සුහදිනි -29

“මං කෙනෙක්ට ආදරේ කරනවා.”

ඒ වචන කිහිපය තෝරා බේරා ගන්නට රන්මිණිටත් නිම්නාටත් සැලකිය යුතු වෙලාවක් ගත විය.සකී ප්‍රේමයක කිසිසේත්ම නොපැටලෙනු ඇතැයි ඔවුන් දෙදෙනා ඕනෑ තරමට අනාවැකි කියා තිබේ.ඒ ඇය අහස් ඉලංගසිංහට ආදරය කරන බව ඔවුන් දෙදෙනාට පෙනෙන්නට තිබූ නිසා ය.කිසිදා දිනාගත නොහැකි වූ ඔහුට ආකර්ෂණය නොවී ආදරය කරන්නට යාම ගැන මිතුරියන් සකීට නැවතත් වඩා බැණ වැදී තිබේ.

“මගේ ජීවිතේ මං අහපු හොඳම නිව්ස් එක.අර යකා මෝඩ විදියට ෆේල් වෙවී රටේ තියෙන තරම් ගොසිප් අහ ගන්නකොටත් මට හිතුනා ඒ වගේ බූරුවෙකුට ක්‍රෂ් වෙන්න ඔයාට පිස්සුද කියලා”

ඒක පාර්ශවීය ආදරයක් ගොඩ නැගෙන්නට,ලෝකයේ කුමන හෝ අංශයකින් ජනප්‍රිය තාරකාවකට ආකර්ෂණය වන්නට බාහිර සාධක කිසිවක් ම නුවුමනා බව සකී මිතුරියන්ට ඕනෑවටත් වඩා තේරුම් කර දී තිබේ.

“ක්‍රෂ් එකයි ආදරේ කියන එකයි දෙකක්. අන්න ඒක ඉස්සරලාම තේරුම් ගන්න ඕනේ.”

සකී එසේ පවසන්නේ නොමනාපයණනකට ගැනීම ඇගේ ඒ අමනාපය ගණනකට ගැනීමට මේ මොහොතේ කෙල්ලන්ට සිහි නොමැත.ඔවුන්ට දැනගන්නට ඊට වඩා බොහෝ වැදගත් කාරණාවක් තිබේ.

“ඔක්කොටොම කලින් කියන්න කවුද ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්.අපිට ෆොටෝ එකක් බලන්න ඕන.නෑ නම කියන්නකො.ඔය අපි දන්න මනුස්සයෙක් වෙන්න ඇතිනෙ.”

එකම කාමරයක් බෙදාගෙන වසරකට වඩා කාලයක් එකට සිටින මිතුරියන්ට තමන් ආදරයක පැටලී ඇති බව සැඟවීම අපහසු බව සකී තේරුම් ගෙන සිටියා ය.නමුත් ඒ කවුදැයි කියන්නට ඇයට ශක්තියක් නොමැත.අනෙක් අතට එවැන්නෙකුට පෙම් බඳිනවා නම් තමන්ගේ අතිසමීපතමයන්ට පවා ඒ වග සඟවා ගත යුතු බව සකී තේරුම් ගෙන තිබිණි.ඔහු ඕනෑම මොහොතක ඕපාදූපයක් වී සමහර වෙබ් අඩවි සහ සමාජ ජාලාවල හිංසනයට පත් වන්නෙකි.දකින නරක සිහින අඩු කරගන්නට නම් මුලින්ම කළ යුතු වන්නේ ඔහුගේ මානසිකත්වය යහපත්ව තබා ගැනීම බව සකී මේ පැය කිහිපයට අවබෝධ කරගෙන අවසන් ය. 

“මට එයා කවුද කියලා ඔයාලට කියන්න විදිහක් නෑ.”

ඒ පිළිතුරට කෙල්ලන් දෙදෙනා මුහුණට මුහුණ බලා ගන්නට විය.සාමාන්‍යයෙන් ඔවුන් තරුණයන් ඕපාදූප බෙදා ගන්නේ ඔවුන් ප්‍රේමය පතා ගමන ආරම්භ කරන මොහොතේ පටන් ය.සකී ඒ කාලයට ද තනිව මුහුණ දී තිබේ.ඇගේ ප්‍රේමයට කොපමණ වයස්දැයි මිතුරියන් දන්නේ ද නැත.නමුත් ඇය ප්‍රේමවන්තයා ඔවුන්ගෙන් සඟවයි.

“ඇත්තටම ඒකට හේතුවක් තියනවා. මට සමාවෙන්න.”

