වීරයන් නිර්මාණය විය යුත්තේ සත්‍යය මතින් – Jana Gana Mana

අපි ඇහින් දකින හැමදේම ඇත්තද?

ඒ ප්‍රශ්නයට ඔබට දෙන්න තියන පිළිතුර මොනවගේ එකක්ද?ඕනෑම ප්‍රශ්නයක් දිහා මතුපිටින් විනිශ්චය කරන්න හොඳ නැහැ.සමාජ මාධ්‍යට රටේ තීරකයා වෙන්න පුලුවන්ද? සමහර සිද්ධි නිර්මාණය වීම සහ විනාශ වීම අතර සම්බන්ධතා තියෙන්න පුලුවන්.

Jana Gana Mana කියන්නේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක ඔබ හොයාගෙන ආව චිත්‍රපටියක්.පැය දෙකක් සහ විනාඩි හතලිහක් පුරා ඔබට Crime Thriller ශානරය සම්බන්ධයෙන් ඉහළම අත්දැකීමක් ලබා දෙන චිත්‍රපටියක්.

විශ්ව විද්‍යාල මහාචාර්යවරියක් වූ සබා මරියම් ඝාතනය වීම නිසා රටේ ප්‍රබල විරෝධතා රැසක් ඇති වෙනවා.ඒවා බොහොමයක් සංවිධානය කරන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින්.මේ විරෝධතා පොලිසියෙන් දරුණු ලෙස මර්දනය කරනවා.පොලිස් කෲරත්වයට එරෙහිව විරෝධතා වැඩිපුර ඇති වන්නට පටන් ගන්නවා.මේ නිසා සභා මරියම් ඝාතනය විසඳීම සඳහා පොලිසිය සජ්ජන් කුමාර් නම් නිලධාරියාව පත් කරනවා.

සජ්ජන් මිනීමරුවන්ව සොයා ගන්නවා.ඔහු ඔවුන්ව අත්අඩංගුවට ගත්තත් උසාවියට ඉදිරිපත් කරන්නට පෙර සජ්ජන් නඩුවෙන් ඉවත් වෙනවා.ඒ චූදිතයන් සතුව පවතින ප්‍රබල දේශපාලනික සම්බන්ධතා නිසා.ඒ සහ ඔවුන්ට අධිකරණ දඬුවමෙන් ගැලවෙන්නට හැකියාව ගැලවෙන්නට හැකියාව තිබෙන බවට සජ්ජන් විශ්වාස කරනවා.ඔහු ඔවුන්ව තැනකට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරනවා.මේ නිසා සජ්ජන් සමාජය හමුවේ වීරයෙකු බවට පත් වෙනවා.නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් නඩුවක් පවරනවා.මෙය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බවත් ඔවුන්ගේ බලය රැක ගැනීමේ නියෝජනය සජ්ජන් බවත් හෙළි වන්නේ ඉන්පසුවයි.

ඇත්තටම සිද්ධ වෙන්නේ කුමක්ද?

අපේ තීරණවල වැරදි මෙන්ම නිවැරදි බව නිසා බොහෝ අකටයුතුකම් වලට මුහුණ දෙනවා.මේ ඉන්දියාවේ කතන්දරයක් විතරක් නෙවෙයි.අපේ රටෙත් පොදු කතාවක් කිව්වොත් නිවැරදියි.අපි අපිව අනිසි ලෙස පාවිච්චි කරන්න කිසිවෙකුටත් දෙන්නට හොඳ නෑ.

Jana gana mana චිත්‍රපටය ඉහළ IMb අගයක් දැනටමත් හිමි කරගෙන තිබෙනවා.මලයාලම් සිනමා නිර්මාණයක් වන මෙහි Prithviraj,Suraj ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

මාධ්‍ය පාලකයාගේ හොරනෑවක් බවට පත් වුවහොත් එයට සමාජයේ හඬ පරදවා පැතිරෙන්නට හැකි ඉඩ වැඩියි.ඉන් සත්‍යය යටපත් වෙන්නට තිබෙන ඉඩත් වැඩියි.වීරයන් බිහි වෙන්නට ඕනෑ හෘද සාක්ෂියට එකඟව බව හෙළි කරන්නට මේ අපූරු චිත්‍රපටිය අපූරු මෙහෙයක් කරමින් තිබෙනවා.අපේ රට වර්තමානයේ පවතින තත්ත්වයේ හැටියට මේ අපි නැරඹිය යුතුම චිත්‍රපටියක් වන්නේ එනිසාමයි.

2022 වසර වෙනුවෙන් දැනට නිකුත් වූ මලයාලම් චිත්‍රපටි අතරින් හොඳම චිත්‍රපටිය ලෙස Jana Gana Mana චිත්‍රපටිය හැඳින්වෙනවා.මෙහි දෙවැනි කොටසක් ද නිකුත් කරන්නට සැලසුම් කරමින් ඇති බවයි කියවෙන්නේ 

වීරයන් නිර්මාණය විය යුත්තේ සත්‍ය අවිය කරගෙන පමණයි.එය මේ චිත්‍රපටිය නැරඹීමෙන් ඔබට සනාථ කර ගන්නට හැකි වේවි

Related Articles

Don't Miss


Latest Articles