ලෝකයේම අවධානය දිනූ අපහාස නඩුව ජයගත් ජොනී ඩෙප්

 පිරිමියෙකු වීමේ අවාසනාව පෙන්වූ ඩෙප් – ඇම්බර් අපහාස නඩුව පසුගිය කාලයේ ලෝකයේම අවධානය නතු කර ගන්නට සමත් වුණා.මෙහි අවසන් තීරණය ඊයේ (ජූනි පළවෙනිදා ) ලැබුණා.ඒ අනුව නඩුවේ ජයග්‍රහණය හිමි වූයේ ජොනී ඩෙප් හටයි.

2011 දී මුණ ගැසී 2015 දී ව්වාහ වූ ඇම්බර් සහ ඩෙප් 2017 දී දික්කසාද වනවා.ඇමරිකානුවන් කාන්තා හිරිහැරවලට දැඩි විරුද්ධත්වයක් දක්වන හන්දාම ඩෙප්ට ලැබිය යුතුව තිබූ චිත්‍රපට පවා නොලැබී යනවා.ඔහුගේ පැමිණෙන්නට තිබූ චිත්‍රපට අවලංගු වී යනවා.මේ දේවල් නිසා නමට දැඩි හානියක් වෙද්දී ජොනී ඩෙප් දැඩි මානසික පසුබෑමකට ලක් වෙනවා.2018 දී ලබා දුන් ප්‍රකාශ අනුව ඇම්බර් හර්ඩ් ගෘහස්ථ අපයෝජනයට ලක් වූ බව සඳහන් වුණා.

ඉන්පසු ඩෙප් විසින් ඇම්බර් හර්ඩ්ට එරෙහිව අපහාස නඩුව පවරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන පනහකටයි.ඊට ප්‍රතිචාර වශයෙන් ඇම්බර් හර්ඩ් ඇමරිකානු ඩොලර් මිලියන සියයක ප්‍රති හිමිකම් පෑමක් නිකුත් කර තිබුණා.

ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ Fairfax Circuit ountry Curcuit Court වල සති හයක් තිස්සේ සාක්ෂි විමසීම් පැවැත්වුවා.මෙහිදී ඇම්බර් විසින් ජොනීට ලබා දුන් දුරකථන ඇමතුමක හඬ පටයක් ද දැඩි අවධානයකට ලක් වූ හැටි ඔබට මතක ඇති.

ඔයා පිරිමියෙක් නිසා කිසිම කෙනෙක් ඔයාව විශ්වාස කරන්නේ නෑ.මගේ නම ජොනී ඩෙප්.මම සුදු ජාතිකයෙක්.මම ගෘහස්ථ හිංසනයට ගොදුරු වුණා.කියලා බලනවා.කවුරුත්ම ඔයාව විශ්වාස කරන් නෑ”

ඇම්බර් විශ්වාසයෙන් පවසා ඇත්තේ කිසිවෙක් ම ඔහුගේ පැත්ත නොගන්නා බවයි.

නමුත් කාන්තාවක වූ පමණින් ඇම්බර් ට දිනුම හිමි වූයේ නෑ.2018 දී වොෂින්ටන් පෝස්ට් නම් පුවත්පතට ඇම්බර් හර්ඩ් ලබා දුන් ප්‍රකාශය අපහාසාත්මක එකක් බව ජූරි සභාව තීන්දු කළා.ඒ අනුව ජොනී ඩෙප්ට වන්දියක් ද ගෙවන්නට ඇම්බර් හට සිදු වෙනවා.ඒ ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක්.ජොනී ඩෙප්ට කළ ප්‍රති චෝදනා තුනෙන් එකක් ඇම්බර් හර්ඩ් ජයග්‍රහණය කළ නිසා ඇයට ඩොලර් මිලියන දෙකක වන්දියක් හිමිව තිබෙනවා.

ඇම්බර් හර්ඩ් මේ සම්බන්ධයෙන් “වචන කළ නොහැකි කලකිරීමක්” ප්‍රකාශ කළ අතර මේ නඩු තීන්දුව කාන්තාවන්ට “පසුබෑමක්” බව පවසමින් තමාගේ හද කම්පාවට පත් වූ බව පවසා තිබුණා.ඇගේ පාර්ශවයෙන් නිව් යෝර්ක් ටයිම්ස් වෙත හෙළි කර ඇත්තේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර ඩෙප්ගේ නීතිඥ කණ්ඩායමේ වූ තරුණ නීතිවේදිනිය Camille Vasquez ට සමාජ ජාලාවල දැඩි ආකර්ෂණයක් හිමි වී තිබෙනවා.ඇය ඩෙප්ව වැලඳගෙන ජයග්‍රහණය සමරන ඡායාරූප මේ වෙද්දී අන්තර්ජාලයේ දැඩි ලෙස ජනප්‍රිය වෙමින් පවතිනවා.ඇයව වර්ණනා කරන හෑෂ් ටැග් ද ඇගේ කරුණු දැක්වීම් අඩංගු කරන ලද ටික්ටොක් වීඩීයෝද ලොව පුරා සංසරණය වන්නේ ඉතාම වේගයෙන්.ඔවුන් අතර ආදර සසම්බන්ධතාවයක් ඇතැයි පවතින කටකතා නම් අසත්‍යයක් බවයි පැවසෙන්නේ.

Johnny Depp and lawyer Camille Vasquez spark speculation with their close nature

“අප මුල සිටම පැවසූ දේ සත්‍යයක් බවට පත් වුණා.ජොනී ඩෙප් සම්බන්ධ හැම අපවාදයක්ම අසත්‍ය බව ඔප්පු කරන්නට අපිට හැකි වුණා.”

මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් කැමිලි එසේ පවසා තිබුණා.

සත්‍යය කිසි විටෙකත් සැඟවී තිබෙන්නේ නැහැ.උසාවියකින් යුක්තිය ඉටු වන්නට ස්ත්‍රී පුරුෂ භාවය බාධාවක් ද වෙන්නේ නෑ. ලෝකයේ කිසිම මිනිසෙකු ලිංග භේදයකින් තොරව ගෘහස්ථ හිංසනයේ ගොදුරක් නොවිය යුතුයි.ලෝකයේම දැඩි අවධානය දිනා ගත් මේ නඩුව හෙළි කරන සත්‍යය වන්නේ එයයි.

Related Articles

Don't Miss


Latest Articles