මාරාන්තික රෝගයක් නිසා දිය කිඳුරියක් සේ උපන් දැරියගේ සත්‍ය කතාව

දිය කිඳුරියන් හා සුරංගනාවියන් දැරියන් වූ කතාන්දර අපි ඕනෑතරම් කියවා තිබෙනවා.නමුත් ජීවිතය සුරංගනා කතාවක් නෙවෙයි. එවැන්නක් යථා ලෝකයට මෙපිටින් පවතින්නක්.

දරුවකු සඳහා කිහිප වතාවක්ම උත්සාහ කිරීමෙන් පසු එක්තරා මවක් පිළිසිඳ ගත් නමුත් ප්‍රසව ස්කෑන් පරීක්ෂණයකදී වෛද්‍යවරුන් ඇයට යමක් පැවසූ විට ඇය තැති ගත්තා ඔවුන් ඇයගේ නූපන් ගැහැණු දරුවාට දුර්ලභ තත්වයක් ඇති බව හඳුනා ගත් අතර, ඇයට “දියකිදුරු හැඩැති කකුල්” ඇති බවත් අවසානයේ මිය යන බවත් ප්‍රකාශ කළා.

මවක් වීම බොහෝ කාන්තාවන්ගේ ලොකුම සිහිනයක් වන අතර Noelle Spivey ද ඊට වෙනස් වූයේ නෑ. කෙසේ වෙතත්, ඇයගේ ගර්භණී පරීක්ෂණ ප්‍රතිඵල  අවසානයේ ඇය සිහින මැවූ දේවල් කිරීමට කාලය පැමිණ තිබෙන බව ඇය සිතුවා. ඒ ඇය සති 12ක ස්කෑන් පරීක්ෂණයකට ගොස් බිහිසුණු සත්‍යයක් දැන ගන්නා තුරු පමණයි. වෛද්‍යවරයා රෝහල් කාමරයට ඇතුළු වී මෙසේ පැවසූ විට ඇගේ සතුට භීතියට හැරවුණා.

“ඔබේ දරුවාට මාරාන්තික තත්වයක් තියනවා.”

මාස කිහිපයකට පසු තම දරුවා තම දෑතින් අල්ලා ගැනීමට සිහින මැවූ  මව, වෛද්‍යවරයාගේ වචන ඇසීමෙන් අනතුරුව කඳුළු සැලුවා. දිගු කලක් අරගල කිරීමෙන් පසු ඇය ගැබ් ගත් අතර, තම දරුවා අහිමි වීමේ සිතුවිල්ල ඇගේ හදවත කෑලි මිලියනයකට කැඩී යාමට සමත් වුණා.

ඇත්ත්ටම ඇගේ දරුවාට දුර්ලභ තත්වයක් තිබුණා. වෛද්‍යවරු Spivey ට පැවසුවේ ඇගේ දරුවා sirenomelia සමඟ උපදින බවයි  දරුවාගේ කකුල් දණහිසේ සිට ඇඹරී එකට එකට එකට බැඳී ඇති අතර එය සුරංගනාවියකගේ කකුල් මෙන් පෙනෙනවා.

ඒත් ජීවිතය සුරංගනා කතාවක් නම් නෙවෙයි!

තම දරුවාගේ දුර්ලභ තත්වය ගැන දැනගත් විට ඇය බියට පත් වූවා. ඒ නිසා ඇයට තම දරුවා දෙස බැලීමට නොහැකි වනු ඇතැයි ඇය සිතුවා.තම බිළිඳාගේ දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව අවම බව දැන සිටියද, ස්පීවි ඇගේ ගැබ් ගැනීම අවසන් කලේ නෑ. දරුවාගේ උපත දක්වා සති කිහිපය පුරාවටම, ඇයගේ ගර්භණීභාවය නිරීක්ෂණය කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් පරීක්ෂණ කිහිපයක් සිදු කරා.මේ අතර, ස්පිවි සයිරනොමෙලියා රෝගයෙන් පෙළෙන ළදරුවන් ගැන අලුත් දේවල් ඉගෙන ගත්තා. මෙම තත්ත්වය ඇති දරුවන්ට සමහර විට වකුගඩු හෝ බඩවැල් නොමැති බව ඇය සොයා ගත්තා. මේ තත්ත්වය ඇති සමහර ළදරුවන් උපදින්නේ ලිංගේන්ද්‍රිය නැතිව බව දැනගත් පසු ඇයට කනස්සල්ලක් ඇති වුණා.

අවසානයේදී දරුවා සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටුවා. ඇත්තටම ස්පීවි දරුවා දැක බියට පත් වූයේ නෑ.

කුඩා බ්ලෙයාර් උපතින් දිනකට පසු ඇගේ බඩවැල් සවි කිරීමට ශල්‍යකර්මයකට භාජනය කළා. කෙසේ වෙතත්, වෛද්‍යවරු තවමත් විශ්වාස කළේ ඇගේ තත්වය ඇයට ඇවිදීමට ඉඩ නොදෙන බවයි. නිර්භීත දැරිය සියලු දුෂ්කරතා පරාජය කරනු ඇතැයි ඔවුන් නොදැන සිටියා

ඇය තවත් ශල්‍යකර්මයකභාජනය වූයේ මාස 18 දීයි , බ්ලෙයාර් පැය හතක ශල්‍යකර්මයකට භාජනය අතර මෙවර එය ඇගේ පාදවල සිදු කළා . වෛද්‍යවරු ඇයගේ දෙපා දණහිසෙන් කපා ඉවත් කළ අතර පසුව ඇයගේ දණහිසට කෘත්‍රීම පාදයක් සවි කලා. ස්පීවි මෙසේ පවසනවා

“මම ඇයට කියන්නේ ඇය සුරංගනාවියක් ලෙස ඉපදුණු බවයි”

ඔව් ඈ සුරංගනාවියක්. සැත්කම් ගණනාවකට පසුවත් ඇය ජීවිතය අල්ලා සිටින සුරංගනාවියක්. ඉතින් අපිට ප්‍රාතිහාර්යයන් විශ්වාස කරන්නම බැරිද?

Related Articles

Don't Miss


Latest Articles