චියා බීජ වලින් බර අඩු කරගන්නේ මෙහෙමයි

අද අපි ඔබට කියන්න සූදානම් වන්නේ බර  අඩු කර ගැනීම සඳහා ඔබට ඉතා පහසුවෙන් ම භාවිතා කරන්නට පුළුවන් විශ්මිත බීජ වර්ගයක් ගැනයි. ඒ තමයි චීයා බීජ. ඕනම සුපිරි වෙළෙද සැලකින් ලබාගන්න පුළුවන් මේ චියා සීඩ්ස් බර අඩු කර ගැනීම සඳහා භාවිතා කර ගැනීමට ඉතාම පහසු ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඉතින් මේ විශ්මිත බීජ වර්ගය ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ .

චියා බීජ වල ( 100g) අඩංගු පෝශ්‍ය පදාර්ථ මොනවද ?

ජලය: 6%

ප්‍රෝටීන් : 16.5g

කාබෝහයිඩ්රේට්: 42.1g

සීනි: 0g

තන්තු: 34.4g

මේදය: 30.7g

ඔමේගා-3: 17.83g

ඔමේගා-6: 5.84g

මීට අමතරව ,

මැංගනීස් , පොස්පරස් , තඹ , සෙලේනියම් ,යකඩ  , මැග්නීසියම් සහ කැල්සියම් යන විටමින් සහ ඛනිජලවණ ද චියා බීජ වල අඩංගු වෙනවා.

චියා බීජ වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවාද ? 

  • රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කිරීම 
  • ශරීරයට අවශ්‍ය තන්තු ප්‍රමාණය ලබා දීම 
  • හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම 
  • අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම
  • මල බද්ධය වැලැක්වීම 
  • පිළිකා අවදානම අඩු කිරීම 

චියා බීජ බර අඩු කර ගැනීම සමග සම්බන්ධ වෙන්නේ කොහොමද ? 

චියා බීජ පෝෂ්‍ය පදාර්ථවල බලාගාරයක් ලෙස හැඳින්වෙනවා. එහි ඉහළ තන්තු අන්තර්ගත ය බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියට සෘජුවම සහාය වනවා. තන්තු මගින් ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලිය ඉතා හොඳින් වැඩි දියුණු කරන අතරම , තන්තු බහුලව ආහාරයට ගැනීම ඔබේ තෘප්තිමත් භාවය වැඩි කරනවා. මෙය ඔබට නිතර කුසගිනි දැනීම වලක්වන අතර ඔබ නිතර ආහාර ගැනීමත් වළක්වනවා. මේ මගින් ඔබේ බර වැඩිවීම පාලනය කරනවා. 

දෛනිකව ලබා ගත යුතු චියා බීජ ප්‍රමාණය කොපමණද ? 

ඔබේ දෛනික පරිභෝජනය සඳහා චියා බීජ ග්‍රෑම් 20 පමණ භාවිතා කිරීම ප්‍රමාණවත්. එම ප්‍රමාණය කුඩා යැයි හැඟෙන නමුත් ඒ කුඩා ප්‍රමාණය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ අසීමිතයි 

බර අඩු කර ගැනීම සඳහා චියා බීජ භාවිතා කළ හැකි ක්‍රම මොනවාද ?

  • චියා පුඩින් වර්ග
  • පලතුරු සමඟ
  • කැඳ , යුෂ වර්ග සහ ස්මූතීස් වලට එකතු කර
  • සලාද වලට එකතු කර
  • ජලය සමග දවස පුරා පානය කිරීම 

චියා බීජ පානය කළ යුතු දවසේ හොඳම වේලාව කුමක්ද ?

බොහෝමයක් පෝෂණවේදීන් නිර්දේශ කරන ආකාරයට චියා බීජ පානය කිරීමට සුදුසුම කාලය වන්නේ උදෑසනයි. නමුත් ඔබට භාවිතා කරන වතුර බෝතලයට චියා බීජ එකතු කර දවස පුරා පානය කිරීම ද කළ හැකියි. 

බර අඩු කර ගැනීමට චියා බීජ රෙසිපි

චියා පුඩින්

Best Chia Pudding Recipe - How To Make Chia Pudding

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ආමන්ඩ් කිරි කෝප්ප 2 
  • චියා බීජ තේ හැඳි 2 
  • කුරුඳු කුඩු ස්වල්පයක් 
  • මී පැණි තේ හැඳි 1
  • බ්ලූබෙරි 
  • ස්ට්‍රෝබෙරි 

සකසන ක්‍රමය 

  • වීදුරු භාජනයකට කිරි කෝප්ප 2 එකතු කරන්න
  • මෙයට චියා බීජ , කුරුඳු කුඩු සහ මීපැණි එකතු කර කලවම් කරන්න.
  • එක රැයක් ශීතකරණයේ තබා පසුදින එය උඩින් බ්ලූබෙරි සහ ස්ට්‍රෝබෙරි එකතු කර ආහාරයට ගන්න

බෙරි සහ චියා ස්මූති

Mix Berries - Chia Seeds Smoothie - Shikha Diet

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ශීත කල බෙරි වර්ගයක්
  • ආමන්ඩ් කිරි හෝ නැවුම් එළකිරි 
  • රස නොකල යෝගට් කෝප්ප භාගයක්
  • චියා බීජ තේ හැඳි 1

සකසන ක්‍රමය

හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න . අවශ්‍ය නම් අයිස් එකතු කරන්න 

චියා බීජ සමග පලතුරු සලාද

Strawberry-Chia Fruit Salad | Nourishing Meals®

අවශ්‍ය ද්‍රව්‍ය 

  • චියා බීජ තේ හැඳි 2 
  • පොල් කිරි කෝප්ප 1/4
  • මී පැණි තේ හැඳි 2
  • කැමති පලතුරු වර්ග තුනක් හෝ හතරක්

සකසන ක්‍රමය

  • බඳුනකට පොල්කිරි , මී පැණි සහ චියා බීජ එකතු කර පැයක් පමණ තිබෙන්නට හරින්න
  • සියළුම පළතුරු අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන චියා බීජ සහ පොල්කිරි පොල් කිරි මිශ්‍රණය එකතු කරන්න 

චියා බීජ සහ ඩිටොක්ස් වතුර

Internal Shower Drink: Benefits of Chia Seeds, Lemon Water for Constipation  and Bloating

අවශ්‍ය ද්‍රව්‍ය

  • චියා බීජ තේ හැඳි 2 
  • මින්ට් කොළ කිහිපයක් 
  • ලෙමන් යුෂ ස්වල්පයක් 
  • මීපැණි ස්වල්පයක්

සකසන ක්‍රමය

  • සියලුම අමුද්‍රව්‍ය වතුර බෝතලයකට එකතුකර පැය දෙකක් පමණ තිබෙන්නට හැර පානය කිරීම ආරම්භ කරන්න. 

ශරීරයේ බර අඩු කර ගැනීම තවදුරටත් ගැටලුවක් නොවේ. චියා බීජ භාවිතා කිරීම මගින් ඔබට ඉතා පහසුවෙන් ඔබේ බර අඩු කර ගන්නට පුළුවන්. නමුත් මේ සඳහා සමබර ආහාර වේලක් වගේම ව්‍යායාම කිරීමත් අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles