නීරෝගිමත් නෙත් යුගලක් පවත්වා ගන්නට ඔබට උදව් වන ආහාර

අපට එදිනෙදා දිවිය සාර්ථකව පවත්වා ගැනීමට නම් නීරෝගිමත් නෙත් යුගලක් අත්‍යවශ්‍ය වෙනවා. එය සෞඛ්‍ය සම්පන්න දිවියකට ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ දෙනෙක්‌ ඇස්‌ පිළිබඳව සැළකිලිමත් වනුයේ පෙනීමේ යම් ගැටලුවක්‌ ඇති වූ විට පමණයි. නමුත් එසේ නොවී නීරෝගිමත් නෙත් යුගලක් පවත්වා ගන්නට ඔබට මෙන්න මේ ආහාර උදව් වෙවි.

කොළ පැහැති පලා වර්ගයක්‌ වන නිවිති ඇස් ආරක්ෂාකර ගැනීමට මහත් සේ උපකාරී වේ. මෙහි බීටා කැරොටින්, ලූටීන්, විටමින් ඊ සහ විටමින් සී අන්තර්ගත වන අතර එම සංයෝගය මගින් පෙනීම වර්ධනය කරනවා.

අක්‌ෂි සෞඛ්‍ය වර්ධනයට සැමන් සහ සාඩින් ද ආහාරයට ගන්න පුළුවන්. සතියකට දෙවතාවක්‌වත් මෙවැනි මාළු වර්ග ආහාරයට එකතු කරගන්න පුරුදු වන්න.

දෑස්‌වල නිසි වර්ධනයට බිත්තර තුළ අන්තර්ගත විටමින් ඒ, විටමින් බී, මේද අම්ල සහ සින්ක්‌ ආදිය උපකාරී වෙනවා. උදෑසන ආහාර වේලට බිත්තර එකතු කර ගැනීමෙන් නිරෝගිමත් දැස්‌ යුගළක්‌ හිමිකර ගන්න ඔබටත් හැකියි.

ඔබට පෙනීම වර්ධනය කර ගැනීමට කැරට්‌ බෙහෙවින්ම ගුණදායි එළවළු වර්ගයක්‌. කැරට්‌වල අඩංගු ප්‍රතිඔක්‌සිකාරක වන බීටා කැරොටින් ආදිය මගින් පෙනීම බොඳ වීම, ඇසේ සුද මතුවීම වැනි රෝග වළක්‌වනවා. එසේම එහි ඇති විටමින් ඒ මගින් රාත්‍රී කාලයේදී ඇස්‌වල පෙනීම වර්ධනය කරනවා.

පෙනීම හා සම්බන්ධ ගැටලු රාශියකට ස්‌ට්‍රොබෙරි ඉතාමත් ගුණදායි වේ. ප්‍රතිඔක්‌සිකාරයන්ගෙන් පොහොසත්  මෙහි  ප්‍රධාන වශයෙන් ඇති විටමින් සී අන්තර්ගත වන නිසා පෙනීමේ තත්ත්වය වර්ධනය කරනවා.

මේ හැරෙන්නට දිනපතාම සමබල ආහාර වේලාක් ලබාගැනීම, නැවුම් එළවළු පලතුරු මාළු ආදිය ආහාර වේලට එක්කර ගැනීම මෙන්ම නිසි ජල පරිභෝජනයද මගින් ඔබේ දෙනෙත් යුග නිරෝගීව හා දීප්තිමත්ව පවත්වාගැනීමට හැකියාව ලැබේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles