ළය පැලී මිය ගිය සැමියෙකුගේ අනුවේදනීය කතාව

“මරණය තෙක් අත නෑර යන ප්‍රේමයක්” හැම ගැහැනියකගේම සිහිනයක්.මරණයටවත් වෙන් කළ නොහැකි ප්‍රේම කතා අපට බොහෝවිට මුණ ගැහෙන්නේ කලා නිර්මාණ තුළයි.සැබෑ ලෝකයේ ද එවැනි ප්‍රේම කතා දුර්ලබ නැහැ. එවැනි සංවේදී ප්‍රේම කතාවක් උවාල්ඩේ පාසලේ දරුවන් දහනව දෙනෙකුට දිවි අහිමි කළ වෙඩි තැබීම. සමඟ අසන්නට ලැබෙනවා.

උවාල්ඩේ පාසලේ ලැබීමෙන් දරුවන් දහනම දෙනෙකු සමග ගුරුවරියන් දෙදෙනෙක් මිය ගියා. Imra Garcia එසේ මිය ගිය එක් ගුරුවරියක්.මේ සිදුවීමෙන් දින දෙකකට පසු ඇගේ සැමියා වූ Joe Garcia මිය ගියේ හෘදයාබාධයකින්.එය ඔවුන්ගේ පවුලේ අය විසින් මේ වනවිට තහවුරු කර තිබෙනවා.

මියගිය බිරිඳගේ ස්මාරකය වෙත මල් තැබීමට ගිය ජෝ නැවත පැමිණ ඇත්තේ ඉතා බිඳුණු හදවතක් ඇතිවයි.ඔහු ඉන් අනතුරුව රෝගී වී තිබෙනවා.ඔහු නිවසට පැමිණ විනාඩි තුනක් පමණ යද්දී බිම වැටී තිබෙන අතර පවුලේ උදවිය ඔහුට පපු තෙරපුම ආදිය කළත් කිසිවක් සාර්ථක වී නැහැ.ගිලන් රථය පැමිණ ඔහුව රෝහලට ගෙන ගියත් ජෝ මහතා ඒ වනවිටත් මිය ගොස් තිබෙනවා.

මේ යුවළගේ විවාහයට වසර විසි හතරක් වනවා.ඔවුන් විවාහ වී තිබුණේ පාසල් ප්‍රේමයක් මල්ඵල ගන්වමින්. ඔවුන් දරුවන් හතර දෙනෙකුගේ මව්පියන්.වැඩිමහල් දරුවා විසි තුන් හැවිරිදි වන අතර අනිත් සියල්ලන්ම තවමත් නව යොවුන් වියේ පසු වන්නන්.

ඔවුන්ගේ ජීවිත ප්‍රීතියත් ප්‍රේමයත් උතුරා ගිය අපූරු ජීවිත බවයි පවුලේ සමීපතමයන් පවසන්නේ.ගාර්ෂියා මහත්මිය විහිළු තහළු කරමින් සතුටින් සිටි කාන්තාවක් වූ අතර ඔවුන් දෙදෙනා පවුලේ සාදවලදී ගී ගැයූ අන්දම සමීපතමයන් සිහි කරන්නේ උතුරා යන ශෝකයෙන් යුතුවයි.

“ගාර්ෂියා මෙය සෑම දෙයක් ගැනම සුබවාදීව බැලූ අතර ඇය මිනිසුන් සමග ඉතාම ආදරයෙන් ජීවත් වූ කෙනෙක්” ඇගේ පැරණි ගෝලයෙක් ඇය ගැන එසේ පවසා තිබුණා.

වෙඩි තැබීමෙන් පසු පොලිස් නිලධාරීන් පන්ති කාමරය තුළට ගිය විට ගාර්ෂියා මහත්මියගේ සිරුර හමු වී තිබුණා.ඇය අන්තිම හුස්ම හෙළා තිබුණේ ඇගේ දෑතින් දරුවන් වැළඳගෙන බව ඔවුන් පවසනවා.මිය යන මොහොතේ පවා ඇය ප්‍රයත්න දරා තිබෙන්නේ තමන්ගේ සිසු දරුවන් ආරක්ෂා කර ගන්නටයි.නමුත් ඇය එයට අපොහොසත් වී තිබෙන්නේ ලෝකය එතරම්ම නරක තැනක් වී අවසන් නිසා.ගාර්ෂියා මහත්මිය රොබ් පාසලේ විසි තුන් වසරක් පුරා සේවය කළ ගුරුවරියක්.

වෛද්‍යවරුන් ජෝගේ මරණය විස්තර කරන්නේ “broken heart syndrome” ලෙසින්.ඒ තත්ත්වය ඇති වන්නේ හදිසි මරණයක් ශ්‍රවණය වීම ආදී තදබල මානසික කම්පනයක් නිසා.මෙය සාමාන්‍ය හෘදයාබාධවලට වඩා වෙනස් තත්ත්වයක් බවද පැවසෙනවා.

“ළය පැලී මිය යාම” ඒ අපට සාහිත්‍යයේ හමුවන වදනක්.මිය යන මොහොතේ පවා තමන්ගේ සිසු දරුවන්ගේ ජීවිත බේරන්නට තැත් කරමින් වීරවරියක ලෙස මිය ගිය බිරිඳ ගැන උපන් කම්පනයෙන් මිය ගිය ජෝ මහතාගේ මරණයත් ළය පැලී මිය යාමක් ලෙස සලකන්නට පුළුවන්.තම ප්‍රිය බිරිඳගේ වියෝව ඔහුට දරන්නට අපහසු වන්නට ඇති.එනිසා ඇගේ අත අල්ලාගෙන ස්වර්ගයට යන්නට ඔහු තීරණය කරන්නට ඇති.

බිඳුණු හදක් සහිතව ජීවත් වීම වෙනුවට ළය පැලී මිය යාම තෝරා ගත් ඔහු ප්‍රේමය මරණයෙන්වත් අවසන් කරන්නට නොහැකි වග ලෝකයට සිහි කරනවා.ගාර්ෂියා යුවළට ස්වර්ගයේ සැනසීම ලැබේවා!!

Related Articles

Don't Miss


Latest Articles