ඕනෑවට වඩා වතුර බිව්වොත් වෙන දේ ඔබ දන්නවාද?

අපි හැමෝමටම ජිවත් වෙන්න නම් වතුර පානය කිරීම අත්‍යාවශ්‍යයි. වෛද්‍යවරු මතය අනුව දවසකට වතුර ලීටර් 1-2(වතුර විදුරු 6ක්)  අතර ප්‍රමාණයක් පානය කලයුතුයි. නමුත් නව සමික්ෂණ වලට අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කිරීමත් අපේ ස්‍යෙඛ්‍යයට සුදුසු නොවන බව පැවසෙනවා. ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කිරීමෙන් මෙන්න මේ දේවල් සිදුවනවා-

පමණට වඩා වඩා වතුර බිව්වොත් ඔබේ රාත්‍රී නින්දට බාධා ඇති විය හැකියි

නිදා ගැනීමට ප්‍රථමයෙන් වතුර පානය කලයුතුයි. නමුත් වතුර වීදුරුවක් පානය කිරීම ප්‍රමාණවත්. අපි නිදා ගන්න වෙලාවට මොලයෙන් (ADH, anti-diuretic hormone) කියලා හොර්මොනයක් නිදහස් කරන්න පටන් ගන්නවා.එකේ අරමුණ තමයි වකුගඩු වලින් සිදුවන පෙරීමේ ක්‍රියාවලියේ වේගය අඩු කරලා අපිට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය සිතට දැනෙන එක නතර කරන එක. එසේ නොමැති වුවහොත් ඔබේ සැප නින්දට රාත්‍රියේදී අනිවාර්යයෙන්ම බාධා විය හැක. වෛද්‍ය මතය වනුයේ ඔබට රාත්‍රී නිදා ගැනීමේදී නිතර නිතර මුත්‍රා කිරීමට අවශය වී අවදි වෙනවා නම් නිදා ගැනීමට පැය දෙකක් හෝ තුනක් ඇතුලත කිසිම දියර ජාතියක් පානය කිරීම සුදුසු නොවන බවයි.

අධික ලෙස දහඩිය දැමීමටත් හේතුවක්  

 දිනකට සාමන්‍යයෙන් මිනිහෙක් පානය කල යුතු වතුර මට්ටම ඉක්මවා වතුර පානය කරන අයෙක් ක් නම් ගොඩක් දාඩිය දාන්න එක හේතුවක්  වය හැක. මන්ද ශරීරයට අවශය ප්‍රමාණයට වඩා වතුර බිව්වොත් ඒ වැඩි පුර බොන වතුර ටික ශරීරය විසින් දාඩිය හරහා තමයි පිට කරනු ලබයි.

වැඩිපුර වතුර බිව්වොත් ඔබේ  මරණය පවා සිදු විය හැකියි

ඉතාමත් අධික ලෙස වතුර පානය කිරීම නිසාම මිය ගිය පිරිස්  වාර්තා වීවෙලා තිබෙනවා. මෙයට හේතුවක් ලෙස    British Dietetic Association  ප්‍රකාශ කරනුයේ අධික ලෙස වතුර පානය කිරීමෙන් අප ජිවත් කරවීම සදහා ශරීරය තුළ තිබිය යුතු ලුණු සාන්ද්‍රනය දුර්වල වීමෙන් ඇතිවන සංකූලතා බවයි. එසේම එකවර වතුර විශාල ප්‍රමාණයක්  පාපය කිරීමෙන් වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බාධාවිය හැක. මන්ද වකුගඩු වලට එක් වරම වතුර විශාල ප්‍රමාණයක්  ලැබුණු විට උපරිම වේගයෙන් ක්‍රියා කලද වකුගඩු වලට  වැඩි වතුර ටික පිට කර  ගැනීමට නොහැකිවේ. මින්  ලේ වල පවත්වා ගතයුතු ලවන සාන්ද්‍රණය නියමිත පරිදි පවත්වා ගත නොහැක. ඒ අනුව ශරීරයේ සෛල වල ලවන සාන්ද්‍රනයට වඩා ලේ වල ලවන සාන්ද්‍රනය අවම වුවහොත් එය සෘජුව බලපානුයේ මොළයේ සෛල වලටය. එවිට මොලේ සෛල ඉදිමෙන්න ගන්නා අතර එයින් දරුණු හිසේ කැක්කුම් එහෙම එන්නේ. ඉතාමත් අධික ලෙස වතුර බිව්වොත් වඩාත් දරුණු ප්‍රතිවිපාක අත්විදින්නට වනු ඇත.

මේ නිසා අධික ලෙස ලීටර් ගණන් එක පාර වතුර බීමට ඇබ්බැහිවීමෙන් වැළකී ඔබට තිබහ දැනෙන විදිය අනුව ඔබේ සිරුරට දරාගත හැකි අයුරින් ජලය පානය කිරීමට වගබලාගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles