බාතෲම් එකේ පැල්ලම් යවන හරිම ක්‍රමය

නාන කාමරයේ වීදුරු දොරවල්වල තද පැල්ලම් ඇති වීම ඔබට මහත් ගැටලුවක් වෙන්නට ඇති. නාන කාමරයේ ඇති වීදුරු දොරවල් විතරක් නෙවෙයි.කණ්නාඩි මත පවා පැල්ලම් ඇති වෙනවා. මේවා නාන කාමරයට අප්‍රසන්න පෙනුමක් අරන් එනවා. මොනතරම් සුද්ධ කරලා මොනතරම් ලස්සනට තිබ්බත් මේ වාගේ පුංචි දේවල් අපිව සෑහෙන්න පීඩනයට පත් කරනවා.මේ වීදුරු මත ඇති තද පැල්ලම් මකා දමන සරල ක්‍රමයක් ගැන තමයි අපි අද ඔබට කියන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • Squeegee එකක්
  • පරණ පිරිසිදු රෙදි කැබැල්ලක්
  • Microfiber රෙදි කැබැල්ලක් 
  • පරණ දත් බුරුසුවක්
  • පොඩි භාජනයක්
  • රබර් ග්ලවුස් 
  • පිරිසිදු කිරීමට ගන්නා කෙඳි බුරුසුවක්
  • සුදු විනාකිරි
  • ආස්‍රත ජලය
  • දෙහි යුෂ
  • බේකින් සෝඩා
  • ලුණු
  • ස්ප්‍රේ කරන බෝතලයක්

පිරිසිදු කර ගන්නා ආකාරය

ස්ප්‍රේ කරන බෝතලයකට විනාකිරි සහ දෙහි යුෂ ද ආස්‍රත ජලය ද එකතු කරගන්න.

ඒවා  පැල්ලම් ඇති තැන්වලට ඉස ගන්න.හොඳින් තෙත් කර විනාඩි තිහක් පමණ තබන්න

කෙඳි බුරුසුව සහ Microfiber රෙදි කැබැල්ලෙන් හොඳින් පිස දමන්න.

දත් බුරුසුවෙන් තද පැහැති පැල්ලම් අතුල්ලා ගන්න.

ඉන්පසු වතුර දමමින් Squeegee එකෙන් හොඳට පිරිසිදු කරගන්න.

දැන් සාමාන්‍ය පැල්ලම් සියල්ල ඉවත් වී අවසන්.තද පැල්ලම් ඉවත් කළ යුතුයි.තද පැල්ලම් වලට විනාකිරි ආලේප කර විනාඩි තිහක් තබා රෙදි කඩකින් තදින් පිස දමන්න.එය සාර්ථක නොවේ නම් මේ ක්‍රමය අනුගමනය කරන්න

භාජනයකට වතුර,බේකින් සෝඩා එකතු කරගෙන පේස්ට් එකක් සාදා ගන්න.

රෙදි කඩකින් හෝ බුරුසුවෙන් ඒවා පැල්ලම් මත ආලේප කරන්න.

එයට විනාකිරි ස්ප්‍රේ කරන්න

වියලෙන්නට තබා නැවත ජලයෙන් තෙත් කර පිස දමන්න.

ඔබ නාන කාමරය පාවිච්චි කළ පසු වීදුරු පිස දැමීම සහ නිතරම වියළිව තබා ගැනීම මේ පැල්ලම් ඇති නොවෙන්නට එකම හේතුවයි. බොහෝ වෙලාවට නාන කාමරය පිරිසිදු කිරීම ගැන කියද්දී අපි නිතරම කියන කාරණාව මතක තියා ගන්න.

හැමතිස්සෙම බාත් රූම් එක වතුර ඉහිරවන්නේ නැතුව වියළිව තබන්න.

Related Articles

Don't Miss


Latest Articles