ශරීරයේ බර අඩු කර ගන්න උත්සහ කරන අයට කුකුල් මස් ( Chicken ) කන්න පුළුවන් කියලා ඔබ දන්නවා. Chicken කියන්නේ ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්.එමගින් ඔබට කොලෙස්රෝල් අවදානමක් ඇති නොකරන අතර දිගු වේලාවක් පුරාවට ඔබට පූර්ණ හැඟීමක් ඇති කරවනවා. අද අපි ඔබට කියන්නේ කෙට්ටු වෙන්න ඕන ඔබට අඩු මේද අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔබට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් චිකන් රෙසිපි කීපයක් ගැනයි.
Dahi chicken
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
කටු ඉවත් කර ගත් කුකුල් මස් 500 g
යෝගට් කෝප්ප 2 1/2
සූදුරු තේ හැදි 1
සුදුළූනු පේස්ට් තේ හැදි 1
ගරම් මසාලා තේ හැඳි 1/4
කහ තේ හැදි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1/2
අමුමිරිස් කරල් 3
තෙල් ස්වල්පයක්
බී ළූණු ගෙඩි 2
තක්කාලි ගෙඩි 1
ලුණු ස්වල්පයක්
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
හදන්නේ මෙහෙමයි
මුලින්ම යෝගට් , සූදුරු , සුදුලූනු පේස්ට් , ගරම් මසාලා , කහ , මිරිස් කුඩු යන සියල්ල හොඳින් මිශ්‍රකර ගන්න
ඉන්පසුව එම මිශ්‍රණයට කටු ඉවත් කර කපාගත් කුකුල් මස් එකතු කර මිශ්‍ර කර විනාඩි 30 ක් පමණ වසා තබන්න
භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතුකර රත් වෙනතුරු තබා එයට කපා ගත් බී ළූණු එකතු කරන්න
බී ළූණු රන්වන් පැහැයට හැරුණු පසු එයට අමුමිරිස් සහ තක්කාලි එකතු කර ගන්න
විනාඩියක් පමණ තක්කාලි පිසුනු පසු සූදානම් කරගත් කුකුල් මස් එකතු කර රස අනුව ලුණු ද එකතු කර හොඳින් පිස ගන්න
අවසානයට කොත්තමල්ලි කොළ එකතු කරන්න
Classic chicken curry
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
කටු ඉවත් කර ගත් කුකුල් මස් 400g
ගරම් මසාලා තේ හැඳි 2
මිරිස් කුඩු තේ හැඳි 2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
බී ළූණු ගෙඩි 1
තලාගත් ඉඟුරු ස්වල්පයක්
තලාගත් සුදුලූනු
සූදුරු කුඩු තේ හැඳි 1
කුරුඳු කුඩු තේ හැඳි 1
කරාබු නැටි කිහිපයක්
රස අනුව ලුණු
තෙල් ස්වල්පයක්
බ්ලෙන්ඩ් කර ගත් තක්කාලි ගෙඩි 2
කපාගත් තක්කාලි ගෙඩි 1
කොටු කපාගත් අල ගෙඩි 2
මී කිරි කෝප්ප 1
වතුර කෝප්ප 2
හදන්නෙ මෙහෙමයි
මුලින්ම භාජනයක් ලිප තබා තෙල් එකතු කර එය රත් වෙන්නට හැර එයට ඉඟුරු සුදුලූනු සුදුලූනු සහ බී ළූණු එකතු කරන්න
ඉන්පසුව එයට සියලුම වියලි කුළුබඩු සහ කපා ගත් තක්කාලි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
එම මිශ්‍රණයට කුකුල් මස් එකතු කර වරින් වර කලවම් කරමින් විනාඩි 10 ක් පමණ පිසගන්න
තවත් භාජනයක් ගෙන එයට බ්ලෙන්ඩ් කරගත් තක්කාලි සහ මී කිරි එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න
එම මිශ්‍රණය කුකුල් මස් වලට එකතු කර එයටම වතුර කෝප්ප 2 සහ කපා ගත් අල එකතු කර අඩු ගින්දරේ විනාඩි දහයක් හෝ පහලවක් හොඳින් පිස ගන්න
Healthy chicken curry
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
කටු ඉවත් කර ගත් කුකුල් මස් 400g
සිහින්ව කපාගත් බීළූණු ගෙඩි 1
ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 5
වියළි මිරිස් කරල් 3
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
සූදුරු තේ හැඳි 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ගෝවා මල් කෝප්ප 1
බ්ලෙන්ඩ් කර ගත් තක්කාලි ගෙඩි 3
නිවිති 200g
රස අනුව ලුණු
තෙල් ස්වල්පයක්
හදන්නේ මෙහෙමයි
ඉඟුරු , සුදුලූනු සහ වියලි මිරිස් වතුර ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න
භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර කපා ගත් බීළූණ සහ ඉහත මිශ්‍රණය එකතු කරන්න
එම මිශ්‍රණයට රස අනුව ලුණු , කොත්තමල්ලි කුඩු , සූදුරු සහ තුනපහ කුඩු එකතු කර මිශ්‍ර කරන්න
දැන් එයට කුකුල් මස් සහ කපාගත් ගෝවා මල් එකතුකර ගම්මිරිස් කුඩු එකතු කර මිශ්‍ර කරන්න
ඉන්පසුව බ්ලෙන්ඩ් ගත් තක්කාලි සහ වතුර කෝප්ප භාගයක් එකතු කර මිශ්‍ර කර විනාඩි 10 ක් පමණ හොඳින් පිසගන්න
අවසානයට නිවිති එකතු කර ගන්න