කිසිදු වේදනාවකින් තොරව අඩි උස පාවහන් පළඳින්නේ මෙහෙමයි

අඩි උස පාවහන් පැළඳීම ඔබට හොඳ පෙනුමක් ඔබට එකතු කරනවා. නමුත් එය ඔබට වේදනාකාරී දෙයක් නම් ඔබ අඩි උස පාවහන් පැළඳීමේදී යම් අපහසුතාවයකට පත් වන්නේ නම් ඔබ පහත සරල ක්‍රම අනුගමනය කරන්න යොමු වන්න.

heels pain

පාද හොඳින් තෙතමනය කරන්න

ඔබ අඩි උස පාවහන් පැළඳීමට පළමුව හොඳින් පාද තෙතමනය කර ගන්න.එවිට ඔබ ඇවිදින විට අඩු ඝර්ෂණයක් ඇති වන අතර එය ඔබට යම් පහසුවක් ගෙනදේවි.

පාදයේ ප්‍රමාණය නිවැරදිව මැන ගන්න

ඔබ අඩි උස පාවහන් මිලදී ගැනීමට පෙර පාදයේ ප්‍රමාණය නිවැරදිව මැන බලා ගත යුතුයි. අවම වශයෙන් වසරකට දෙවරක්වත් එය පරීක්ෂා කරන්න.

පාදවල හැඩය ගැන අවධානය යොමු කරන්න

අප සෑම අයෙක්ටම එකිනෙකාට වෙනස් වූ පාද තමයි තිබෙන්නේ.එම නිසා ඔබේ පාදයේ හැඩය පළල්ද,සෘජුද එසේත් නැති නම් සිහින්ද යනාදී වශයෙන් තෝරා බේරා ගෙන පාවහන් තේරීම කළ යුතු වනවා.

heels pain

පතුල් තුනී පාවහන් සඳහා අමතර කුෂන් භාවිතා කරන්න

සිහින් පතුලක් ඇති සපත්තු, ඔබේ පාදයේ පතුලේ වේදනාව ඇති කරනවා . එම නිසා සිහින් කුෂන් භාවිතා කිරීම මගින් ඔබට සුවපහසු බවක් ළඟා කරනවා.

පාදවලට මද විවේකයක් ලබා දෙන්න

හීල්ස් අඳින ගමන් ඉඳ හිට ටිකක් විවේකයක් ඔබේ පාදවලට ලබා දෙන්න. පාවහන් ගලවා ඔබේ පාද ටිකක් දිගු කරන්න. ඔබේ දෙපා වලට අවශ්‍ය විවේකය ලැබේවි..

heel pain

වඩාත් සුවපහසු පාවහන් පළඳින්න

වැඩි ආවරණයක් පාවහන් පැළඳීම හෝ වළලුකර පටියක් හෝ දෙකම පැළඳීම වඩාත් ඔබට සුවපහසු බවක් ගෙන දෙනවා.එම නිසා එවැනි ආකාරයේ පාවහන් වෙත යොමු වන්න.

Related Articles

Don't Miss


Latest Articles