ප්ලාස්ටික් සැත්කම්වලින් අරුම පුදුම වෙස් ගත් අය

සෑම මිනිසෙකුටම පාහේ තමන්ටම අනන්‍ය වූ පෙනුමක්  තිබෙනවා. මේ පෙනුම ගැන සෑහීමකට පත් වෙන්නට අසීරු වූ විට විවිධ ක්‍රම අත්හදා බලන අය ඕනෑ තරම්. ප්ලාස්ටික් සැත්කම් ඉන් අතර ප්‍රධානයි. ප්ලාස්ටික් සැත්කමක් සඳහා මුදල් ද තිබිය යුතුම වෙනවා. ප්ලාස්ටික් සැත්කම් කරන්නට ගොස් කබලෙන් ලිපට වැටුණු ධනවතුන් කිහිප දෙනෙක් ගැනයි මේ.

Sahar Tabar

ඇය පර්සියානු ඉන්ස්ටග්‍රෑම් තරුවක්. ඇයට ෆලෝවර්ස්ලා විශාල සංඛ්‍යාවක් ද සිටිනවා.ඇය සමහර වීඩීයෝ ඉදිරිපත් කළේ ඇන්ජලීනා ජොලීගේ රූපයට සමාන රූපයක් පෙන්වන ලෙස වේෂ නීරූපණය කර ගනිමින්. සමහර ඡායාරූප වලදී ඇය පොටෝෂොප් ද පාවිච්චි කර තිබුණා. සාරා තවම 22 හැවිරිදි තරුණියක්. සොම්බි ඇන්ජලිනා ජොලී’ යනුවෙන් ඇය ප්‍රසිද්ධියට පත් වෙන්නට ගත්තේ ඇය විවිධ ප්ලාස්ටික් සැත්කම් ගණනාවක් කිරීම සහ ඒවා අසාර්ථක වී ඇයගේ ස්වරූපය බිහිසුණු වීම නිසා. සාරා මෑත කාලයකදී මේ රුව වෙනස් කිරීම සහ මූල්‍යමය සිදුවීමකට සිරගත වූ බවත් සඳහන්.

Jocelyn Alice Wildenstein

ප්ලාස්ටික් සැත්කම් හේතුවෙන් ඇගේ මුහුණ බළලෙකුගේ මුහුණට සමාන වී තිබෙනවා. Wildenstein ඇගේ මුහුණට රූපලාවන්‍ය සැත්කම් රාශියක් කර ඇති අතර ඇගේ බළල් පෙනුම නිසා මාධ්‍ය ආයතන විසින් ඇයව “Catwoman”, “The Lion Queen” සහ “The Bride of Wildenstein” යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනවා. ඇයගේ ස්විට්සර්ලන්ත උරුමය උපුටා දක්වමින් ඇය අධික ප්ලාස්ටික් සැත්කම් ප්‍රතික්ෂේප කරනවා. ඇය කියන්නේ ඒ ස්විට්සර්ලන්තයේ පෙනුම බවයි. නමුත් ඇයගේ ඇස් බළලුන්ට සමාන කිරීමට ඩොලර් මිලියන ගණනක ශල්‍යකර්මයකට ලක් වූ බව ඇය පසුව පිළිගත්තා.

Dennis Avner

ඔහු ව්‍යාඝ්‍රයෙකු මෙන් සිරුර දිස් වීමට ශල්‍යකර්ම 14ක් කරගත් අයෙක්. Stalking Cat ලෙසද හඳුන්වන ඩෙනිස්ගේ ශරීර වෙනස් කිරීම් බොහොමයක් සිදු කරන ලද්දේ ඇරිසෝනා හි චිත්‍ර ශිල්පියෙකු වන Steve Haworth විසින්. Stalking Cat ගේ මුහුණේ  පච්ච කෙටීමේ කාර්යය ආරම්භ කළ පළමු කලාකරුවා වූයේ කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ හි ලැරී හැන්ක්ස්, ඔහු 1985 දී වැඩ ආරම්භ කර තිබුණා.ඔහුගේ නාසය සමතලා කිරීම,ඔහුගේ තොල්, කම්මුල්, නිකට සහ ඔහුගේ මුහුණේ අනෙකුත් කොටස් වලට සිලිකන් එන්නත් කිරීම, ඔහුගේ ඉහළ තොල් දෙකට බෙදීම වැනි දේ මුහුණට කර තිබෙනවා.ඔහුගේ කන් ශල්‍යකර්මයෙන් හැඩගස්වා, ඔහුගේ කන් උල් කර ඔහුගේ කන් පෙති දිගු කර තිබෙනවා. රොබෝ වලිගයක් ද පැළඳ සිටින්නට ඩෙනිස් කටයුතු කරනවා. 

Jessica Alves 

ඇය Rodrigo Alves ලෙස උපත ලැබුවා.බ්‍රසීලියානු-බ්‍රිතාන්‍ය රූපවාහිනී පෞරුෂයක් වන ජෙසිකා පෙනුම වෙනස් කිරීම සඳහා ප්ලාස්ටික් සැත්කම් දුසිම් ගණනකට භාජනය වී තිබෙනවා. ඇයගේ සංක්‍රාන්තියට පෙර පිරිමියෙකු කාලයේ ඇයව බොහෝ විට හඳුන්වනු ලැබුවේ  කෙන් බෝනික්කාගේ සජීව ස්වරූපය ලෙසයි.

María José Cristerna

ඇයව The Vampire Woman ලෙස හෝ, ඇය කැමති පරිදි The Jaguar Woman ලෙස හඳුන්වනු ලබනවා. මෙක්සිකානු නීතීඥවරියක්, ව්‍යාපාරික කාන්තාවක්, ක්‍රියාකාරිනියක් සහ ටැටූ නිර්මාණ ශිල්පිනියක් වන ඇය ගෘහස්ථ හිංසනයට එරෙහි ක්‍රියාකාරීත්වයේ ආකාරයක් ලෙස ආරම්භ කරන ලද ඇගේ ශරීර වෙනස් කිරීම ආරම්භ කළා.ඇය ලොව වැඩියෙන්ම ටැටූ ඇති කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තා මගින් හඳුනාගෙන ඇති අතර, ඇගේ ශරීරයෙන් 96% ක්ම ටැටූවලින් ආවරණය කර තිබෙනවා. ඇය ටැටූ කලාවේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ පෞරුෂයක්.,

මේ අයගේ ශරීර ස්වභාවයන් ගැන සමාජයේ එතරම් පැහැදීමක් නැති බව සමහර ප්‍රතිචාරවලින් හැඟෙන අවස්ථා ද තිබෙනවා. එහෙත් තමන්ගේ ශරීරය රිසි පරිදි හැසිරවීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. නමුත් සමහර ප්ලාස්ටික් සැත්කම් නිසා නිකරුණේ පෙනුම විනාශ කරගත් අය ගැන නම් දැනෙන්නේ කනගාටුවක්. 

Related Articles

Don't Miss


Latest Articles