ආදර සැපුම් හෙවත් හිකීස් ( hickeys ) ගැන දැනගමු

ඔබේ ශරීරයේ තිබෙන ඒ කුඩා රතු පැහැති පැල්ලම, ඔබ ඉතා ඕනෑකමින් සැඟවීමට උත්සහා කරන ආදර සැපුමක්, හාදු ලකුණක් එහෙමත් නැත්තම් සංක්ෂිප්තව කිවහොත් හිකී ( a hickey ) එකක් යනුවෙන් හඳුන්වන්නට පුලුවන්. යමෙක් ඔබේ සියුම් සම (බෙල්ලෙ හෝ අතේ ) ඉතා තදින් සිප උරන විට ඔබේ සමේ තිබෙනා ඉතා සියුම් කේෂනාලිකා බිඳීමකට ලක්වෙනවා. ඒ අවස්ථාවේ දී එම බිඳීමට ලක්වූ කේෂනාලිකා වල තිබූ රුධිරය සමේ මතුපිට පටක ( Tissue ) මත විසිරෙනවා. හිකී එකක් කියන්නේ එලෙස සම මතුපිට බිඳී ගිය රුධිර කේෂනාලිකායි. රුධිරය පටක මත විසිරෙමින් කැටි ගැසෙමින් රතු පැහැයට හැරෙයි. පසුව එම රුධිරයට ඔක්සිජන් නොලැබෙන නිසා අඳුරු පැහැති ලප බවට පරිවර්තනය වෙනවා. දවස් දෙකක් පමණ ගිය පසු හිකී එකක් දම් පාටින් දකින්නට පුලුවන් මේ නිසායි.

සාම්ප්‍රදායිකව හිකී එකක් සලකනු ලබන්නේ එය දෙන ලද පුද්ගලයාගේ අයිතිය හැඟවීමේ සලකුණක් ලෙසයි. හිකී එකක් තැබීමේදි සියුම් වේදනාවක් දැනෙන බැවින් එය පරපීඩාකාමුකත්වයේ මෘදු සලකුණක් ලෙසත් සලකනවා. එලෙසම එය ලිංගිකව හා එසේ නැතිවත් තරුණ පිරිස් අතර ඉතාම ජනප්‍රියයි. ඇත්තෙන්ම හිකී දීම හෝ ලැබීම සලකන්නේ තරුණ වයසේ අයගේ දෙයක් ලෙසයි. නමුත් ඕනෑම පුද්ගලයෙකුට තම තමන්ගේ කැමත්ත අනුව හිකී එකක් දීමට හෝ ලැබීමට පුලුවන්. එය කදිම ලිංගික උත්තේජනයක් සපයන මාදිලියක් ලෙස බොහෝ අය දකිනවා.

සමහරුන් මෙම හිකී නැතිනම් ආදර සපාකෑම් වල ආරක්ෂිත බව සහ අතුරු ප්‍රථිපල පිළිබඳව ප්‍රශ්නකාරීව පසුවෙනවා. මේවා මගින් ඒඩ්ස් ( AIDS ) ,STD හෝ පිළිකා ඇතිවන බවට කටකතා තිබෙන බව ඔබත් දැනුවත් ඇති. නමුත් ඒවා කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අසත්‍ය මත පමණයි. මේ දක්වා එලෙස රෝගාබාධ වලට ගොදුරු වූ කිසිවෙක් වාර්තා වී නැහැ. හිකී එකක් ඔබේ සම මත දින කිහිපයක් යන තුරු අඳුරු පැල්ලමක් ද – හිතේ සුන්දර මතකයක් ද ඉතිරි කරනු හැර වෙනත් කිසිදු හානිදායක අතුරු ප්‍රථිපලයක් ගෙන එන්නේ නැහැ.

අප පෙර කී ලෙස හිකී එකක් එහෙමත් නැත්නම් ආදර සැපුමක් ඔබේ සම මතුපිට දින කිහිපයක් තිබෙනවා. ඒවා එලෙස තිබීමෙන් ඔබ ඔබේ නිවසේදි මිතුරන් අතරේදි හෝ මිනිසුන් ගැවසෙන ස්ථාන වලදී අපහසුතාවයට පත්විය හැකියි.එම පැල්ලම් ඉබේ නැති වී යාමට දීම හැර එකවිටම ඉවත්කර ගැනීමට ප්‍රතිකාර නැතත් එම ක්‍රියාවලිය ඉක්මන් සහ පහසු කරවීම සඳහා ඔබට නිවසේදීම යම් යම් දේවල් කළ හැකියි.

එලෙස කල හැකි එක් ප්‍රතිකාරයක් තමයි අයිස් තැබීම. එමගින් කේශනාලිකා වල රුධිරය ඉක්මනින් මතුපිට විසිරීම වළක්වයි. නමුත් මෙය හිකී එකක් තැබූ විගසම කල හැකි ප්‍රතිකාරයක්. කල් ගතවූ පැල්ලමක්, තදට සලකුණු වූ හිකී එකක් සඳහා උණුසුම් ( උණු වතුරේ පොඟවන ලද ) රෙදි කැබැල්ලකින් තැවීම කළ හැකියි. එලෙසම කාසියකින් එම ස්ථානය තදින් තද කිරීම ඇල්කොහොල්

ස්වල්පයක් දමා පිරිමැදීම වැනි නොයෙක් ක්‍රම මගින් හිකී සලකුණු නැතිවී යාම ඉක්මන් කරගන්න පුලුවන්.

හිකී එකක් එහෙමත් නැතිනම් ආදර සැපුමක් කියන්නේ ආදරයේ සලකුණක්. එය දෙන්නා සහ ලබන්නා යන දෙදෙනාම එයට එකඟ වුව හොත් පමණක් එය හානිදායක දෙයක් නොවේ. මන්ද සමහරුන් ඉන් අපහසුතාවයට පත් වීමටත් සමහරුන් එයට අකමැති වීමටත් ඉඩ තිබෙන බැවින්. ඉතින් ඔබ හිකී එකක් දීමට කැමතී නම් ඒ සඳහා හැමවිටම අනිත් පුද්ගලයාගෙන් අවසර ගන්න. ඔබ හිකී එකක් ලැබීමට කැමතී නම් විවෘතව අනෙකාගෙන් එය අසන්න. හිකී එකක් නැතිනම් ආදර සැපුමක් දීමත් ලැබීමත් එක සේ සුන්දර අත්දැකීමක් බව පමණක් අපට කියන්න පුළුවන

Related Articles

Don't Miss


Latest Articles