ආදායමට වඩා වියදම වැඩි කාලේ කීයක් හරි ඉතුරු කරන ක්‍රම

අප කොතරම් විශාල මුදල් කන්දරාවක් ලබාගත්තත්, හදිසි අවශ්‍යතාවක දී හෝ අවශ්‍ය වන මොහොතකදී අතේ මුදල් නැති වීම බොහෝ විට සිදු විය හැකියි. මීට ඇති සරල ම සහ ප්‍රායෝගික ම විසඳුම වන්නේ ඉතිරි කිරීමයි. බොහෝවිට මුදල් ඉතිරි කිරීමේ දී දුෂ්කරම දෙය වන්නේ ආරම්භ කිරීමයි.  මුදල් ඉතිරි කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම ලිපියෙන් පියවරෙන් පියවර ඔබට කියා දෙන්නට අප සූදානම්. ඔබට ඔබගේ කෙටි කාලීන මෙන් ම දිගු කාලීන ඉතුරුම් ඉලක්ක සඳහා සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගත හැකි වනු නොඅනුමානයි. 

  1. වියදම් සටහන් කරන්න 

මුදල් ඉතිරි කිරීම ආරම්භ කිරීමේ පළමු පියවර වන්නේ ඔබ කොපමණ මුදලක් වියදම් කරනවාද යන්න සොයා බැලීමයි. ඔබගේ සියලු වියදම් පිළිබඳව සටහන් තබා ගන්න. එනම් සෑම පිටතින් ගන්නා ආහාරයක් ම, ගෘහ භාණ්ඩ හෝ පොත් වැනි සියලු ම ඒවායෙහි සටහන් තබාගන්න. 

ඔබ ඔබේ දත්ත ලබා ගත් පසු ගෑස්, සිල්ලර බඩු සහ බිල්පත් ගෙවීම් වැනි වියදම් අනුව වෙන වෙනම ගණනයන් සිදු කරන්න. එක් එක් මුදල එකතු කරන්න. ඔබ නිවැරදි බව සහතික කර ගැනීමට ඔබගේ ණයපත් සහ බැංකු ප්‍රකාශ භාවිතා කරන්න. එමෙන් ම කිසිවක් අමතක නොකරන්න. 

  1. ඉතිරිකිරීමට බජට් එකක් හදාගන්න. 

ඔබ මාසයක් තුළ වියදම් කරන දේ පිළිබඳ අදහසක් ඇති විට, එම වාර්තාගත වියදම් අනුව ඔබට ඉතිරිකිරීමට සහ අනෙකුත් වියදම් සඳහා අයවැයක් සකස් කරන්නට පටන් ගත හැකිය. ඔබ සකස් කරනා අයවැය ඔබේ ආදායම් සහ වියදම් සිදු කරන්නේ කෙසේදැයි යන්න පැහැදිලි ව ගෙනහැර දැක්විය යුතුය. එවිට ඔබට ඔබේ වියදම් සැලසුම් කළ හැකි අතර අධික වියදම් සීමා කළ හැකිය. මෝටර් රථ නඩත්තුව වැනි සෑම මසකම නොව නිතිපතා සිදු වන වියදම් කෙරෙහි අවධානය යොමු කිරීමට වග බලා ගන්න. ඉන්පසු ඉතුරුම් කාණ්ඩයක් ඇතුළත් කරන්න. උදාහරණයක් ලෙස ඔබේ ආදායමෙන් සියයට 10 සිට 15 දක්වා ඉතිරි කර ගැනීමට ඉලක්ක කරන්න. ඉතා කුඩා ප්‍රමාණයෙන් හෝ ආරම්භ කරන්න. 

  1. වියදම් අඩු කරන්නට උත්සාහ කරන්න. 

ඔබේ වියදම් ඔබට කැමති තරම් ඉතිරි කර ගත නොහැකි තරම් ඉහළ නම්, එය අඩු කර හැරීමට කාලය මේ විය හැකිය. විනෝදාස්වාදය සහ ආහාර ගැනීම වැනි ඔබට අඩුවෙන් වියදම් කළ හැකි අත්‍යවශ්‍ය නොවන දේ හඳුනා ගන්න. රූපවාහිනිය සහ ජංගම දුරකථනය වැනි ඔබේ ස්ථාවර මාසික වියදම් ඉතිරි කර ගැනීමට ක්‍රම සොයන්න.

එදිනෙදා අනවශ්‍ය වියදම් කපා හැරීම සඳහා අදහස් කිහිපයක් –

  • විනෝදාස්වාද වියදම් අඩු කිරීම සඳහා නොමිලේ හෝ අඩු වියදම් අවස්ථා සොයා ගැනීමට උත්සාහ කරන්න.
  • ඔබ භාවිතා නොකරන මාසික සේවා දායකත්වයන් සහ සාමාජිකත්වයන් අවලංගු කරන්න-විශේෂයෙන් ඒවා ස්වයංක්‍රීයව අලුත් වන්නේ නම් ඒ ගැන අවදානය යොමු කරන්න.
  • මසකට වරක් පමණක් ආහාර මිලදී ගැනීම සහ ගන්නා විට තොග මිලදී ගැනීම් සඳහා වට්ටම් ආදිය ලබා දෙන තැන් පිළිබඳ සැලකිලිමත් වෙන්න.
  • අත්‍යවශ්‍ය නොවන මිලදී ගැනීමක් සඳහා ඔබ පෙළඹෙන විට, දින කිහිපයක් මිලදී නොගෙන රැඳී සිටින්න. බොහෝ විට ඒ අවශ්‍යතාව පහව යනු ඇත. 
  1. ඉතිරිකිරීම් සඳහා අරමුණු සකසා ගන්න.

මුදල් ඉතිරි කිරීමට ඇති හොඳම ක්‍රමයක් නම් ඉලක්කයක් තබා ගැනීමයි. ඔබට ඉතිරි කිරීමට අවශ්‍ය දේ ගැන සිහින දැකීමෙන් මෙය ආරම්භ කරන්න. සමහරවිට ඔබ විවාහ වෙනවා, නිවාඩුවක් සැලසුම් කරනවා හෝ විශ්‍රාම ගැනීම සඳහා ඉතිරි කරනවා විය හැකියි. ඒ ගැන සිහින දකින්න. සිහිනය යථාර්ථයක් කරගන්නට වෙහෙසෙන්න. එහිදී ඔබට කොපමණ මුදලක් අවශ්‍ය වේද සහ එය ඉතිරි කර ගැනීමට ඔබට කොපමණ කාලයක් ගත විය හැකිදැයි සොයා බලන්න.

කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක සඳහා උදාහරණ කිහිපයක් හඳුනාගනිමු.

කෙටි කාලීන (අවුරුදු 1-3)

හදිසියකදී ගන්නට ඉතුරුම් (emergency fund)

නිවාඩුවක් සඳහා

මෝටර් රථයක් සඳහා මූලික ගෙවීම

දිගු කාලීන (වසර 4+)

නිවසක මූලික ගෙවීම හෝ අලුතින් කොටසක් එක් කිරීමට

ඔබේ දරුවාගේ අධ්‍යාපනයට

විශ්‍රාම ගැනීම නිසා

ඔබ විශ්‍රාම ගැනීම හෝ ඔබේ දරුවාගේ අධ්‍යාපනය සඳහා ඉතිරි කරන්නේ නම්, එම ආයෝජන ගිණුමකට දැමීම ගැන සලකා බලන්න. ආයෝජන අවදානම් සහිත වන අතර මුදල් අහිමි විය හැකි අතර, ඒවා වෙළඳපල වර්ධනය වන විට වර්ධනය සඳහා අවස්ථාව ද නිර්මාණය කරයි.

  1. ප්‍රමුඛත්වය හඳුනාගන්න. 

වියදම් සහ ආදායම් හඳුනාගැනීමෙන් පසුව, ඔබගේ ඉතුරුම් වෙන් කරන ආකාරය කෙරෙහි ඔබ සකසා ගත් ඉලක්ක විශාල බලපෑමක් ඇති කරයි. දිගුකාලීන ඉලක්ක පිළිබඳ ව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව මතක තබා ගැනීමට වග බලා ගන්න. නමුත් කෙටි කාලීන අවශ්‍යතාත් සමබර කරගන්න. ඔබේ ඉතුරුම් ඉලක්කවලට ප්‍රමුඛත්වය දෙන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. එවිට ඔබට ඉතිරි කිරීම ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් ඇත. උදාහරණයක් ලෙස, ඔබ නුදුරු අනාගතයේ දී ඔබේ මෝටර් රථය මාරු කිරීමට කිරීමට අවශ්‍ය බව ඔබ දන්නේ නම්, ඔබට දැන් සිට ම අලුත් එකක් සඳහා මුදල් ඉතුරු කිරීම ආරම්භ කළ යුතු ය. 

Related Articles

Don't Miss


Latest Articles