(අ)හිමි සිහින -125

මාතෲ භාර්යාවක වන්නට හැම බිරිඳටම බැහැ.සුධාරක සම්බන්ධයෙන් මා එසේ වූ බව මම හැම මොහොතකම මතක් කරන්නේ සැනසිල්ලෙන්.මා ඔහුව දරුවෙකු සේ රැක බලා ගත්තා.ආදරේ කරන කෙනෙකුට වඩා මම ඔහුට මවක් සේ සැලකුවා.අවුරුදු පනස් හතරක වැඩුණු මිනිසෙකුගේ නියපොතු කපන්නටත් කන් සුද්ද කරන්නටත් පවා මම කටයුතු කළ බව ඔබ විශ්වාස කරනවද?මම එවැනි දේ පවා කරන්නේ ඔහු ඒ සියලු දේ මගෙන් බලාපොරොත්තු වන බව දැන සිටි නිසයි.

“ඔය කැමති නෑ නේද මම ලස්සනට ඉන්නවට? දැං ඔයා මගේ රූපලාවන්‍ය ගැන සැලකිලිමත් වෙන්නේ නෑ.ඔයා බයයි මට ගෑණු ළමයි යාළුවෙක් කියලා.”

මට ඔහු ගැන යම් තරමකට හෝ සොයා බලන විට අමතක වෙනකොට ඔහු ඒ වගේ කතන්දර කියමින් හිනැහෙනවා.ඒවා සරදමට කියන බව දන්න නිසාම මමත් ඔහුට සරදම් කරනවා.

“ඔයා හිතන්නේ මට ගෑනු ළමයෙක් යාලු කරගන්න බැරිද? මට කෙල්ලෙක් වට්ටා ගන්න බැරිද?”

මා කෝපයට පත් කර සරදම් කරන්න හිතාගෙන ඔහු ඒ වගේ ප්‍රශ්න මගෙන් අහනවා.

“ගෑනු ළමයි වැටෙයි,යන පාරේ වළවල් කපලා තිබ්බොත්.”

එවැනි කතා වලින් කෝපයට පත් වන්නට කිසිදු හේතුවක් නැති නිසා මම ඔහුට පෙරළා පිළිතුරු දෙනවා.

බාධක මොනතරම් තිබුණත් අපි ආදරෙන් සහ සැනසීමෙන් ජීවත් වීම තමයි මට තිබූ එකම සැනසිල්ල.නඩුහබ ආදියෙන් පරාජය වීමෙන් පසු තවදුරටත් අපි සමග ගැටුම් ඇති කර ගැනීම තේරුමක් නැති බව සිතූ දිල්හානි අපේ ජීවිත වලින් ඈත්ව ගියා.නඩුහබවලින් සිදු වුණේ ඇය වැරදිකාරිය වීම මිසක අපේ ජීවිත අවුල් නොවීම බව ඇය තේරුම් ගත්තා.රිදවීමට විවිධ දේ කිරීම හෝ නඩු දැමීම මගින් අපේ ජීවිත තවදුරටත් අවුල් කළ නොහැකි බව දිල්හානි තේරුම් ගත්තා.අපේ රැකියාවට බලපෑම් කළ නොහැකි බවත් අපේ ජීවිත අවුල් කළ නොහැකි බවත් තේරුම් ගත් පසු ඇයට තවදුරටත් අප සමඟ ගනුදෙනු තිබුණේ නැහැ.ඇගෙන් කිසිම හානියක් නොවන තැන තවදුරටත් ඇය ගැන සොයා බැලීම හෝ ඇයට දඬුවම් කිරීම අපටත් උවමනා වුණේ නැහැ.අප දෙගොල්ලන්ම දෙපාර්ශ්වය ගැන අමතක කර දැමූ බව තමයි මට හිතෙන්නේ.

“තාත්තෙකුට තමන්ගේ දරුවන් අහිමි වීම වේදනාවක් තමයි.ඒත් ඔවුන් ඔවුන්ගේ පාඩුවේ හිටපුවාවේ.අපි අපේ ජීවිත අරගෙන යමු.”

අපි එහෙම තීරණයකට එළඹුනා.අපි විතරක් නෙමෙයි සුදාරකගේ පවුලේ අයත් ඒ තීරණයට එළඹී තිබුණා.ඔවුන් අපි සමග බොහොම ලෙන්ගතු ජීවිතයක් පවත්වාගෙන ගියා.අපි නිතරම චාරිකා ගියා.මුණ ගැසුණා.පවුලක් ලෙස සුන්දර ජීවිතයක් අපිට තිබුණා.

“ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ

සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ”

මගේ ජීවිතය සම්බන්ධයෙන් කතා කරද්දි මේ පද පේලි දෙක නොකියාම බෑ.ඉතාම සුන්දර ජීවිතයක් ගෙවා දැමුවත් කුණාටුවක් අත අත ළඟම එන බව මා දැන සිටියේ නැහැ.ජීවිතය මට ලබාදෙන්නේ එවැනි දේ වෙන්නටත් ඇති.නමුත් එළඹෙන්නට තිබෙන කාලය ගැන නොදැන මම සුදාරක සමඟත් මගේ දියණිය සමගත් පවුලේ උදවිය සමග සන්තෝසෙන් ජීවත් වෙන්නට පටන් ගෙන තිබුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content