(අ)හිමි සිහින-140

එසේම  මට තිබූ විශාල ම බියක් වූයේ සුධාරකව සම්බන්ධ කර තිබූ යන්ත්‍ර ගලවා දැමීම කිනම් මොහොතකදී සිදුවේදැයි යන්නයි. බේරාගත නොහැකි බව වෛද්‍ය කණ්ඩායම් වලට වැටහුණහොත් අවස්ථාව වෙනත් අයකුට ලබාදීම සඳහා යන්ත්‍ර ගලවා දමන බව මා දැන සිටියා.නමුත් යන්ත්‍රයකින් හෝ සුදාරක ජීවත් විය යුතු බව මම තරයේ ම සිතමින් සිටියා

“ඩොක්ට,සුධාරකගේ මැෂින් ගලවන්න වෙයිද? මම සල්ලි දීලා මැෂින් එකක් අරන් දෙන්නම්.මෙයාගේ මැෂින් ගලවන්න එපා.”

ඇස් වලින් කඳුලු රූරා වැටෙද්දි මම ඒ ඉල්ලීම වෛද්‍ය කණ්ඩායම් වලින් ඉල්ලා සිටියා.

ඒ වෙද්දී සුදාරකගේ මොලය අඩපණ වී ගොස් තිබුණා.නමුත් ඒ අඩපණ වීම මොන තරමට දැයි ඒ වෙද්දී සොයාගෙන තිබුණේ නැහැ.ඔහු කෝමා තත්ත්වයක පසු වෙමින් සිටියා.

හඩමින් වැලපෙමින් ඔහු ගැන බියට පත්වීම වගේම හැබෑවටම ඔහුගේ තත්ත්වය ගැන සොයා බැලීමටත් මම තදින් හිත හදා ගත්තා.අපි දෙයක් ගැන නිවැරදිවම දැනගැනීමෙන් විය හැකි හොඳම තත්ත්වය සහ දරුණු ම තත්වය ගැන දැනුවත් වෙනවා.මේ මොහොතේ කළ යුතුම වන්නේ එය බව මට තේරුම් ගියා.

මම අන්තර්ජාලය පීරමින් සුදාරකගේ තත්ත්වය ගැන අන්තර්ජාලය ලිපි සහ වීඩියෝ නරඹන්නට හා කියවන්නට ගත්තේ ඒ නිසා.ඒ රෝග තත්ත්වය අවසානයේ ඔහුට අත්කරදෙන ඉරණම කුමක් දැයි දැන දෙන ඉරණම කුමක් දැයි දැනගන්නට මට වුවමනා වුණා. ඒ වගේම මම හිතවත් සහ ඥාති වෛද්‍යවරුන් සමග නිරන්තරයෙන් කතාබහ කළා.දිල්හානිගේ ඥාති සහෝදරියක සහ ඇගේ සැමියා විදෙස් රටක ජීවත් වූ වෛද්‍ය යුවලක්.දිල්හානිගේ ක්‍රියාකලාපයන් නිසා ඇය සමඟ අමනාපයෙන් පසු වුණත් ඔවුන් මා සහ සුදාරක සමඟ ඉතාමත් හිතවත්.ඔවුන් ඒ රටේ සිටින හෘද රෝග විශේෂඥවරුන් ද මට සම්බන්ධ කර දුන්නා.මම ඒ විදෙස් වෛද්‍යවරුන් සමඟ ද සුදාරකගේ තත්ත්වය සම්බන්ධයෙන් කතා කළා.

“මේ රෝගියාට සිහිය එන්නටත් පුළුවන් නොඑන්නටත් පුළුවන්.ජීවතුන් අතර සිටියොත් සදාකාලිකවම එක්තැන් වීමේ ඉඩ තමයි වැඩි.සමහර වෙලාවට ප්‍රතිකාරවලින් ඔහු නැවත නැගිටවා  ගන්නටත් ඉඩ තිබෙනවා.”

හැම වෛද්‍යවරයකු ම පාහේ ඔහු ගැන පළ කළ එවන් අදහසක්.

සොබාදහම,කාලය සහ දෛවය මේ සාධක තුන වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම සමග එක්වී සුදාරකගේත් මගෙත් අනාගතය තීරණය කරමින් සිටින බව මට වැටහුණා.අපේ රටේ සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන්ගේ කැපවීම ගැන මට කිසිදු සැකයක් තිබුණේ නැහැ.අපේ රටේ වෛද්‍යවරු විශිෂ්ට වෛද්‍යවරුන් බව අතීතයේ අසංකගේ මවගේ රෝගී තත්ත්වය සහ මා දියවැඩියාවෙන් පීඩාවිඳින කාලයේ සිදු වූ දේවල් නිසා මම හොඳින්ම අවබෝධ කරගෙන සිටියා.සුදාරක ට ප්‍රතිකාර කරන්නට පහසුකම් මදි වුවහොත් ඔහුව විදේශයකට හෝ රැගෙන යන අන්දම මම සැලසුම් කරමින් ද සිටියා නමුත් එය අපට කෙසේ සලකයිද මට අනාවැකි කීමේ හැකියාව තිබුණේ නැහැ.  

“මෙයාට සිහිය එන්න මෙයා ආස කරන සහ ආදරේ කරන දේවල් මෙයාට ඇසෙන්නට සැලැස්විය යුතුයි.ඒ මඟින් මොළය පණ ගන්වන්නට බලපෑම් කරන්නට පුලුවන්.”

වෛද්‍යවරු මට එසේ පැවසුවා.

ඔහු ඉවත් ඒවත් කරන මට්ටමට රැගෙන ඒම සදහා වෙදකම වගේම වෙදකමද අවශ්‍ය වන බව වෛද්‍යවරු මට පැහැදිලි කරමින් සිටියා

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles