රුහුණු කතරගම පෙරහැර සමඟ හැම කෙනෙකුටම සිහිපත් වෙන දෙයක් , පාද යාත්‍රාව. අපි මේ ලිපියෙන් ඒ සම්බන්ධ කරුණු කියන්නට හිතුවේ රටේ විවිධ සංස්කෘතික අංග සහ විවිධ ඇදහිලි ක්‍රම පවතින නිසා. මේ දේවල් පිළිගැනීම හෝ නොපිළිගැනීමේ සීමා ඉර ඔබ සතුව පවතිනවා.
පාද යාත්‍රාව පැමිණෙන්නේ කොහේ ඉඳලද?
යාපනය, නාගදීප, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකළපුව ආදී ප්‍රදේශවල සිට බැතිමතුන් පානම ඔකඳ දේවාලයේ දී මුරුගන් හෙවත් කතරගම දේවියන්ට පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගෙනයි මහ වනයට ඇතුළු වෙනවා. අනිත් පිරිස මඩකලපුව, කොමාරි, අම්පාර, පොතුවිල් සහ අරුගම්බේ යන මාර්ග ඔස්සේ පානමට පැමිණෙනවා.මෙයට සොබාදහමට ලැදි අය, චාරිකා කරන්නන් සහ විදේශිකයන් ද එක්වීම දැන් දකින්නට ලැබෙනවා.
පානම ගම්මානය පසු කර කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම බලා ගමන් කරන්නට පිරිස කටයුතු කරනවා.ගමනේ වැඩි කොටසක් ගමන් කරන්නේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් යාල වනෝද්‍යානය අතරින්.
පාද යාත්‍රාවේ ස්වභාවය
මේ පාද යාත්‍රාව මහ පෙරහැරට දින දහයකට පමණ පෙර ආරම්භ කරනවා. මේ ගමන අතර ඔවුන් කඳවුරු බඳිමින් උයා පිහා ගන්නවා. මේ ආහාර සම්පූර්ණයෙන් ම නිර්මාංශයි. පාද යත්‍රාවේ සම්පූර්ණ දුර කිලෝමීටර 110ක් පමණ වෙනවා.
ගංගා තරණය
කුඹක්කන් ඔය සහ මැණික් ගඟද වගුරු බිම්වල ද ඔවුන් ගමන් කරන්නේ බඩුමුට්ටු කර තබාගෙන කරවටක් දියේ ගිලී.
ඒ සම්බන්ධ මත
ඔකඳ සිට කුමන, මඩමෙතොට, පිළින්නාව, කටුපිල, වරහන, කටගමුව, කොච්චිපතාන හරහා කතරගම පිහිටි වැඩහිටි කන්දට කතරගම දෙවියන් ගමන් කළ මාර්ගයක් ඇති බවයි පැවසෙන්නේ.
කතරගම දෙවියන් හින්දු මිනිසුන්ට දුන් දඬුවමක් ඔවුන් පවත්වාගෙන යන බවත් පැවසෙනවා.
මේ ගමන යන්නට පෙර මස් මාංශයෙන් වැළකී කිලිවලට හසු නොවී ඉන්නටත් වන්දනාකරුවන් වග බලා ගන්නවා.
නවාතැන් ගැනීම් සඳහා කඳවුරු බඳින්නේ අනාදිමත් කාලයක පටන් කඳවුරු බැන්ද ස්ථාන වල. එහි කිසිම වෙනසක් කරන්නේ නෑ. බාගුරා කළපුව, කුඹුක්කන් ඔය, යාල අංක දෙක කලාපය, කටුපිලආර, පිළින්නාව, වරහන, පොත්වල, උඩපොත්වල, කතරගම මැණික් ගඟ, යාල අංක 3 කලාපය, කටගමුව සහ කොච්චිපතාන ඒ ස්ථාන වෙනවා.
මේ පිරිස අවසානයේදී දේවාලභූමියේදි කාවඩි නැටීමත් සිරිතක්.
ඈත අතීතයේ මේ ගමන ඉතා දුෂ්කර බවත් සමහරුන් මරණයට පවා ලක් වූ බවත් සඳහන්. නමුත් වර්තමානයේ නම් පැරණි චාරිත්‍ර ඒ තරම් ඉටු කිරීම් සිදු වන්නේ නෑ.
කතරගම දෙවියන් බැතියෙන් අදහන එක්තරා ජන කොට්ඨාසයක් විසින් මේ චාරිත්‍ර ඉදිරියට ගෙන යන බව සහතිකයි. ඉන් කිසිවෙකුටත් හානියක් නැහැ. ඔවුන්ගේ මතවාද දෙස ගෞරවයෙන් බැලීමෙන් අපට වන හානියක් ද නැහැ