පිරිමියෙකු වීමේ අවාසනාව පෙන්වූ ඩෙප් – ඇම්බර් නඩුව

අපි කාන්තා සමූහයක් සහ කාන්තා වෙබ් අඩවියක් වශයෙන් කාන්තාවන්ගේ ගැටළු නිරන්තරයෙන්ම කතාබහ කරනවා.නමුත් සමහර අවස්ථාවන් වලදී ගෘහස්ථ හිංසනයේ ගොදුර වන්නේ කාන්තාවම නොවන බව අප සියල්ලන්ම හොඳින් දන්නා කාරණාවක්.යම් මානසික ආබාධයක් හෝ තමන්ගේ යම් පෞරුෂ ගැටලුවක් නිසා කාන්තාව අතින් තමන්ගේ සැමියාට ගැටලු ඇති විය හැකි අවස්ථාවන් ද ඕනෑතරම් තිබෙනවා.

ඩොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් අතර ඇති වූ නඩුව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය දැඩිව යොමු වී ඇති මොහොතක් මේ.

ලෝ ප්‍රකට නළුවෙකු වන ඩෙප්ට එරෙහිව ඔහුගේ බිරිඳ නඩු පවරන්නේ ගෘහස්ථ හිංසනය යටතේ.ඇමරිකානුවන් කාන්තා හිරිහැරවලට දැඩි විරුද්ධත්වයක් දක්වන හන්දාම ඩෙප්ට ලැබිය යුතුව තිබූ චිත්‍රපට පවා නොලැබී යනවා.ඔහුගේ පැමිණෙන්නට තිබූ චිත්‍රපට අවලංගු වී යනවා.මේ දේවල් නිසා නමට දැඩි හානියක් වෙද්දී ජොනී ඩෙප් දැඩි මානසික පසුබෑමකට ලක් වෙනවා.

තමන්ගේ නමට සිදු වූ හානියත් සැබෑ අසාධාරණය සිදු වූයේ තමන්ටත් නිසා ඩෙප් විසින් බිරිඳ වූ ඇම්බර්ට එරෙහිව නඩුවක් ගොනු කරනවා.එයත් ගෘහස්ථ හිංසනය යටතේම වීම විශේෂත්වයක්.එම නඩුව අතරවාරයේ ඇම්බර් සම්බන්ධයෙන් නොයෙකුත් දෑ හෙළිදරව් වන්නට පටන් ගන්නවා.ඇය ඩෙප්ව නානකාමරයේ පැය ගණනාවක් සිර ගත කළ බව,ඔහුගේ නිදි යහන මත මළපහ කර එයට සුරතල් බල්ලා අසු කරන්නට තැත් කළ බව සහ ඔහුව පහත් කරන්නට තැත් කළ අවස්ථා ගැන එහිදී හෙළි වෙන්නට පටන් ගත්තා. එපමණක් නෙවෙයි,ඩෙප් ඇම්බර්ට පහරදී නැති බවත් ඇම්බර් විසින් ඩෙප්ට පහර දී ඇති බවත් මෙහිදී හෙළිදරව් වෙනවා.

මේ සියළු කාරණා අසත්‍ය බව පවසමින් ඇම්බර් විරුද්ධ වූ නිසාම නඩුව දිගින් දිගටම ඇදී යන්නට පටන් ගත්තා.

ඇම්බර් සහ ඩෙප් අතර දුරකථන සංවාදයක පටිගත කිරීමක් නිකුත් වෙන්නේ ඉන්පසුවයි.ඒ ජොනී ඩෙප්ගේ සාක්ෂි දීම අවසානයේ දී. වඩා වටිනා සාක්ෂියක් බවට ඒ හඬ පටිය පත් වෙනවා.

“ඔයා පිරිමියෙක් නිසා කිසිම කෙනෙක් ඔයාව විශ්වාස කරන්නේ නෑ.මගේ නම ජොනී ඩෙප්.මම සුදු ජාතිකයෙක්.මම ගෘහස්ථ හිංසනයට ගොදුරු වුණා.කියලා බලනවා.කවුරුත්ම ඔයාව විශ්වාස කරන් නෑ”

ඇම්බර් විශ්වාසයෙන් පවසා ඇත්තේ කිසිවෙක් ම ඔහුගේ පැත්ත නොගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් ඩෙප්ගෙන් නීතිඥවරුන් අපූරු ප්‍රශ්නයක් විමසා සිටියා.

“ඔබ ඒ වෙලාවේ මොකද කිවේ?”

මිනිස්සු තමන්ව විශ්වාස නොකරන බවත් තමන් ද සිතූ බව ඩෙප් පවසා තිබුණා.මෙය “පිරිමියෙකු වීමේ අවාසනාව පෙන්වන හඬපටියක්” ලෙස දැන් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා.

ඇම්බර්ට මානසික රෝගයක් ඇති බවට මානසික වෛද්‍යවරුන් මේ වෙද්දී අධිකරණ නියෝගයකට පසු හඳුනාගෙන තිබෙනවා.borderline personality and histrionic personality disorder යන රෝග ඇයට වැලඳී ඇති බවට මේ වන විට සනාථ වී අවසන්.

විවාහයක් සිදු කර ගත යුතු වන්නේ දෙදෙනා අතර දැඩි අනොන්‍ය අවබෝධයක් ගොඩ නැඟුණු පසුව.නමුත් ඒ අවබෝධය තුළ ද වැරදි ඇති බව වැටහෙන්නේ නම් කළ යුතු වන්නේ වෙන් වීමයි.අනෙකාව හිංසනයට ලක් කිරීම හෝ හිරිහැර කිරීමෙන් ලැබෙන දෙයක් ඇත්තේ නැහැ.

සෑම මොහොතකම ගෘහස්ථ හිංසනයක වාසිය ලැබෙන්නේ කාන්තාවටයි.එහෙත් එය සෑම විටම එසේ වන්නේ නෑ.අප කාන්තාවන් වූ නමුත් සෑම මොහොතකම සිට ගත යුතු වන්නේ සාධාරණය වෙනුවෙන්.ඒ නිසාම මෙවැනි තැනකදී කාන්තාවක වූ පමණින් ඇම්බර්ට සාධාරණය ඉෂ්ට වේවා යන්න ප්‍රාර්ථනා කරන්නට අපට බෑ.

ඩෙප්ට මහත් ප්‍රසිද්ධියක් ගෙන ආ Jack Sparrow චරිතය ඇතුළු චරිත කිහිපයක්ම ඔහුට අහිමි වී අවසන්.මානසික නිදහස ද අහිමි වී අවසන්.ඔහු ලෝකය ඉදිරියේ නින්දාවට පත් වී අවසන්.ඩිස්නි ආයතනය විශාල මුදලක් ගෙවූව ද ජැක් ස්පැරෝ චරිතයට නැවත පණ පොවන්නේ නැති බව ජොනී ඩෙප් පවසා තිබෙනවා.
මෙවැනි කාරණා නිසා ඔහුට සාධාරණය යහපත් ලෙස ඉටු වීම බොහෝ වැදගත් කාරණාවක්.එය නීතියේ සාධාරණත්වය ලෝකයට තරයේ තහවුරු කරන්නක් වනවා

ලිංග භේදයකින් තොරව ලෝකයේ කිසිම මිනිසෙකු  ගෘහස්ථ හිංසනයේ ගොදුරක් නොවිය යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles