දිගු හා ශක්තිමත් කෙස් කළඹක් සඳහා අත්‍යාවශ්‍ය විටමින් වර්ග

කාන්තාවකගේ සුන්දරත්වය තවත් වැඩි කරන ආභරණයක් තමයි කෙස් කලඹ කියන්නේ.හැම කාන්තාවක්ම තමන්ගේ කෙස් කළඹ ලස්සනට වගේම නීරෝගීව තියාගන්න නොයෙකුත් සත්කාර කරනවා. ඒවගේම හිසකෙස් සම්බන්ධ ගැටලුත් කාන්තාවන්ට ඕනෑ තරම් තියන නිසා ඔබේ කෙස් කළඹ ශක්තිමත්ව සහ නිරෝගීව තබා ගන්න උපකාරී වන වගේම හිසකෙස් වර්ධනය වේගවත් කරන විටමින් වර්ග ගැන කතා කරන්න අපි හිතුවා.

විටමින් A

සියලුම සෛල වර්ධනය සඳහා විටමින් A අවශ්‍ය වෙනවා. මිනිස් සිරුරේ වේගයෙන්ම වර්ධනය වන පටකය වන හිසකෙස්ද මෙයට ඇතුළත්.විටමින් A මගින් සමේ ග්‍රන්ථ වලට සෙබම් නැමති තෙල් සහිත ද්‍රව්‍යයක් සෑදීමට උපකාරී වන අතර සෙබම් හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරමින් හිසකෙස් නිරෝගීව තබා ගැනීමට කටයුතු කරනවා

බතල, කැරට්, වට්ටක්කා, අලිගැට පේර,තක්කාලි,වට්ටක්කා ,නිවිති සහ ගෝවා වල බීටා කැරොටින් බහුල වන අතර ඒවා විටමින් A බවට පත් වෙනවා.කිරි , චීස්, බිත්තර සහ යෝගට් වැනි නිෂ්පාදන වල ද ද විටමින් A අඩංගු වනවා. මේවා ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම මගින් පහසුවෙන්ම ඔබේ ශරීරයට විටමින් A ලබාගන්න පුළුවන්

Vitamin-A

විටමින් B

හිස කෙස් වර්ධනය සඳහා අවශ්‍ය හොඳම විටමින් වර්ගයක් ලෙස විටමින් B හෙවත් බයෝටීන් හඳුන්වනවා.හිසකෙස් ගැලවී යාම සහ කැඩී යාම වැනි තත්වයන් සදහා විකල්ප ප්‍රතිකාරයක් ලෙසද බයෝටීන් භාවිතා කරනු ලබන්නේ ඒ නිසයි.

ඊට අමතරව විටමින් බී රතු රුධිර සෛල සෑදීමට උපකාරී වන අතර එමඟින් හිස් කබලට සහ කෙස් කළඹට ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යනවා.හිස කෙස් වර්ධනය සඳහා එම ක්‍රියාවලිය අතිශයින්ම වැදගත් වනවා.සම්පූර්ණ ධාන්‍ය , ආමන්ඩ්, සැමන්, සෝයා කිරි, යෝගට්, මස් , මාලු , කොළ වර්ග වල විටමින් බී අඩංගු වන අතර විටමින් B12 හි හොඳ ම මූලාශ්‍රය වන්නේ සත්ව ආහාර යි.එම නිසා ඔබ නිර්මාංශික අයෙක් නම් ආහාර අතිරේකයක් මගින් හෝ විටමින් බී ඔබේ ශරීරයට ලබා ගැනීමට සැලකිලිමත් වන්න

විටමින් C

හිසකෙස් ව්‍යුහයේ වැදගත් අංගයක් වන කොලජන් නැමැති ප්‍රෝටීනය සෑදීමට නම් ශරීරයට විටමින් සී ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා. ඊට අමතරව හිසකෙස් වර්ධනයට අවශ්‍ය ඛනිජයක් වන යකඩ අවශෝෂණය කර ගැනීමට ද විටමින් සී උපකාරී වනවා.වර්තමානයේ දී විටමින් සී අඩංගු ආහාර අතිරේක පහසුවෙන් ලබා ගැනීමට හැකි අතර පැඟිරි ආශ්‍රිත පලතුරු වල ද, ස්ට්‍රෝබෙරි, කිවි , බෙල් පෙපර් , තක්කාලි , ගෝවා,ග්‍රීන්පීස් ,පාස්ලි සහ පේර ද විටමින් සී වල ඉතා හොඳ ප්‍රභවයන් ලෙස සැලකෙනවා

Vitamin-C

යකඩ

රතු රුධිරාණු සෛල වලට ඔක්සිජන් රැගෙන යාම සඳහා යකඩ උපකාරී වෙනවා.මෙය හිසකෙස් වර්ධනය ඇතුළු බොහෝ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා වැදගත් ඛනිජයක් බවට සැලකෙන්නේ ඒ නිසාය.රක්තහීනතාවය ඇතිකරන යකඩ ඌනතාවය හිසකෙස් ගැලවී යාමට ප්‍රධාන හේතුවක්.විශේෂයෙන්ම එය දකින්නට ලැබෙන්නේ කාන්තාවන් අතරය.එම නිසා ඔබේ ආහාර වේලට යකඩ ඇතුළත් ආහාර ද ඇතුළත් කර ගැනීම අත්‍යවශ්‍ය වනවා.බිත්තර, බ්‍රොකලි , කජු, ඌරු මස් , සෝයා බෝංචි , නිවිති සහ පරිප්පු, යකඩ බහුල ආහාර ලෙස සැලකෙනවා.

සින්ක්

හිසකෙස් පටක අලුත් වැඩියා කිරීම සහ වර්ධනය කිරීමට සින්ක් මගින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.හිසකෙස් ගැලවී යාම සින්ක් ඌනතාවයේ පොදු රෝග ලක්ෂණයකි.හරක් මස් , නිවිති, කඩල ,තිරිඟු බීජ , වට්ටක්කා ඇට, බිත්තර , බෙල්ලන්,ආමන්ඩ් , කිරි සහ පරිප්පු සින්ක් අඩංගු ප්‍රභවයන් ලෙස සැලකෙන අතර ඔබේ ආහාර වේලට අනිවාර්යයෙන්ම එවැනි ආහාර ඇතුලත් ඇතුළත් කර ගැනීම මගින් හිසකෙස් සම්බන්ධ ගැටලු මගහරවා ගැනීමට මෙන්ම හිසකෙස් වර්ධනය වේගවත් කර ගැනීමට ගැනීමටද හැකියාව ලැබෙනවා

කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන හිසකෙස් සම්බන්ධ ගැටලු සහ හිසකෙස් වර්ධනය වීම අඩු වීමට ප්‍රධාන හේතුවක් ලෙස විවිධ විටමින් ඌනතා සැලකෙනවා. මේ ලිපියෙන් අප ඔබව දැනුවත් කළ විටමින් වර්ග ආහාර මඟින් හෝ ආහාර අතිරේකයක් මගින් ඔබේ ශරීරයට ලබා ගැනීම මගින් ඔබේ හිසකෙස් වර්ධනය වේගවත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ ගැටලු මගහරවා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles