වැඩි සැමරුම් නැතිව සැමරූ විලියම් කේට් 11වන විවාහ සංවත්සරය

රාජකීය උත්සව ගැන කවර කාලය වුවත් බොහෝ දෙනෙක් උනන්දු වනවා.ඒ අනුව බ්‍රිතාන්‍ය රජ පවුලේ උත්සව සඳහා හිමි වන්නේ සුවිශේෂී තැනක්. එවැනි කාගේත් කතා බහට ලක් වූ උත්සවයක් ඉකුත් දිනකදී යෙදී තිබුණා. ඒ කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ එකළොස් වැනි විවාහ සංවත්සරයි.කෙසේ නමුත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ සැමරුම් නම් මෙවර විලියම් කේට් සංවත්සරයේ දක්නට ලැබුණේ නැහැ.

William and Kate

සැමරුම් සිදු නොවුණේ ඇයි ?

Andrew කුමරුගේ ලිංගික අතවර සිද්ධිය, පිලිප් කුමරුගේ මරණය සහ Elizabeth රැජිනගේ සෞඛ්‍ය තත්වය පිරිහීම වැනි දේ නිසා බ්‍රිතාන්‍ය රජ පවුලට ඉකුත් වසර කිහිපය ඉතාම අසීරු වූ බව කවුරුත් දන්නා කරුණක්. සිංහාසනයේ දෙවන ස්ථානයේ සිටින සහ කවදා හෝ රජ වීමට ක්‍රියාශීලීව සූදානම් වන විලියම් කුමරුගේ උරහිස් මත විශාල පීඩනයක් මේ නිසා සෘජුවම වැටි තිබෙනවා. එය හැරී කුමරු සහ මේගන් මාක්ල් රජ පවුලෙන් ඉවත්වීමෙන් පසු නිසැකවම වැඩිවූ බවයි පැවසෙන්නේ.

රාජකීය පවුල මෙලෙස ගත කරන කැලඹිලි සහිත කාලය සැලකිල්ලට ගෙන, විලියම් තරමක් කල්පනාකාරී වී ඇති බවත් – සමහර විට ඕනෑවට වඩා කල්පනාකාරී වෙමින් මොවුන්ගේ 11 වන සංවත්සරය ප්‍රසිද්ධියේ සමරා නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

William and Kate

විලියම් කුමරු බ්‍රිතාන්‍යයේ කිරීටය හිමි කුමරු, ලොව වැඩිපුරම කතාබහට ලක් වන රාජකීයයන් අතර ඉහළින්ම හිඳින්නෙක්.නමුත් කේට් කුමරියට ඔහු ආදරණීය ස්වාමි පුරුෂයෙක්.ඔහු ඉතා ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් ඇයට ආදරය කරන අන්දම ලෝකයට ම ආදර්ශයක්. ඒ වගේම විලියම් කේට් යුවල දරුවන් ඇතිදැඩි කරන්නේ රජ මාළිගාවේ සමහර නීති ඒ තරම් තකමින් නොවන බවත් දැන් ලෝකය පුරා කතාබහට ලක්වෙන කාරණාවක්.

විලියම්ට කේට්ව හමු වුණේ මෙහෙමයි

විලියම්ට කේට් ප්‍රථම හමුව සිදු වුණේ 2001 වසරේ.ඒ විලියම් කුමරු ද ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට යෑමෙන් අනතුරුවයි . නමුත් මොවුන් පෙම්වතුන් බවට ප්‍රසිද්ධ වුණේ 2003 වසරේදියි.

කේට් – විලියම් පෙම්වතුන් යුවළ අතර පැවැති ප්‍රේම සම්බන්ධය 2007 වසරේ අප්‍රේල් මාසයේදී බිඳී ගිය බවට ද මාධ්‍ය වාර්තා තිබෙනවා. ඒ අනුව මෙම යුවළ එකිනෙකාගෙන් වෙන් වන්නට තීරණය කළේ, ඔවුන් ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගතකරමින් සිටින අතරතුරදී බවයි එහි සටහන් වන්නේ. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටීමට හේතුව ස්ථිරව සඳහන් වෙලා නම් නැහැ .කෙසේ නමුත් ඊට ටික කලකට පසුව නැවත විලියම් -කේට් යුවළ පෙම්වතුන් වුණා.

විවාහ ගිවිස ගැනීම සහා විවාහ උත්සවය

විලියම්- කේට් විවාහ ගිවිස ගැනීම සිදුවුණේ 2010 වසරේ ඔක්තෝබර් මාසයේදී කෙන්යාවේ දස දින සංචාරයක නිරතව සිටින විටයි.මෙම සංචාරයට හේතුව වුණේ ,විලියම් කුමරු රාජකීය ගුවන් හමුදාවෙන් විසිරයාම, ඔවුන් දෙදෙනාට පෞද්ගලිකව සැමරීමට අවශ්‍යව වීමයි.

William and Kate

2010 වසරේම කේට්ගේත්, විලියම් කුමරුගේත් විවාහය සිදුවන බව ක්ලැරන්ස් මාළිගය නිළ වශයෙන් නිවේදනය කළා. පසුව 2011 වසරේ අප්‍රේල් මස 29 වැනිදා වෙස්මිනිස්ටර් ඇබේහිදී මේ යුවළගේ විවාහය සිදු වුණා. මෙම විවාහ උත්සවය ලොව පුරා වෙසෙන මිලියන 300කට අධික පිරිසක්, විද්‍යුත් මාධ්‍ය හරහා දැක බලාගත් බවට වාර්තා තිබෙනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ පමණක් මිලියන 26කට ආසන්න පිරිසක් මේ විවාහ මංගලෝත්සවය රූපවාහිනිය හරහා සජීවීව නරඹා ඇති බවටද වාර්තා වනවා.

Related Articles

Don't Miss


Latest Articles