අත කැඩෙනකල් පිටි අනන්නැතුව විනාඩි විස්සෙන් පාන් හදමු

පාන් ගෙඩියක් මේ දවස්වල හරි ම ගණන්. ඒත් පාන් කන්න ආස හිතෙන වෙලාවට, අත රිදෙනකල් පිටි අනන්නෙ නැතිව හදන්න පුලුවන් පාන් රෙසිපි එකක් අපි අද ගෙන එන්න හිතුවා. මේ රෙසිපි එකේ ප්‍රමාණ හරියට ම පහළින් දක්වලා තියෙන විදියට ම ගන්න මතක තියාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි 470g ක්

මද උණුසුම් වතුර 400ml

සීනි තේ හැඳි එකක්

ලුණු තේ හැඳි එකක්

යීස්ට් තේ හැඳි එකක්

ඔබ කැමති තෙල් වර්ගයක්

හදන්නේ මෙහෙමයි

උණුසුම් වතුරවලට සීනි සහ යීස්ට් දමා හොඳින් දිය කරගන්න. එය පිපෙන තුරු මදක් තබන්න. 

ඉන්පසු එයට පිටි සහ ලුණු එක්කරන්න. 

දැන් අමු පිටි නොසිටින සේ හැන්දකින් හොඳින් කලවම් කරන්න. 

දෙගුණයක් පිපෙන තුරු උණුසුම් තැනකින් තබන්න. 

තැටියක තෙල් ගා, මිශ්‍රණය එයට දමා තැටිය පුරා විසිරී යන සේ අතින් සකසන්න. 

දැන් ඇඟිලිතුඩු වලින් කුඩා වලවල් හැදෙන සේ අනිමින් මතුපිට සකසා ගන්න. 

තෙල් ටිකක් ගාගන්න. කැපූ රතුළූණු , සුදුළූණු සහ කරපිංචා ටිකක් අවශ්‍ය නම් පමණක් උඩින් ඉසගන්න.

තවත් පැය බාගයක් පමණ වසා තබන්න.

දැන් අවන් එක 200°ට ප්‍රීහීට් කරගන්න. 

විනාඩි 20ක් බේක් කරගන්න.

දැන් අවන් එකෙන් බාගන්න.

මේ පාන් වර්ගය ඉතාලියානු එකක්. මෙහි සැබෑ නම් Focaccia යි. සාම්ප්‍රදායික ඉතාලියානු වට්ටෝරුවට අනුව මේ සමග තක්කාලි මිශ්‍ර ඩිෂ් එකක් ආහාරයට ගත්තත්, ලංකාවේ ඔබට සාමාන්‍ය පාන් සමග කන ඕනෑ ම කරියක් සමග මෙය කන්නට හැකියි. 

Related Articles

Don't Miss


Latest Articles