කුඩා ක්‍රියාවකට කළ හැකි සුවිශේෂී වෙනස

එක් උදෑසනක මහලු මිනිසෙක් වෙරළ දිගේ ඇවිදිමින් සිටින විට, කුඩා පිරිමි ළමයෙකු වැලිවලින් යමක් කඩා මුහුදට දමනු දුටුවා. 

ඔහු තවත් ඊට ළං ව දරුවා කරන්නේ කුමක්දැයි විපරම් කරා. දරුවා රැල්ලට ගසාගෙන ගොස් වැල්ලේ අතරමං වූ ස්‍ටාෆිෂ්ලා නැවත රළ මතට විසි කරන බව ඒ මහලු මිනිසාට වැටහුණා. 

දරුවා ළඟට ගිය මහලු මිනිසා ඔහු කරන්නේ කුමක්දැයි ඇසුවා. 

“ඉර පායා එනවිටත් මේ ස්ටාෆිෂ්ලා වැල්ලේ හිටියොත් එයාලා මැරෙනවා” ඔහු පිළිතුරු දුන්නා. 

මේ පිළිතුරෙන් ව්‍යාකූල වූ මහලු මිනිසා පැවසුවේ, “එහෙත් එය කිසිම තේරුමක් නැති දෙයක්! සැතපුම් ගණනාවක් දිග, මැනිය නොහැකි තරම් වෙරළ තීරයක් සහ ස්ටාෆිෂ්ලා දහස් ගණනක් ඉන්නවා. ඉතින් ඔයා මාලු කොච්චර ගොඩක් නැවත වතුරට දැම්මත් කිසි වැඩක් වෙන්නෙ නෑ, ඔයාට ඒ දේවල් ඔක්කොම වෙනස් කරන්න බෑ. ඔයා කරන දේ හරි ම කුඩා දෙයක්. එය වැදගත් නෑ ”

මේ කතාව අසා සිටි කම්මැලි නැති දරුවා බිමට නැමිලා තවත් ස්ටාෆිෂ් කෙනෙක් උස්සලා මුහුදට දැම්මා.

“ඒ වුණාට මෙයාට ඒක වැදගත්. මේ බේරෙන්නේ එයාගෙ ජීවිතේ” දරුවා පැවසුවා. 

සාර්ථකත්වයේ වාසි අවාසි හෝ අභියෝගයේ පරිමාණය කුමක් වුවත්, ඔබේ ඕනෑ ම කුඩා ක්‍රියාවකට වෙනසක් කළ හැකියි. ඔබ කරනා ඕනෑ ම කුඩා ක්‍රියාවක් ඔබේ ජීවිතයේ වෙනසක් සිදු කළ හැකියි. අඳුරට ශාප කරනවාට වඩා ඉටිපන්දමක් හෝ දැල්වීම හොඳ නොවේ ද?

හැම පුංචි ක්‍රියාවක් ම වැදගත්. ඔබේ ජීවිතයේ ඔබ ඉදිරියට යන විට ඔබ පතනා සාර්ථකත්වය ලබා ගැනීමට කළ යුතු වැඩ කන්ද ඉතා විශාල වන්නට පුලුවන්. ඔබට කළ නොහැකි තරම් දේ බොහෝ වෙන්නට පුලුවන්. නමුත් ඔබ එයින් එක් කුඩා පියවරක් ඉදිරියට තැබුවත් එයට පවා ඔබේ ජීවිතයට සුවිශේෂී වෙනසක් කළ හැකියි. නොපැකිලව , නොසැලී ඒ පියවර තබන්න. එය කෙතරම් කුඩා එකක් වුවත් ඒ පියවර නොබියව තබන්න. ඔබේ ජීවිතයට සුවිශේෂී වෙනසක් ලැබෙනවා නියතයි.

Related Articles

Don't Miss


Latest Articles