ගෙවත්තට පුංචි එළවළු උයනක්

ගෙදරට එදිනෙදා අවශ්‍ය කරන එළවළු ටික ගෙවත්තෙම වවා ගන්න පුළුවන් නම් වස විස නැති ආහාර වේලක රස බලන්න පුළුවන්. ඒ වගේම එළවළු මිල ටිකක් ඉහළ මේ කාළයේ ආර්ථිකයටත් මේ වගේ දෙයකින් ලැබෙන්නේ සහනයක්.ගෙවත්තේ හොඳින්ම හිරු එළිය වැටෙන ස්ථානය තමයි මේ සඳහා තොරා ගත යුත්තේ. අඩුම තරමේ දවසේ පැය හයක්වත් තොරා ගත්ත ස්ථානයට හිරු එළිය වැටෙනවා නම් ඒක වැදගත්.

ඒ වගේම මේ ස්ථානයේ පස හොඳ තත්ත්වයේ තිබිය යුතුමයි. පෙහොර ගතිය ටිකක් මදි වගේ නම් කොල පෙහොර ගොම පොහොර නැතිනම් කොම්පොස්ට් පොහොර යොදලා පසේ සරු බව වැඩිකර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්ථානයට පහසුවෙන් ජල සැපයුම ලබා දෙන්නත් පුළුවන් වෙන්න ඕන.

එළවළු උද්‍යානයේ සිටවන පැළ වර්ග ගැන තමයි මීළඟට සැළසුම් කල යුත්තේ. උසික් වැඩෙන පැල සිටුවන ස්ථාන, මිටි පැළ වර්ග සිටුවන ස්ථාන, වැල් වර්ග සිටුවන ස්ථාන පිළිබඳව මුලින්ම සැලසුම් කර ගැනීම උද්‍යානය පිළිවෙලකට හදා ගන්න හරිම වැදගත්. මෙහිදි ගෙදරට අවශ්‍ය කරන තමන් පදිංචි ප්‍රදේශයේ පහසුවෙන් වවා ගත හැකි එළවළු වර්ග වල ගුණාත්මක බවින් ඉහළ ඇට වර්ග සිටුනීමට තොරා ගත යුතුයි. එළවළු වර්ග වලින් පැල කිහිපය බැගින් සිටුවා ගැනීම වැදගත්.

මෙහිදි ඉඩකඩ පිළිබඳව අවධානය යොමු කරනවා නම් විවිධ ක්‍රම උපයෝගී කර ගන්න පුළුවන්. පොහොර උරයකට පස් පුරවලා එහි ඉහළ සිට පහළට විවිධ පලා වර්ග සිටුවන්න පුළුවන්. ඒ වගේම උණ බම්බු , ප්ලාස්ටික් බීම බෝතල් වගේ දේවල්ද වගාව සඳහා යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඉවත දමන වලං , කැඩුනු වීල් බැරැක්කයක් උනත් මේ සඳහා යොදා ගන්න හැකියාව තියෙනවා. මේ විදහට එළවළු උද්‍යානයක් හදා ගත්තොත් එයින් ගෙවත්තට සුන්දරත්වයක්ද එකතු වෙනවා.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles