2022 ඔස්කාර් සම්මාන උළෙල අවසන් වී තවම පැය කිහිපයක් ගෙවී ගොස් තිබෙන්නේ.විවිධ පුවත් මැවුණු මේ උළෙලේ ලෝකයම කතාබහ කරන විශේෂිතම සිදුවීම සම්බන්ධයෙන් හිමිකම් කියන්නේ සුපිරි නළු විල් ස්මිත්.
ඔහු මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූවා.ඒ King Richard චිත්‍රපටිය වෙනුවෙන්.ඒ සම්මානය ලබා දෙන්නට පෙර වේදිකාවේ නිවේදන කටයුතු කරමින් සිටි හාස්‍ය රංගන ශිල්පි ක්‍රිස් රොක් යම් විහිළුවක් කරනවා.ඒ විල් ස්මිත්ගේ බිරිඳගේ කොණ්ඩය සම්බන්ධයෙන්.මේ සම්බන්ධයෙන් උරණ වන ස්මිත් වේදිකාවට ගොස් ක්‍රිස් රොක්ට දරුණු කනේ පහරක් එල්ල කළා.ඔහු නැවත අසුනේ ඉඳගෙන ඔහුගේ බිරිඳගේ නම නැවත නොකියන්නටයි කෑගසා ප්‍රකාශ කර තිබුණා.ඇයගේ කොණ්ඩය තුනී වන්නේ රෝගී තත්ත්වයක් නිසා වීමත් ඔහු කම්පනය කරන්නට ප්රබලව බලපාන්නට ඇති.
.මෙය ඔහු සහ ක්‍රිස් අතර පෞද්ගලික ගනුදෙනුවක දිගුවක් බවත් පැවසෙනවා.
තවත් සමහර හොලිවුඩ් නළු නිළියන් මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබුණා.
ඒවා කෙසේ වුවත් මෙය පිරිමියෙකු තම බිරිඳ වෙනුවෙන් සිදු කළ ඉතා ආදරණීය ක්‍රියාවක්.තම බිරිඳට අපහාස කිරීමක් ඉවසීම කිසිම මිනිසෙකු නොකළ යුතු දෙයක් බවට ලෝකය පුරා රසිකයන්ගේ සහ සිනමා විචාරකයන්ගේ අදහස වන්නේ.
.
අපේ රටේ සමහර නාලිකාවල පැවැත්වෙන නළුනිළියන් සම්බන්ධ වැඩසටහන් වලදී සමහර නළුවන් බිරිඳගේ විහිළු සහගත වීඩියෝ පට ගෙනවිත් වැඩසටහනේ ඉදිරිපත් කරනවා.තවත් සමහරුන් ඇගේ ඉවීමේ හැකියාව ආදිය ගැන ඉතා විසිළු සහගත කතා ඉදිරිපත් කරන්නට පැකිලෙන්නේ නැහැ.ඒවා ඇය පීඩාවට හෝ අපහසුතාවයට පත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඔවුන් සිතන්නේවත් නැහැ.එය ජනප්‍රිය තලයේ අයට පමණක් පොදු නැහැ.සමහර අවස්ථාවල දී සමාජ මාධ්‍යයන් හරහා බිරිඳට නොයෙකුත් අපහාස කරන්නන් දකින්නට ලැබෙනවා.එය වීරත්වය ආරෝපණය කරන්නක් නොවන බව විල් ස්මිත් යළි යළිත් අපට සිහිපත් කර දෙනවා.
බිරිඳව ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කරන්නට තෙවැනි පාර්ශවයකට ඉඩ දෙන තවත් පිරිසක් වන්නේ මනාලයන්.ඔවුන් විවාහ දිනයේ “වෙඩින් රැග්” එක කැමති ආකාරයකට කරන්නට මිතුරන්ට ඉඩ ලබා දෙන්නේ මිත්‍රත්වයට හානි නොවන්නට වග බලා ගනිමින්.නමුත් අසභ්‍ය ලිංගික වදන් සහිත බෝඩ් ඔසවා සිටීම,වාචික අපහරණය විඳීම ආදියෙන් මනාලිය පීඩාවට පත් වෙනවා.ඇය තෝරා ගත් ආදරය ගැන ඇයට මුල්ම සැකය විවාහ දිනයේම ඇති වන්නේ එලෙසටයි.
පිටත සමාජයේ දකින ගැහැනු ළමයින් අගය කරමින් බිරිඳ ඒ සමඟ සසඳන අවස්ථාද ඕනෑතරම්. රූපවාහිනියේ දකින නිළියන් තරමට බිරිඳ දක්ෂ හෝ රූමත් නැති බවට අපහාස කරන්නන් ද සිටිනවා.ඒ වගේම බිරිඳගේ රූපයට අපහාස කරන අයට විරුද්ධව කිසිවක්ම නොපවසන අය ද ඕනෑතරම්.බිරිඳගේ අඩුපාඩු පිටත සමාජයේ එළිපිට ප්‍රශ්න කරන මිනිසුන් ඇයට ඒ සම්බන්ධයෙන් අපහාස කරන අය අතර විල් ස්මිත් වැනි අයත් ඕනෑතරම්.ආදරය කරන ගැහැනු ළමයා නොගැළපෙන බවට ලෝකය නඟන අපහාස දරා ගන්නා තරුණයන්, පිළිකා වැනි රෝග තත්ව වලට ලක්ව දවසින් දවස රූපයෙන් වැහැරී යන බිරිඳ එකම ආදරයකින් දරා ගන්නා ස්වාමි පුරුෂයන් සමාජයේ ඕනෑතරම් හිඳිනවා.බිරිඳ වෙනුවෙන් ලෝකයක් සමඟ සටන් කරන්නට නොබියව පෙරට යන එවැනි මිනිසුන් සැබෑ ප්‍රේමයට සැබෑ නිදසුන්.
විල් ස්මිත්ගෙන් එල්ල වූ කම්මුල් පහර නියෝජනය කරන්නේ එවැනි සැබෑ ස්වාමි පුරුෂයන් සතු ආදරයයි