න. තත්පර පහක් හිඳ ලිහිල් කරන්න. මෙසේ දස වරක් කිරීම ප්‍රමාණවත්.

Neck Roll

බෙල්ල තදින් ඇද, වම් පසට හරවන්න. නැවත දකුණු පසට හරවන්න. මෙය දසවරක් කරන්න. නිවැරදිව සිදු කරන විට බෙල්ලට පීඩනයක් දැනේ.

මේ සරල ව්‍යායාම් කිහිපය නොකඩවා මාස තුනක් පමණ කිරීමෙන් ඔබට double chin තත්ත්වය සාර්ථක ව සමනය කරගන්නට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles