(අ)හිමි සිහින -139

සුධාරක දකින්න අනුරාධපුරය රෝහලට ගියේ මමත් ඔහුගේ නැගනියත් , මස්සිනාත් බව මම පැවසූ හැටි ඔබට මතක ඇති.අපි එදා හවස් වන තුරුම රෝහලේ රැඳී සිටියා.එතැන සිටි සෑම කෙනෙකුම,වෛද්‍ය කාර්යමණ්ඩලයේ හැමකෙනෙක්ම මාව හඳුනා ගත්තේ ඔහුගේ බිරිඳ ලෙසට.ඒවා නිවැරදි කරමින් සැබෑ තත්වය පැවසීමේ උවමනාවක් හෝ හැකියාවක් ඒ මොහොතේ මට තිබුණේ ද නැහැ. එදා රාත්‍රිය ගෙවන්නට අපි සුදාරකගේ රාජකාරි ස්ථානයට ගියා.මට නිල නිවාසයක් ද ලැබුණා.පසුදා උදෑසන සුදාරකගේ  තවත් නැගණියකුත් ඥාති සහෝදරයෙකුත් සමඟ සුදාරකගේ අම්මා පැමිණ තිබුණා.

සුධාරක රෝගී වූ බව දැනගත් මොහොතේ සිට මම කිසිදු මස් මාංශයක් ආහාරයට ගැනීමෙන් වැළකුණා.මස් මාළු පමණක් නෙමෙයි.එදා දවසට ම හරිහැටි කෑමක් පවා නොවූ තරම්.උදෑසනම කිරි තේ එකක් බී නිවසින් පිටත් වූ පසු එක්තරා මොහොතකදී බිස්කට්ටුවක් දෙකක් ආහාරයට ගත් බව මට මතකයි.එදා දවසටම ආහාරයක් වූයේ එපමණක් වුවත් මම රාත්‍රී ආහාරයට තිබූ මස් මාළු ආහාරයට නොගත්තේ පසුදින සුදාරක වෙනුවෙන් භාරයක් වන්නට සිතමින්.සාමාන්‍යයෙන් දෙවියන්ට බුදුන්ට බාරහාර වෙද්දී මස්මාංශයෙන් තොරවීම මගේ පුරුද්දක්.

පසුදා උදෑසනම මම සුදාරක දකින්නට ගියා.ඇත්ත ඇති සැටියෙන් සිතුවහොත් ඔහු සිටින්නේ එතරම් හොඳ මට්ටමක නොවන බව මට නොසිතුණා නොවෙයි.නමුත් එවැනි මොහොතක එවැන්නක් පිළිගන්නට හදවත ශක්තිමත් වන්නේ නැහැ.පෙනෙන සත්‍යයට වඩා බලාපොරොත්තු පොදි බැඳ ගන්නට එවැනි අවස්ථාවක අපි කවුරුත් කැමැත්තක් දක්වනවා.ඒ නිසාම ඔහුට ඉක්මනින් සුව වන බව විශ්වාස කරන්නට මට වුවමනා වුණා.ඒ වෙද්දි මම රැගෙන ගියේ සුදාරකගේ පැරණි වෛද්‍ය වාර්තා පිරික්සා බලමින් රෝගය ගැන විනිශ්චයට එළඹි ඔහුට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් අරඹා තිබුණා.නමුත් යන්ත්‍ර වල සටහන් වූ දෙයින් පවා කියැවුණේ යහපත නොවන බව මම හොඳින්ම දුටුවා.

“අපට කිසිවක් ම හරියට කියන්න බැහැ.මේ මොහොතේ වෙන්න තියෙන හොඳම දේ වෙන්න කියලා තමයි අපි උනත් ප්‍රාර්ථනා කරන්නේ. මේ වෙලාවේ මොකක්ම හෝ ප්‍රාතිහාර්‍යයක් සිදු වෙන්න ඕනෑ.”

ප්‍රධාන වෛද්‍ය නිලධාරි තුමා මට එසේ පැවසු අන්දම මට ජීවිතයේ කිසිම දවසක අමතකව  යන්නේ නැහැ.එවැන්නක් අසා හිඳින්නට මොන තරම් ශක්තිමත් විය යුතු දැයි මට වැටහුණෙ ඒ මොහොතේ දී.

“එයා රෝද පුටුවකට උනාට කමක් නැහැ.ඇඳට වැටුණට කමක් නැහැ.මට එයාගෙ ජීවිතේ බේරලා දෙන්න ඩොක්‍ට!”

එසේ ඉල්ලා සිටීමෙන් අනතුරුව මම හඬන්නට වැළපෙන්නට ගියේ නැහැ.ඒ වෙනුවට මනස ශක්තිමත් කරගත් මම ඒ මොහොතේ මගින් සිදුවිය යුතු දේ ගැන වෛද්‍යවරුන්ගෙන් විමසා සිටියා.හදවතක් බද්ධ කිරීම වැනි දෙයක් ඒ මොහොතේ  සාර්ථක වේදැයි මම සිතමින් සිටියා.අනුරාධපුරයට යන ගමනේ දී පවා රටේ ප්‍රධාන රෝහල් කිහිපයකම වෛද්‍යවරුන් හා සාකච්ඡා කරමින් මම ඒ සම්බන්ධ කටයුත්තකට සූදානම් වුණා.

ඔහු සම්බන්ධ නීත්‍යානුකූල අයිතිය ලබා ගැනීම හැරුණු විට සුදාරක රැකගන්නට මට වෙනත් බාධා තිබුණේ නැහැ.හොඳ රැකියාවක් කර හොඳ උපයන්නියක වී සිටි නිසා මට මූල්‍යමය අර්බුදයක් තිබුණේ නැහැ.ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ දන්නා හඳුනන අය බොහෝ සිටීම නිසා මට මේ මොහොතේ කළ යුතු දේ සම්බන්ධයෙන් උපදෙස් ද ලැබෙමින් තිබුණා.

ඒ සියල්ල එසේ සිදුවෙද්දී මගේ සුදාරක ජීවිතය අල්ලාගෙන සිටීම පමණමයි මට උවමනා වූයේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content