හමුදා පාලනයට එරෙහිව දියත් වුණු කාන්තාවන්ගේ සරම් විප්ලවය

රටක පවතින පාලන ක්‍රමය ජන ජීවිතය අඩාල කරන්නට සමත් වෙනවා නම් උහුලාගත නොහැකි ජීවන බර ජනතාවට ලබා දෙනවා නම් ඕනෑම රටක ජනතාව වීදි බසින්නට පැකිලෙන්නේ නැහැ.රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම සහ නිදහසේ ජීවත් වීමට ඇති ඉඩකඩ ඇහිරී යාම මේ වගේ කාරණාවලට දැඩි හේතු වන බව නොකියාම බැහැ.එහෙත් අරගලයක් සිදුවිය යුත්තේ රටේ පාලනාධිකාරියට බලපෑම් එල්ල කිරීමට මිස සහෝදර ජනතාවට පීඩාවන් ඇති කරන්නට නොවේ.ඒ නිසා සෑම විටම අරගල නිර්මාණශීලී සහ මානුෂික වීම ඉල්ලීම් යහපත්ව දිනාගන්නට ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමු වන්න හේතුවක් වෙනවා.

අරගලයක් ආදරණීය සහ මානුෂීය වන්නේ කෙසේද යන්න ගැන අපේ රටේ අවධානය වැඩියෙන් යොමු වී ඇති මේ කාලයේ කාන්තාවන් ලෙස ඒ සඳහා නිර්මාණශීලී වෑයමකින් අඩිය තබන්නට අපටත් පුළුවන්.ඒ වෙනුවෙන් ලෝකයෙන් ඕනෑතරම් උදාහරණ සොයා ගත හැකියි

The Sarong Revolution

මියන්මාරය සිදුකළ “සරම් විප්ලවය” මෑත කාලයේ සිදුවූ එවැනි නිර්මාණශීලී සහ සුන්දර අරගලයක්.මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය ලෙස හැඳින්වෙන අවුන් සාන් සුකී හෙවත් ” සුකී අම්මා”හමුදාව මගින් අත්අඩංගුවට ගෙන එරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් කර හමුදාව මගින් බලය අල්ලා ගත් පසු කාන්තාවන් ක්‍රමයක් ආරම්භ කරා.ඔවුන්ගේ සටන් සංකේතය වූයේ ඔවුන් අඳින ලුංගියයි.ඒ නිසා මේ විප්ලවය සරම් විප්ලවය ලෙස දරා තිබෙනවා.

විප්ලවයට හේතු කරගත්තේ මියන්මාරය පුරා පවතින මිථ්‍යා මතයක්.කාන්තාවක් අඳින Htamein හෙවත් සරමක් යටින් පුරුෂයකු ගමන් කළොත් ඔහුගේ බලය අවසන් වන බව මියන්මාර සමාජයේ පවතින සාම්ප්‍රදායික විශ්වාසයක්.ඒ නිසා කාන්තාවන් තමන් හඳින සරම් රෙදි වැල් බැඳ දර්ශනය කරමින් විරෝධතා පැවැත්වූවා.ආරක්ෂක හමුදාව පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට පැමිණෙන මාර්ගවල කාන්තාවන් මේ රෙදි වැල් බැඳ තබනවා.තමන්ගේ රාජකාරිය ට වඩා සම්ප්‍රදාය බියට පත්වන සමහර හමුදා භටයන් නිසා මේ විප්ලවය අතිශය සාර්ථක වූ බව පැවසෙනවා.සමහර හමුදා සහ පොලිස් නිළධාරීන් පිරිස අත්අඩංගුවට ගන්නට යාමට පෙර මේ රෙදි වැල් කපා ඉවත් කරන ආකාරය එකල සමාජජාලාවල ප්‍රසිද්ධ ඡායාරූප බවට පත්වුණා.

The Sarong Revolution
Traditional clothes hang on a rope as protesters holding shields stand in line in the background during a protest against the military coup in Yangon

මිථ්‍යා විශ්වාස දියුණු සමාජයක පිළිගත නො හැකි මට්ටමේ තිබුණත් විශ්වාස කරන අයට ඒවායින් පහරදීමත් නිර්මාණශීලී වෑයමක්.කාන්තාවන් ආශා උපදවන අය නිසා ඔවුන්ට පුරුෂයන් ව විනාශ කිරීමට හැකියාවක් ඇති බව මියන්මාරය ඇදහීම සරම් විප්ලවය දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු වුණා.2021 මාර්තු අටවැනිදා කාන්තා දිනයේදී කාන්තාවන් තමන්ගේ ලුංගි හෙවත් සරම් ලී කණුවල ගැටගසා හමුදා පාලනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරා.

“වත්මන් පාලනයෙන් ලැබෙනවාට වඩා ආරක්ෂාවක් මට මගේ සරමෙන් ලැබෙනවා”

එක් එක් මියන්මාර සමාජ ක්‍රියාකාරිනියක ඇගේ සමාජ ජාලා ගිණුමක එවැනි සටහනක්ද තබා තිබුණා.මේ තත්ත්ව තවත් උග්‍ර වෙමින් මියන්මාර බලය පැහැර ගත් හමුදා නායකයා ගේ ඡායාරූප සනීපාරක්ශක තුවා වල අලවා මහා මාර්ග වල විසිකර දැමුවේ හමුදා සොල්දාදුවන් ඔවුන්ගේ නායකයාගේ මුහුණ මතින් අඩිය තැබීම වැළැක්වීමටයි.නිර්භීත කාන්තාවන් සමඟ එක්වූ පිරිමින් ද මේ සරම් හිස වටා දවටා ගනිමින් කාන්තා විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරන්නට පටන් ගත්තා.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තා වලට අනුව මියන්මාර විරෝධතා ව්‍යාපාර වලදී වැඩිපුරම මියගොස් ඇත්තේද කාන්තාවන්.

තමන්ගේ ඇඳුම උපයෝගී කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වූ පාලකයන් සමඟ සටන් වැදුණු වීරෝදාර කාන්තාවන් ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවී අවසන්.

The Sarong Revolution

ප්‍රචණ්ඩත්වය වෙනුවට නිර්මාණශීලී බව සහ උපායශීලී වීම ලෝකයේ අවධානය තමන් සතු කර ගත හැකි ප්‍රබලම සාධකයක්.”අපේ සරම අපේ ජයග්‍රහණය අපේ ධජය”බව පවසමින් වීදි බැස ගත් මියන්මාර් කාන්තාවන් එවැනි නිර්මාණශීලී බවකින් ලෝකයේ අවධානය තමන් වෙත නතු කර ගත් කර ගත් පිරිසක්.

අපේ රට මේ මොහොතේ ගමන් කරමින් සිටින මාවතේ විවිධ නිර්මාණශීලී වෑයම් දකින්නට ලැබෙනවා.අප පීඩා විඳින ප්‍රශ්න ගැන නිර්මාණශීලීව කතා කර හැක්කේ නම් කාන්තා අපට ද මේ වෙනුවෙන් වැඩි වැඩ කොටසක් කළ හැකි බව කිව යුතුමයි.නිවැරදි මතය සහ සාධාරණත්වය වෙනුවෙන් කාන්තා හඬ ලෝකය පුරා පැතිරේවා යන්න SmartLady අපේ ප්‍රාර්ථනාවයි!

ලේ වැගිරීම් වලින් තොරව සාධාරණත්වය වෙනුවෙන් හඬ නගන්නට ලෝකයේ හැම කාන්තාවකටම හැකි වේවා!!

Related Articles

Don't Miss


Latest Articles