රාජකාරියට එහා ගිය මනුස්සකම ඉස්මතු කරමින් බිය වූ පුංචි දැරිය සැනසූ මිනිසෙක්

මහමාර්ගයේ අනතුරක් සිදු වූ විට අනතුරට ලක්වන අය මෙන්ම උදව් පතා පැමිණෙන අයත් මහත් කැළඹිල්ලට පත්වනවා.නමුත් අපි  ඉතා ප්‍රවේසමෙන් අනතුරකින් කම්පනය වූ අය සමඟ ගනුදෙනු කළ යුතුමයි.අනතුර විශාල එකක් වුවත් නැතත් අනතුරට ලක්වූ ලක් වූ අය අතර කුඩා දරුවන් සිටිනවානම් ඔවුන් සමඟ හැසිරීමේ දී අප බොහෝ ප්‍රවේශම් වන්නට ඕනෑ.

මේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජනපදයේ සමාජ  ජාලා පරිශීලකයින් ඉමහත් සංවේදනයට පත් කළ සිදුවීමක්.කෙනෙකු කෙරෙහි මොන තරමට කාරුණික විය හැකිදැයි යළි යළිත් සිහිපත් කළ කතාවක්.රාජකාරියෙන් ඔබ්බට ගොස් අපේ සේවය ලබා ගන්නා අය වෙනුවෙන් අපට ඉටු කළ හැකි මානුෂීය කොටස ගැන ලෝකයේ වෙසෙන සියලු සියළුදෙනාටම සියලු දෙනාටම නැවත නැවතත් සිතා බලන්නට බලකෙරෙන සිදුවීමක්.

රිය අනතුරක් ඇති වූ විට කුඩා දරුවකු මොනතරම් කම්පනයට පත්වෙනවා ඇතිද? 

කම්පන සහගත රිය අනතුරකින් කුඩා දැරියක් දිවි ගලවා ගත් පසු, ගිනි නිවන භටයෙක් ඇය සමඟ වාඩි වී සරල නමුත් අර්ථවත් ක්‍රියාවක් කරන අන්දම සමාජ ජාලා කළඹවන්නට ගත්තේ මේ කාරණාව ගැන යළි යළිත් සිතන්නට බලකරමින්. මොන්ටානා ගිනි නිවන භටයෙකුගේ ක්‍රියාවක් බොහෝ දෙනෙකුගේ හදවත් උණුසුම් කරන්නට සමත් වුණා.සිදුවීම ආසන්නයේ සිටි අයෙකු විසින්  ගන්නා ලද ඡායාරූපයකින් මිනිසුන්ට පෙන්නුම් කළේ මනුෂ්‍යත්වය කොපමණ ඉහළකින් පවතිනවා ද යන්නයි. රැකියාව පිණිස පැමිණෙන ගිනි නිවන බටයන් වින්දිතයාගේ ශාරීරික ගැටළු ගැන සැලකිලිමත් වන අතර ඔවුන්ගේ චිත්තවේගීය අවශ්‍යතාවලටද ප්‍රතිචාර දක්වන බව එයා රූපයෙන් අපූරුවට පැහැදිලි වුණා. 

ඡායාරූපයෙහි, ගිනි නිවන භටයා පාර අයිනේ වාඩි වී සිටි අතර, ඔහු අසල කුඩා දැරියක් සිටියා.දරුණු අනතුරකට පසුව ගිනිගන්නා වාහන දෙකක ගිනි නිවන්නට පැමිණි ගිනි නිවීම් බටයෙකු වූ ඔහු අසල වාඩි වී සිටියේ අනතුරට පත් වාහනයක දැරිවියක්. ඔවුන් දෙදෙනා එක්වී පොතක් කියවමින් සිටින බවක් පෙනෙන්නට තිබුණා. The Billings Fire Department හි 26 හැවිරිදි Ryan Benton  මේ මානුෂිකත්ව ගුණ සහිත ගිනි නිවන භටයා වනවා.

