ගෙවත්තට සිරිය කැන්දන වැල් දොඩම්

Passion fruit යනු ලොකු කුඩා වෙනසක් නොමැතිව අප කවුරුත් කැමති පලතුරකි. වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස ලංකාවේ ආහාරයට ගනු ලබන්නේ කලාතුරකිනි. ඵල රැසක් හටගන්නා බැවින් නිවසේ ප්‍රයෝජනයට මෙන්ම අමතර ආදායමක් ලබාගන්නත් කදිමයි.

ලංකාවේ කහපාට හා දම්පාට වැල්දොඩම් සුලබ අතර  මෙම වර්ග දෙකම එකතුකර රෝස පාටින් යුක්ත නව වැල්දොඩම් වර්ගයක් නිෂ්පාදනය කර ඇති අතර එය ගුණාත්මක බවින් ඉහළය. වැල්දොඩම් සිටවීමට අවශ්‍ය පැළ ලබාගැනීම බීජ මගින් හා අතු කැබලි පැළ කර ගැනීම තුළින් සිදුවන අතර බද්ධ කිරීමද සිදු කරනු ලබයි. දළ වශයෙන් වසරකදී වැල් දොඩම් වැලකින් ගෙඩි 600 ක් පමණ කඩා ගැනීමට හැකිවේ.

වසර මුළුල්ලේම හොඳින් පැතිරුණු වාර්ෂාපතනයක් ඇති තෙත් කලාපීය ප්‍රදේශවල මෙය පහසුවෙන් වගා කල හැකිය. වියළි හා අතරමැදි කලාපවල වගාකරන විට වියළි කාලවලදී ජල නිසි ලෙස සැපයිය යුතුය. බීජ පැළ වීම සඳහා සති තුනක පමණ කාලයක් ගතවේ. වැල් දොඩම් දඬු කැබලි පැළ කිරීමේදී, පොලිතින් මලුවල සිටවීම තුළින් ද පැළ කරගත හැකියි. මනා ජලවහනයක් පවතී නම් සැහැල්ලු වැලි ලෝම මෙන්ම මැටි ලෝම පස්වලද මෙම බෝගය වගාකල හැකිය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 6.0 – 7.5 වේ. පැළ සිටවීමේදී සෙන්ටි මීටර් 20 – 25 පමණ පැළ උස ගිය පසු සිටුවීම සිදු කළ යුතුය. ඉඩකඩ අඩු ගෙවත්තක් නම් බඳුන් ගත කල හැකියි.

පැල සිටුවීමෙන් සතියක් පමණ යනතෙක් කොල අතු වැනි දෙයක් යොදා ගනිමින් පැලවලට සෙවන ලබා දීම අත්‍යාවශයි. ළපටි වැල් කම්බිය දක්වා වර්ධනය වීමට උපකාරවනු පිණිස දිගු කෝටු හෝ පාහින ලද පොල් අතු ආධාරක ලෙස යොදා ගත හැකය.

වැල්දොඩම් හෘදයාබාධ සඳහා ඉතා ගුණදායකයි. වැල්දොඩම් කොළ  මැල්ලුම කා අතරත් ඉතාමත් ප‍්‍රිය ජනක වනවා මෙන්ම පෝෂ්‍යදායී ගුණයෙන් අනුනව ඇති අතර රෝගාබාධ කිහිපයකටම ඉතා ගුණදායක වේ. වෙළෙඳ පොළේ වැල්දොඩම් ජෑම් සඳහා විශාල ඉල්ලුමක් ඇත. තවද සිසිල් බීම සඳහා ලොව පුරා මහත් රුචියක් පවතියි. අලංකාර මල් හටගන්නා passion fruit පැලයක් අනිවාර්යයෙන්ම ඔබේ ගෙවත්තටත් සිරිය කැන්දාවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles