වසර විසි දෙකක් පුරා මඟ බැලූ ප්‍රේමය – Veer Zaara

ප්‍රේමය පරිත්‍යාගයක්!

බොහෝ රෝමාන්තික චිත්‍රපට මේ සංවේදී කාරණාව ගුරු කොටගෙන තව නිර්මාණය කරන බව සත්‍යයක්.නමුත් ඒ එකම චිත්‍රපටයකවත් Veer Zaara තරමට පරිත්‍යාගයක් නැති බව සමහර බොලිවුඩ් රසිකයන් පවසනවා.

නාඳුනන රටක දැන සිටි එකම කෙනා වූ තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් ඇගේ ආදරය සහ ගෞරවය වෙනුවෙන් තමන්ගේ ජීවිතය සිරමැදිරියක ගත කරන්නට තීරණය කළ ආදරණීය ප්‍රේමවන්තයා වීර් ඔබට මුණ ගැසී අදට හරියටම වසර දහ අටක්.

වීර් ප්‍රතාප් සිං ඉන්දියානුවෙකු වෙද්දී සාරා ඛාන් පාකිස්තාන තරුණියක් වුණා.වීර් ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙක්.සාරා දේශපාලනඥයෙකුගේ දියණියක්.ඔවුන් මුණ ගැසී ආදරේ කලත් හයිවේ ඔවුන්ට හරස් වෙනවා.සාරා වෙනුවෙන් සිරගෙදරට යන්නට වීර්ට සිදු වන්නේ ඇගේ ගෞරවය ආරක්ෂා කිරීම පිණිසයි.වසර විසි දෙකක් හිර ගෙදර සිරගෙදර ජීවිතය ගත කරන්නට වීර්ට සිදු වෙනවා.නීතිඥවරියක වන සාමියා වසර 22කට විසි දෙකකට පෙර සිදුවූ ආදර කතාව දැනගෙන මේ ආදරයට සාධාරණයක් ඉෂ්ට කරන්නට ක්‍රියාත්මක වෙනවා.

ඔයා වෙනුවෙන් ජීවිතය පූජා කරන්න මේ දේශයෙන් එහා කෙනෙක් බලාගෙන ඉන්නවා.”

ආදරේ ප්‍රකාශ කරන්නට නො ලැබුණු කාලයේ අප්‍රකාශිත ආදරය එසේ ප්‍රකාශ කළ වීර් අංක 768 සිරකරු වී සිර කුටියේ කවුළුව අතරින් එළිය දකින්නේ ප්‍රේමය වෙනුවෙන්.වසර ගණනාවක් ගෙවී ගොස් ඒ ප්‍රේමය යළි එකතු වන්නේ ද  ප්‍රේමය නිසාමයි.

මේ චිත්‍රපටිය යෂ් චොප්‍රාගේ සුවිශේෂී සිනමා නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා.වසර 7කට පසු සිනමාවට පැමිණ වෙනස් නිර්මාණයක් කරන්නට වුවමනා වූ යෂ් චොප්‍රාට එහි පිටපත ගැන බොහෝ බලාපොරොත්තු තිබූ බව කියවෙනවා.ෂාරුක් ඛාන්,ප්‍රීති සින්ටා සහ රාණි මුඛර්ජි සුංසයෝගය වසර දහ අටක් ගෙවී ගියත් මේ සිනමා සිත්තමට තවම ප්‍රේක්ෂක ආදරය හිමිකර දෙන ප්‍රධාන හේතුව වන්නට ඇති.හින්දි ගීත අතර කිසිම දිනක රසිකයින් අමතක නොකරන ගී පෙළකට වීර් සාරා හිමිකම් කියනවා.මදන් මෝහන් ඒවා නිර්මාණය කරන්නට පැරණි සංගීතය භාවිතා කළ බව ද ප්‍රසිද්ධ කතාවක්.අමිතාබ් භච්චන්,හේමා මාලිනි,දිව්‍යා දත්තා,මනෝජ් බජ්පායි ඇතුළු තවත් බොහෝ පිරිසක් සෙසු චරිත නිරූපණය කළා.සාරාගේ චරිතයට මුලින් කාර්ය යෝජනා වුණත් ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා ප්‍රීති සින්ටා ඒ චරිතය නිරූපණය කර තිබුණා.පන්ජාබයේ සහ සහ මුම්බායිහි මෙහි රූගත කිරීම් සිදු වුණා.

2004 නොවැම්බර් දොළොස් වැනිදා දීවාලි සේවයේදී මෙය ප්‍රදර්ශනය ආරම්භ කළා.මෙය ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක්.මේ වසරේ ඉන්දියාවේ මෙන්ම විදේශ රටවලද වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටය වීර් සාරා බව පැවසෙනවා.ඉන්දියානු පකිස්ථාන සම්බන්ධතා ගැන  සංවේදීව නිරූපණය කිරීම නිසාම දැඩි විචාරක පැසසුමට ලක් වී තිබෙනවා.චිත්‍රපටය සහ හොඳම කතාවට වීර් සාරා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගත්තා.අයිෆා සම්මාන උළෙලේදී ද හොඳම නළුවා,හොඳම චිත්‍රපටය,හොඳම සහය නිළිය හොඳම අධ්‍යක්ෂණය,සංගීත අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතක් දිනා ගන්නට මෙය සමත් වෙනවා 

මම දෛවය විශ්වාස කරනවා.ඔයා කරදරයේ වැටෙන ඕනෑම වෙලාවක මම ඉන්නවා.”

ප්‍රේමය එබන්දක් විය යුතුයි.ප්‍රේමවන්තියකගේ ගරුත්වය පාවා නොදී තමන්ගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කළ ප්‍රේමවන්තයාගේ ආදරයටත් වීර් සාරා චිත්‍රපටියටත් සුබ සංවත්සරයක් වේවා!

Related Articles

Don't Miss


Latest Articles