කුඩා ගැහැණු ළමයා රිය අනතුරකට මුහුණ දී ඇති අතර, ඇයව සන්සුන් කිරීමට උත්සාහ කිරීමේදී කියවීම ඇගේ මනසට හොඳ පිටුවහලක් වනු ඇතැයි බෙන්ටන් විස්වාස කර තිබෙනවා. අනතුරින් කිසිවකුට බරපතළ හානියක් සිදුවී නොමැති අතර, රිය ගැටුමෙන් මෝටර් රථ දෙකටම හානි සිදුව තිබුණා.ඒවා සම්බන්ධයෙන් දැරිය බියට පත් වී සිටීම වළක්වන්නට බෙන්ටන්ට උවමනා වුණා.

රිය අනතුරු සෑම විටම ශාරීරික කැළැල් ඇති නොකරන නමුත් මානසිකව කැළල් ඇති කරනවා. කුඩා දැරියගේ මනස සැහැල්ලු කිරීමට ගිනි නිවන භටයා කළ ක්‍රියාව සෑම දෙනෙකුගේම පැසසුමට ලක් වුණා.

ඔහුගේ ප්‍රධානියා වූ Abell ප්‍රකාශ කළේ: “ඇයගේ දෙමාපියන් අනතුර සම්බන්ධයෙන් කටයුතු කරන අතරතුර ගැහැණු ළමයාට කතාවක් කියවීමට බෙන්ටන් කටයුතු කළා. මෙමගින් දෙමාපියන්ට අනතුර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් දියණියට වැඩි අවධානය නොදී සිටීමටත් උදව්වක් වන්නට ඇති.”

 ගිනි නිවන භටයින් සෑම විටම සොෆ්ට් ටෝයිස් සහ පොත්පත් වලින් සන්නද්ධව සිටින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. ඔවුන් මේවා රැගෙන යන්නේ ළමයින් සම්බන්ධ කම්පන සහගත සිදුවීම් වලදී ප්‍රතිචාර දැක්වීමේ පහසුව පිණිස බව ද ඇබෙල් ප්‍රකාශ කර සිටියා.හදිසි අවස්ථාවන්ගෙන් දරුවන්ගේ මනස සන්සුන් කිරීමට ඔවුන්ට සැමවිටම ක්‍රමයක් අවශ්‍ය බව ආබෙල් ප්‍රකාශ කරනවා.මේ නිසා බෙන්ටන් කුඩා දැරියට උදව් කිරීම ද ඔවුන්ගේ රාජකාරියට අයත් ක්‍රියාවක්.නමුත් එය රාජකාරියෙන් ඔබ්බට ගිය මානුශීය ක්‍රියාවක්.

Allie Marie Schmalz මේ විශේෂ අවස්ථාව ඡායාරූපයට ග්‍රහණය කර ගත් කාන්තාවයි. ඇගේ පෝස්ට් එක සඳහන් වූයේ: “සැමවිටම මිහිරිම දෙයක් සිදු වේ! මෙම ගිනි නිවන භටයා අනතුරකට ලක්වීමෙන් පසු බියට පත් කුඩා දැරියකට පොත් කියවයි.” ලෙසට

තමන්ගේ රාජකාරියෙන් ඔබ්බට ගොස් කුඩා දැරියකගේ මානසිකත්වය වෙනුවෙන් කැපවූ තරුණ ගිනි නිවන භටයා සැබෑවටම මිහිරි ක්‍රියාවක් සිදු කළ අයෙක්.දරුවන් සම්බන්ධයෙන් සහ දරුවන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන මේ කාලයේ සෑම මොහොතකම දරුවන් ගැන විමසිලිමත් වන්නටත් ඔවුන්ගේ සපත්තුවට බැස බලන්නටත් මේ කතාව අපට හොඳ ආදර්ශයක් වනවාට සැකයක් නෑ. 

Related Articles

Don't Miss


Latest Articles