ඉන්දීය සිනමාවේ දුෂ්ටයාගෙන් දික්කසාද වූ බිරිද කියූ සංවේදී කතාව

ආදරවන්තයන් දෙදෙනෙක් වෙන් වීමට වඩා විවාහක යුවළක් වෙන් වීම අන් අයගේ කතාබහට ලක් වෙන සිදුවීමක් වෙනවා. එයට හේතු මොනවදැයි සොයා බලන්නට අති බහුතරයට උවමනා වීම එයට හේතුවක්. නමුත් එකිනෙකාට චෝදනා කර නොගෙන වෙන් වීමේ ගෞරවය රකින යුවළ ඕනෑතරම්.

 60 වැනි වියේ පසුවන නළු ආශිෂ් විද්‍යාර්ථි, මෑතකදී ඔහුගේ පළමු බිරිඳ වන පිලූ විද්‍යාර්ථිව දික්කසාද කර, රුපාලි බරුවා සමඟ විවාහ වුණා. ඔවුන්ගේ වෙන්වීම පිළිබඳ දැඩි කටකතා තිබියදී, පිලූ ඇයගේ නිශ්ශබ්දතාවය බිඳ දමා ආශිෂ් සමඟ ඇගේ විවාහ ජීවිතය සහ ඔවුන්ගේ වෙන්වීම ගැන සුන්දර සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නා.

“අපි 2021 දී වෙන් වුණා. මගේ ජීවිතයේ හොඳම කොටස තමයි අපි යුවළක් ලෙස එකට ගත කළ අවුරුදු 22. ආශිෂ්ගෙන් ඇහුවොත් – එයා කියන්නෙත් ඒකමයි. අපි අතර සමානකම් සහ වෙනස්කම් තිබුණත් අපි එකිනෙකාට වෙනස් කියලා කවදාවත් චෝදනා කළේ නැහැ. අපේ පුතා දැන් ටෙස්ලා ආයතනයේ වැඩ කරනවා – ඒ ගෞරවය ඔහුගේ පියා ආශිෂ්ට හිමි වෙනවා. ඔහු හොඳ පියෙක්, හොඳ මාර්ගෝපදේශකයෙක් සහ අපේ පුතාට හොඳ උපදේශකයෙක්. සාමාන්‍යයෙන්, දරුවෙක් හැදී වැඩීමේ වගකීම මව්වරුන් සතු නමුත් අපගේ පවුලේදී, අපේ පුතා ශ්‍රේෂ්ඨ මිනිසෙකු හා සාර්ථක වෘත්තිකයෙකු ලෙස ඇති දැඩි කිරීමේ ප්‍රධාන කාර්යභාරය ආශිෂ් බාර ගත්තා.

අවුරුදු 22ක් සතුටින් විවාහ වෙලා අපි දැන් දික්කසාද වුණේ ඇයි කියලා ඔබ අහන්න පුළුවන්. අපි අපේ ජීවිතය ගත කළේ අපේ පුතාව ඇති දැඩි කිරීමටයි. දැන් ඔහු විදේශගතව සිටින නිසා, අපට අප ගැන සිතීමට සහ අප කිරීමට අදහස් කරන දේ, පුද්ගලයන් වශයෙන් සාක්ෂාත් කර ගැනීමට කාලය ඇවිල්ලා. ආශිෂ් මට අවශ්‍ය දේ කිරීමට ඉඩ නොදෙන සාමාන්‍ය සැමියෙක් නෙවෙයි – ඔහු සැමවිටම මට සහයෝගය දක්වන්නෙක්. නමුත් අපගේ අනාගත සැලසුම් වෙනස්, අපගේ ජීවිත කාලය පුරාවටම පුද්ගලයන් වශයෙන් අපට සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දේ වෙනස්. තනි තනිව අපි ගැන කවදාවත් හිතුවේ නැති නිසා මේ අවුරුදු ගණනාව පුරාම අපට වෙන්වීමේ අවශ්‍යතාවයක් දැනුණේ නැහැ.

නමුත් දැන් අපට සිතන්නට කාලය ඇවිල්ලා. අපගේ පුතා ඇති දැඩි කිරීම සඳහා අපට සම්මුතියක් ඇති කර ගත යුතු නැහැ. ඔහුට දැන් ඔහුගේම ජීවිතයක් තියෙනවා. පුද්ගලයන් වශයෙන්, අපගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා අපගේ ආශාවන් සහ අවශ්‍යතා සපුරාලීමට අපට අයිතියක් තියෙනවා. ඉතින් අපි වෙන් වුණා.

විවාහ ජීවිතය ගැන සිතන විට අපි එකට සිටීම ගැන සිතනවා අපි අපගේ ආශාවන් සහ අවශ්‍යතා සම්මුති කර ගන්නේ එකට සිටීමට පමණයි. යුවලක් ලෙස සිටීමට අප කරන පෞරුෂ කැපකිරීම් සහ මූල්‍ය පරිත්‍යාග තියෙනවා.නමුත් එය තවදුරටත් අවශ්‍ය නොවන බව අපට වැටහුණා. ඉතින් මම අප වටා තිබූ මිදීම ඉවත් කර ආශිෂ්ගෙන් දික්කසාදය ඉල්ලුවා. ඔහු කිව්වා ඔව් මම කැමතියි කියලා. ඔහු මට අවශ්‍ය දේ තේරුම් ගෙන මට අවශ්‍ය දේ ලබා ගැනීමට මට උදව් කළා. ඔහු මට මේ දික්කසාද ක්‍රියාවලිය පහසු කළා. රණ්ඩු දබර තිබුණේ නෑ. දොස් කීම හෝ ලැජ්ජාවට පත් නොවී එය කිරීමට ඔහු මට උදව් කළා, දික්කසාදය විසඳා ගැනීමට මා සමඟ සිටින්නට ඔහු වග බලා ගත්තා

ඔහු නැවත විවාහ වුණේ ඔහුට ජීවන සහකරුවෙකු අවශ්‍ය වූ බැවින්. ඒත් මගේ ජීවිත ඉලක්ක වෙනස් නිසා මම නැවත විවාහ වෙන්නේ නැහැ. මට ආයෙත් විවාහ වෙන්න අදහසක් නැහැ. මම මගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ විශිෂ්ට දියණියක්, ආදරණීය බිරිඳක් සහ වගකිවයුතු මවක් ලෙසයි.දැන් මම මගේ ජීවිතය මට අවශ්‍ය ආකාරයට සැලසුම් කරමින් ඉන්නවා.

මෙය කීර්තිමත් පුද්ගලයන්ගේ දික්කසාදය සම්බන්ධයෙන්  මෑතකදී හමු වූ වඩාත්ම පරිණත සහ ගෞරවනීය සම්මුඛ සාකච්ඡාවක් හරියටම කිවහොත්, දරුවන් වැඩුණු පසු යුවලක් දික්කසාද වීමට හේතු කිහිපයක් මෙහි සඳහන්.

යුවළක් වෙන් වන්නේ එකිනෙකා කෙරෙහි අප්‍රසාදයෙන් හෝ වෛරයෙන් ම නොවේ. ඔවුන්ට අනන්‍ය වූ හේතු තිබෙන්නට පුලුවන්. පිලූ බරුවා හෙළි කරන්නේ ඒ සර්ව සාධාරණ කතාන්දරය මිස වෙන කිසිවක් නොවේ

Related Articles

Don't Miss


Latest Articles