සකී එසේ කියද්දී රන්මිණි අමනාපයෙන් නැගිට ගත්තා ය.කියන්නට ඇති දේ නොසඟවා කියන්නට ඇයට උවමනා විය.සමීපව ඇසුරු කළ ද සකීට මේ මිත්‍රත්වයේ එහෙමකට සමීපකමක් නොදැනේ නම් ඉන් ඇති පල කුමක්දැයි කුමක් දැයි අසන්නට රන්මිණිට ඕනෑ ය.

“ඔයා හිතාගෙන ඉන්නවනම් ඔයාගේ බෝයිට අපි අහස් ගැන කියයි කියල ඒකනම් විකාරයක් හොඳේ.අහස් ගැන විකාර කතාව නෙමේ.ඔයාට මීට කලින් ඇත්ත කොල්ලෙක් හිටියත් අපි ඒක වුණත් ඔයාගෙ කොල්ලට කියන්නේ නෑ.එහෙව් එකේ ඔයා ඕක අපිට හංගන්නේ මොකටද?”

සකී නිරුත්තර ය.ඒ අහස් වීම ම ප්‍රේමය සඟවාගන්නට හේතුව බව කියන්නට තිබුණා නම් හොඳ වග සකී සිතුවා ය.නමුත් ඇය ඇවිද යාමට සැරසෙන මාර්ගය එතරම් පහසු එකක් නොවේ.අහස්ට ආදරය කරනවා නම් බොහෝ දේ දරා ගත යුතු බවත්,බොහෝ කැපකිරීම් සිදු කළ යුතු බවත් ඇය තේරුම් ගනිමින් සිටියා ය.

“සකීට ඒක නොකියන්න මොකක් හරි හේතුවක් තියෙනවා නම් අපි ඇයි ඒක අහන්නෙ.අපි තේරුම් නොගන්න ම දේ ඕකයි.අපිට හුඟක්ම කිට්ටු අය අපිට හැම දෙයක්ම කියන්න ඕනි කියල අපි හිතාගෙන ඉන්නවා.නොකීවම තරහ වෙනවා.”

නිම්නාගේ හඬ අවදි වූයේ මිතුරියන් තමන්ට සදහටම අහිමි වූවාදැයි සකී කම්පිත වන්නට වූ මොහොතේ ම ය.නිම්නා දිගටම කතා කරමින් සිටියේ රන්මිණිගේ මුහුණේ වූ අඳුරු වලා තවත් වැඩි කරමිනි.

“කෙනෙක්ට ගොඩක් ළං වෙනවා කියන්නේ ගොඩක් ආදරේ කරනව කියන්නේ එයා ගැන හැම දෙයක්ම හාරලා හාරලා අවුස්සලා දැනගන්න එකට නෙමෙයි.ඕනෙම කෙනෙක්ට තමන්ගේම කියල දේවල් තියෙන්න පුළුවන්.එයාගේ පර්සනල් ස්පේස් එකට බලෙන් රිංගන එක මහ වරදක්.”

රන්මිණි නිම්නාගේ කතාව අපහාසාත්මක සිනාවකින් නැවතූවා ය.ඇයට එපමණ රහසක් හාරාවුස්සා නොඉන්නට සිතක් නොවේ.අනෙක් අතට ඔය තරමට රහසක් කර ගන්නට සකීගේ ප්‍රේමවන්තයා කිරුළ හිමි විලියම් කුමාරයා වන්නට ඉඩ නොමැත.

“ඔව් ආදරේ කරන කෙනා ගැන රහස් රකී.හැබැයි රන්ඩුවක් වෙලා අඬන්න ගත්තම නලවන්න ඕනේ අපි.වැරදිලා හරි බ්‍රේකප් වුණොත් ඒක නලවන්න ඕනෙත් අපි.”

මිතුරියන් අතරින් වැඩි කලබලය නැති සාමකාමී තැනැත්තිය බව පෙනෙන රන්මිණි ඇගේ සැබෑ වර්ණය මතු කරමින් සිටියා ය.කෝප නොගෙන ප්‍රශ්න විසඳීම අපහසු බව සිතන නිම්නා සියල්ලම දරා සිටියේ මැදහත් සිතකින් ය.ඇයට රන්මිණිගේ ඒ ආඩපාලියට පවා පිළිතුරක් තිබිණ.

“ඇත්තම කිව්වොත් අපි ඉන්නේ ඒකට තමයි.අපි යාලුවොනෙ.සකීට එහෙම අවුලක් වෙන වෙලාවට අපි එයත් එක්ක ඉන්න ඕන.අපි දෙන්නටම ආදරේ කරන්න අය ඉන්නවා.ඒත් අපි එයාලත් එක්ක කෝල් කර කර හුරතල් වෙනකොට සකී හුරතල් වෙන්න ආවෙ නෑනෙ.අපි එළියට යනකොට එයා අපි එක්ක ආවෙත් නෑ.හැබැයි රණ්ඩුවක් දාගෙන අඬනකොට එයා හැම වෙලාවෙම අපිත් එක්ක හිටියා.යාළුවෙක් කියන්නේ ඒක තමයි.කවදාම හරි දවසක සකී ඒ කවුද කියලා අපිට කියයි.”

රන්මිණි ඒ කතාවට කෝපයෙන් කාමරයෙන් පිටතට යන්නට ගියා ය.තරමට ලොකු රහසක් රකින්නට සකීට ඇති මාන්නය කුමක්දැයි සිතද්දී ඇයට ඇති වන්නේ දරාගන්නට නොහැකි කෝපයකි.සහ තවදුරටත් එතැන රැඳෙන්නට රන්මිණිට අපහසු වූවා ය.

“ඕවා ගණන් ගන්න එපා සකී.ඒ ඔයාගේ පෞද්ගලික ජීවිතේ.ඒකෙන් අපිට කියන්නේ මොනතරමට දේවල්ද කියල තීරණය කරන්න ඕන ඔයා.”

නිම්නා අහිතක් නොමැතිව කීවා ය.සකීගේ දෑසට කදුළු පිරුණේ ඒ මොහොතේ ය.සැබෑවටම මේ ඇගේ එකම ප්‍රේමය සැබෑවීමක් ප.ව. මිතුරිය සමඟ බෙදා ගන්නට තරම් හිතක් සකීට උපදී.එහෙත් ඒ ප්‍රේමය සුරැකෙන්නේ ඒ ගැන කිසිවෙකු සමඟ බෙදා නොගන්නා තරමට බව ද ඇය දනී.

“අඬන්න එපා මෝඩයෝ.මොනතරම් හොඳ මනුස්සයෙක් එක්ක යාලු උනත් ආදරේ කරනකොට කොහොමත් අඬන්න වෙනව.සතුටට හරි කඳුලක් වැටෙන වෙලාවල් තියෙනවා.ඒ නිසා ඕව පරිස්සම් කරගන්න.”

නිම්නා එසේ කියද්දී ලෝකයේ ඇති අමාරුම කටයුත්ත බාබර් අසාම්ට හෝ මොහොමඩ් රිස්වාන්ට පන්දුවක් යැවීම නොව හඬන කෙල්ලක නැළවීම බව අහස් පැවසූ අන්දම සිහි වී සකීට මඳහසක් නැඟිණ.කඳුලක් දුටු වහා ඔහු කලබලයට පත් වන අන්දම බලා හිඳින්නට ආසා උපදවන දෙයක් බව ඇය ඊළඟ මොහොතේ සිතුවා ය.

“මතක් වුණත් හිනාවක් උපදින කෙනෙක් ජීවිතේ ඉන්නවා කියන්නෙම බ්ලෙස් එකක්.ඔයාට ඒක ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි.දවසක අපිට එයත් එක්ක කතා කරන්න බැරියැ.ඔයා සතුටින් ඉන්න එකයි වැදගත්ම.”

වඩාත් හොඳින් වටහා ගැනීම තරමට මිත්‍රත්වයකට අන් කිසිම දෙයක් වැදගත් නොවන වග  සකී සිතී ය.ප්‍රේමය තුළ පවා හොඳ මිත්‍රත්වයක් තිබිය යුතු වේ.වඩා ආදරයෙන් එකිනෙකා තේරුම් ගන්නට එය පහසු වන වග ඇයට වැටහේ.ඇය මිතුරිය දෙස ආදරය පිරි දෑසකින් බැලුවා ය.

“ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා.අපි එයාව දන් නෑ තමයි.ඒත් එයා දන්නවනේ අපි ගැන.සකී මෙහෙම පිස්සු යාලුවෝ දෙන්නෙක් එක්ක තමයි ඉන්නේ කියලා එයා දන්නවානෙ.ඒ නිසා එයාට කියන්න අපිට ගොඩක් බඩගිනි වෙනව කියල.පාටියක් කියලා දෙන්න ඕනිම දෙයක් අපි කනවා කියලා එයාට කියන්න.”

රාත්‍රී අඳුර බිඳිමින් මිතුරියන්ගෙන් සිනා හඬ ඇසෙද්දී  නැවත කාමරයට යන තරමේ ආවේගයක් රන්මිණිට ඇති විය.එහෙත් ඈ හුන් තැනම හුන්නා ය.සකීගේ රහස කෙසේ හෝ සොයා ගන්නා උවමනාවකින් දැවෙමින් ඇය එතැනම සිටියා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles